EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Athena (2022) | “ඇතීනා”

(Athena (2022) Sinhala Subtitles) (Athena (2022) Sinhala Sub)

Netflix වෙබ් අඩවියෙන් 2022 සැප්තැම්බර් 23 වෙනිදා නිකුත් වුණ Action, Drama කාණ්ඩයේ film එකක්. IMDb දර්ශකයේ 6.8 ක අගයක් සහ Rotten tomatoes 85%ක අගයක් ලැබිලා තියෙනවා.Film එක ගැන කිව්වොත් ඇල්ජීරියානු මුස්ලිම් සහ අප්‍රිකානු අය වෙනුවෙන් වෙන් වුන ප්‍රදේශයක් තමා ප්‍රංශයේ ඇතීනා කියන්නේ. අසල්වාසි රටවල් වල අය තමයි මේ නිවාස වල පදිංචි වෙලා ඉන්නේ.මේවා මහල් නිවාස විදහට තියෙන්නේ. මේ කතාව ⁣ඇතීනා වල ජීවත්වෙන ඇල්ජීරියානු සම්භවයක් තියෙන සහෝදරයන් හතර දෙනෙක් වටා ගොඩ නැගෙනවා.මොක්තාර්, අබ්දෙල්, කාරිම් සහ ඉඩිර්.

ඉඩිර් මේ හතර දෙනාගෙන් අවුරුදු 13ක බාලම සහෝදරයා පොලිසියේ දෙන්නෙක් කරපු පහර දිමකින් මැරෙනවා. වීඩියෝ එක සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා. පොලිසියටත් මේ ගැන හොයාගන්න බැරි වෙනවා. මාධ්‍ය වලින් කියන්නෙත් පොලිසිය මේ ප්‍රශ්නය හංගනවා කියලා. ඇතීනා වල මිනිස්සු හිතන්නෙත් පොලිසිය මේ ගැන හොයන එක හිතාමතා මඟ අරිනවා කියලා.මේ නිසා කුපිත වෙන ඉඩිර් ගේ තුන්වෙනි අයියා කාරිම් ඇතීනාවල තරුණ අය එකතු කරගෙන ඇතීනා පොලිසියට කඩා වැදිලා ආයුධ සේරම හොරකම් කරනවා.

පැනලා යන්නෙත් පොලිසියේ වාහන වලින්මයි. ඇතීනා වල සිවිල් යුද්ධයක් පටන් ගන්නේ මෙතනින්. දෙවෙනි සහෝදරයා අබ්දෙල්, එයා ප්‍රංශයේ හමුදා නිළධාරියෙක්.අබ්දෙල් මෙහෙයුමකට ගිහින් මාලි වල ඉඳන් එනවා.එයා ඒ වෙලාවේ ප්‍රශ්නය සාමකාමීව විසඳන්න බලනවා.කාරිම් , එයාගේ සහෝදරයා මරපු එකේ පළිය ගන්න උත්සහ කරනවා. ලොකුම අයියා මොක්තාර් කියන්නේ කිසිම දෙයක් ගනන් ගන්නේ නැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්. එයා වද වෙන්නේ එයාගේ බිස්නස් ගැන විතරයි.වර්ගවාදය සහ අනවබෝධය නිසා ඇතිවෙන විනාශයක් මේ Film එකෙන් බලාගන්න පුළුවන්.

Comments