CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2848 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 03, 2023India121 Min.
Your rating: 0
8.5 11 votes
Ayothi (2023) | “අම්මා”

සීතා රාමම් එකේ රාම් මැරුණම දුක හිතුනෙත් නෑ..
කලර් ෆොටෝ එකේ ජයික්‍රිෂ්ණා මැරුණට දුක හිතුණෙත් නෑ..
දියා එකේ මරණ වලට දුක හිතුනෙත් නෑ…
ශිද්දත් එකේ ජග්ගි මැරුනත් දුක හිතුන් නෑ.
ඒත් මේ චිත්‍රපටයට සංවේදී වුනා.

හායි යාළුවනේ මං අද මේ අරන් ආවේ, මං මේ අවුරුද්දෙ බලපු හොඳම ඉන්දියානු චිත්‍රපටය. (මට අනුව) කතාවෙ ආරම්භයේ සිට අවසානය දක්වාම එකම ෆීලින් එකක තියාගන්න සමත් වුන චිත්‍රපටයක් මේක. අහම්බෙන් හරි මේ උපසිරැසිය කරන්න ලැබුණ එකට මට ෆට්ටම සතුටුයි.

ගොඩක් අයට තාත්තා ලොකු ඇති…. ඒත් මටයි මේ චිත්‍රපටයේ අයටයි නම් එහෙම නෑ. ආසම නැති චරිතයක් තමයි ඒ. සමහර පවුල් තියෙනවා මූ (පියාව) මැරුණ දවසට තමයි අපේ පවුලට හරියන්නෙ කියලා කියන. අන්න එහෙම පවුලක කතාවක් මේක.

බල්‍ රාම් (පියා), ජානකී (මව), ශිවානී (දුව), සෝනු (පුතා) කියන්නේ එක්තරා පවුලක්. බල් රාම් කියන්නේ වෙන ආගම් වලට ගරුවක් නැති තමන්ගෙ ආගමට පමණක් දැඩිව ඇලී සිටින කෙනෙක්. එය නෙවෙයි කාරණේ.. බල් රාම් කියන්නේ දැඩි කෙනෙක්.. ගෑණී ළමයි ගැන ලොකු තැකීමක් නැති නරුමයෙක්.

ආ කියන්න බැරි වුනා. මෙයාලා හින්දි පවුලක්. එයාලගෙ ආගමට අනුව ගොඩක් දේවල් වෙනස්. නීති වැඩියි. ඉතිං මෙයාල දවසක් පවුලෙ හැමෝම රාමේෂ්වරම් වලට වන්දනා ගමනක් යන්න පිටත් වෙනවා. මොවුන් නොදන්නා නගරයක්, නොදන්නා භාෂාවක් තමයි රාමේෂ්වරම් වල තියෙන්නෙ. රාමේශ්වරම් දියෙන් ස්නානය කලහම මේ පියාගේ ස්වභාවය වෙනස් වේවි කියන එකම සිතුවිල්ලෙන් මේ පවුලේ අම්මයි දුවයි පුතයි අර බල් රාම් එක්ක මේ ගමන එනවා.

ඉතිං මේ ගමනෙදි මෙයාලට ලොකු ඇබැද්දියක් වෙනවා. ඒ එක්ක කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ගල් හිත් පවා උණු වෙන ජාතියේ චිත්‍රපටයක් වනු නියතයි මේක! ගල් වලත් මල් පිපෙනවලුනේ.

මං මේ චිත්‍රපටයේ ආසම ඩයලොග් එක මෙන්න මේක.

– ඔයාගෙ නම මොකක්ද?
– ……………….. (උත්තරය)

ඒ උත්තරේ ගොඩක්ම දැනුනා. කථාව මීට එහා කියන්නෙ නෑ මම. ප්ලීස් ට්‍රේලර් එකක්වත් නොබල මේක බලන්න.
මං මේක බලන එක පහු කලේම මේ නළුවගෙ පහුගිය ෆිල්ම් නිසා. සාමාන්‍යෙන් කැත්ත එක්ක ජීවත් වෙන මේ නළුවා
මේකේ අපූරු රංඟනයක නිරත වෙනවා. ඒකත් ෆිල්ම් එක දැණුනෙම අපිට ප්‍රධාන නළුවා මුල් පැය හාගෙදිම ඕන නොවුන නිසා. නළුවා ගැන අමතකම වෙයි මුලදි.

මං මේ ෆිල්ම් එක බලලා ලහිරු අයියගෙන් ඇහුවා, මේ චිත්‍රපටයේ කොහේම හරි සත්‍ය කථාවක් ඇසුරින් කියලා තියෙනවද කියලා. ඒත් පස්සෙ මං ඊටත් ටික දවසකට පස්සෙ ෆිල්ම් එකේම තිබිලා දැක්කා “Based On True Events” කියලා. ඒ නිසා හිතට මොකක්දෝ නොතේරෙන දුකක් තව එකතු වුනා.

මං ෆිල්ම් එක පාන්දර 1ට බලල ඉවර වෙලා එහෙම්ම සබ ගහන්න පටන්ගත්තා ආපු ආවේගෙට. ෆිල්ම් බලලම ඉගෙනගත්තු දෙමළ සියල්ලම පාවිච්චි කරලා ගැහුවා. මුළ ඔක්කොම හින්දියෙන් යන නිසා ලොකු අවුලක් වුනෙ නෑ. ඒ වගේම සිංදු ඔක්කොමත් දන්න ලෙසින් ගැහුවා.

ඉතිං ඔයාල අනිවාරෙන්ම බලන්නම ඕනේ මේ ෆිල්ම් එක නම්.

Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (Zoomlk)
IMDb 8.5 /10 882 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Jaat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vichitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Organic Mama Hybrid Alludu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
From Prada to Nada (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hero (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singh Saab the Great (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Killers of the Flower Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kal Ho Naa Ho (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eye for an Eye 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadavul Irukaan Kumaru (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published