CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ballistic: Ecks vs. Sever (2002) Sinhala Subtitles

බටහිර ඇක්ෂන් සිනමාවට ලැදි බොහෝ දෙනෙක් දන්න නමක් තමයි, Lucy Liu කියන්නෙ. 1992 වසරේ හොංකොං නිෂ්පාදනයක් වූ Rhythm of Destiny චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ ඇය ජැකී චෑන්ගේ Shanghai Noon [2000], Charlie’s Angel [2000 / 2003] චිත්‍රපට ද්විත්වය සහ Kill Bill vol.1 [2003] යන චිත්‍රපට වලින් රසික හදවත් තුල ලැගුම් ගත් චීන සම්භවයක් ඇති ඇමරිකානු රංගන ශීල්පිනිය ඔයාලට මතක ඇතුවා නිසැකයි. ඒ වගේම තවත් ජනප්‍රිය ස්පාඤ්ඤ නලුවෙක් තමයි José Antonio Domínguez Bandera කියන්නෙ. හැබැයි කවුරුත් දන්නෙ Antonio Banderas කියලා. Interview with the Vampire (1994), Desperado (1995), Assassins (1995), Evita (1996), The Mask of Zorro (1998), Original Sin [2001], Once Upon a Time in Mexico [2003] කියන්නෙ ඔහුගේ ජනප්‍රියම චිත්‍රපට කීපයක්. ඉතින් මේ තරු දෙක එකට පෑයූ සිනමා පටයකට තමයි මෙවර උපසිරැසිය අරගෙන එන්නේ. ඒ තමයි Ballistic Ecks vs. Sever. මුලින්ම තිරගත වුනේ 2002 සැප්තැම්බර් 20 දින ඇමෙරිකාවේදී. රට වල් තුනක සම නිෂ්පාදකත්වයකින් තමයි නිර්මාණය වුනේ. ඒ තමයි ජර්මනිය, කැනඩාව සහ ඇමරිකාව. Action, Crime, Mystery, Sci-Fi, Thriller යන ශානරයන්ට අයිති වෙන මෙය විනාඩි 91 ක ධාවන කාලයකින් යුක්තයි. Lucy Liu (සේවර්) සහ Antonio Banderas (ජෙරමියා එක්ස්) සමගින් Gregg Henry (ගැන්ට්), Talisa Soto (වින්) සහ Ray Park (රොස්) රංගනයෙන් එකතු වෙනවා.
ඇමෙරිකාවේ Defense Intelligence Agency (DIA) හී ප්‍රධානී රොබට් ගැන්ට්ගේ පුතාව අද්භූත කාන්තාවක් විසින් පැහැරගන්නවා. ඇය නමින් සේවර්. ඒ ගැන්ට්ගේ ආරක්ෂක කණ්ඩායමට දරුණු ප්‍රහාරයක් එල්ල කරලා. තම බිරිඳ කාර් බෝම්බයකින් මිය ගියාට පස්සෙ තම සංවිධානය අතහැර ගොස් සිටින, FBI ඒජන්ට් ජෙරමියා එක්ස්ව, ඔහුගේ ප්‍රධානියා වන ජූලියෝ මාටින් විසින් නැවත කැඳවනවා. ඒ ගැන්ට්ගේ පුතාගෙ සිද්ධිය ගැන පරීක්ෂණය කරන්න. එහිදී ජූලියෝ විසින් වැදගත් දෙයක් ගැන එක්ස්ට අනාවරණය කරනවා. ඒ එක්ස්ගේ බිරිඳ වන වින් ජීවතුන් අතර සිටින බවට ඔප්පුවෙන හඬ පටයක්. තමා දෑසින් දුටු ඒ මරණය බොරු වෙන්නෙ කොහොමද? එතකොට මේ සේවර් කවුද? ඇයට ගැන්ට් එක්ක තියෙන ප්‍රශ්නය මොකක්ද? සියලු ප්‍රශ්න වලට පිළිතුර – Ballistic Ecks vs. Sever. කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියල නම් මතක් කරල කියන්න ඕනෙ.

Comments