CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2811 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Bayama Irukku (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bayama Irukku (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 22, 2017India122 Min.
Your rating: 0
9 3 votes
Bayama Irukku (2017) | කොතනක සිටියත් මා මළ පසු, මගෙ ලග තනියට ඉනු මැනවී

ඔයා ගොඩක් ආදරය කරන කෙල්ල මැරිල කියල හිතුනොත් මොනවගේ දෙයක්නම් ඔයාට දැනෙයිද..?

ඔයාගෙ ඒ ආදරය කරපු කෙල්ල මැරිල නෑ කියල ඔයා තාමත් හිතවනම්.

එයා එක්ක ජීවත් වෙනවනම්…

එයා එක්ක කථා කරනවනම්..

ඇත්තටම එහෙනම් පිස්සුද…

නෑ….ඒ තමයි ආදරය කියන්නේ..

ආදරය වැඩිකෙනෙක්ට ඒ වගේ දෙයක් දරාගන්න බෑ..

ඇත්තටම එයා විශ්වාස කරන් නෑ එයාගේ ආදරය එයා ලග නෑ කියලවත්,

ඒක තමයි ආදරය…

පණ පිටින් ඉන්න අයත් එක්ක

මැරුණ අයට ජීවත් වෙන්න බෑ..

ගමේ අය විරුද්ධ වුණත්. යාළුවන්

මගෙන් ඈත් වෙලා ගියත්…

මම ඔයා එක්කම ඉන්නවා..

බෑ ජෙයි..

– එහෙම නම් මමත් මැරෙනවා..

ඔයා ජීවත් වෙන්න ඕනේ..

මැරිලත් එකට ජීවත් වෙන්න හිතනවා..

මේ මොන වගේ ප්‍රේමයක් ද.?

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යුද්ධය මතක ඇතිනෙ කට්ටියට. සමහරුන්ටනම් දැන් ඉතින් ඒක මතකවත් නැතුව ඇති.කොහොමෙන් හරි ඔන්න මේ ෆිලුම පටන් ගන්නෙම අපේ රටේ යාපනයේ සීන් එකකින්. මේක 2017 වර්ෂයේදී තිරගත වූ සිනමා සිත්තමක්. Bayama Irukku (2017) කියපුවමා මේකෙන් කියවෙන්නේ බය තියෙනවා, බියජනකයි වගේ. මේක ටිකක් මං කලින් ලබා දුන්න උපසිරසි වලට වඩා ටිකක් වෙනස් චිත්‍රපටයක්.චුට්ටක් පරණ වුනාට ලස්සන ආදර කතාවක් තියෙන චිත්‍රපටයක්.

2013 වර්ෂයේ තිරගත වුන Pee Mak කියන තායි සිනමා පටය අනිවාර්යෙන්ම නරඔලා ඇති කියල මම හිතනවා. ඉතින් අද මම අරගෙන ආවේ එහි ප්‍රතිනිර්මාණයක් විදිහට නිර්මාළුය කරපු දමිළ සිනමා පටයයි. ජවහර් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද 2017 ඉන්දියානු දෙමළ ත්‍රාසජනක, විකට චිත්‍රපට ඝණයට අයත් වන මෙම චිත්‍රපටයේ සන්තෝෂ්, ප්‍රතාප් සහ රේෂ්මි මෙන්ම ප්‍රධාන චරිත නිරූපණය කරන අතර කෝවායි සරලා, රාජේන්ද්‍රන්, භාරනි, ජගන් සහ ලොලු සභා ජීව සහාය චරිත නිරූපණය කරයි. මහේන්ද්‍රන් විසින් සංස්කරණය කරන ලද සී. සත්‍ය විසින් සංගීතය සපයන ලදී. මෙම ත්‍රපටය නිෂ්පාදනය ආරම්භ කරන ලද්දේ 2015 අග භාගයේ වුවත් ප්‍රමාදයක් නිසා එය 2017 සැප්තැම්බර් 22 වන දින නිකුත් විය.

ජේ (සන්තෝෂ් ප්‍රතාප්) ලංකාවට එන්නේ ඇගේ බිරිදගේ ලේකා (රේෂ්මි මෙනන්) දෙමව්පියන් හමු වී තම බිරිද දරු ප්‍රසුතියෙන් සිටින බැවින් ඔවුන්ව ඉංදියාවට කැදවාගෙන යාමටයි. ලේකා යාපනයේ කාන්තාවකි. ජේ ලේකාව විවාහ කර ගනිමින් ඉංදියාවේ වාසය කරයි. ජේ තම බිරිදගේ දරු ප්‍රසුතිය නිසා ඇගේ දෙම්පියන් ඇය ලග සිටියානම් වඩාත් හොදයි සිතා ජේ ලංකාවට පැමින ඇත. ලංකාවට පැමිණි ජේ හට මුහුණ දීමට සිදු වන්නේ යාපනයේ යුද්ධයට මැදි වීමටයි. දිනක් ඔහු යුද්ධයට හසුවී සිටි හතර දෙනෙකු බේරාගනී. ජේ හට පසුව දැන ගන්නට ලැබෙන්නේ කිළිනොච්චි කදවුරේදී තම බිරිදගේ මව මිය ගිය බවයි. ඔහු ලංකාවට පැමිණ මාස 4 ක් ගත වී ඇති බවත් , ඔහුගේ බිරිදට මේ වන විට තම දරුවා උපත ලබා ඇති බවත්, ඔහු විසින් බේරා ගන්නා ලද 4 දොනහට පවසති. විස්තර සොයා බලන විට ඔවුන්ද ඉන්දියාවෙන් ලංකාවට පැමිණි අය වේ. පසුව මොවුන් ජෙයිගේ හොදම මිතුරන් බවට පත් වේ. පසුව ජේ සමග මොවුන් 05 දෙනා තම මව් භූමිය වෙත ගමන් කරයි. එහිදී ජේයිගේ ආරාධනයෙන් දින දෙකක් තමාගේ නිවසට ඇවිත් යන ලෙසට ජේ තම මිතුරන්ට ආරාධනා කරයි, පසුව එහි ගිය මිතුරන්ට තම මිතුරාගේ ලස්සන බිරිදව දරැවාත් සමග සිටුනු දක්නට ලැබේ. පසුව මොවුන් රාත්‍රී නින්දට වෙනම ඒ අසල ඇති පාළු ගෙදරකට ගමන් කරයි. එහිදී ඔවුන්ට විවිධ සිද්ධීන් වලට මුහුණ දීමට සිදු වේත පසු දින තම මිතුරාගේ බිරිදගේ වෙනස් කම් දකින මෙම යහළුවන්ට ඇය ගැන බියක් ඇතිවෙනවා. පස්සේ මාර්කට් එකට යන ගමන් ගමේ අය කියන කථා වලට මොකක් හරි වැරැද්දක් වෙලා තියෙන බව යාළුවන්ට ඒත්තු ගැන්වෙනවා. පස්සේ යාළුවන්ට ගේ පිටිපස්සෙ වලදාල තියන මිනියක් හම්බ වෙනවා. ඒ මිනියෙ ජෙයිගේ බිරිද අතේ දාගෙන ඉන්න මුද්ද එහෙමම තියෙනවා. කොහොමින් හරි යාළුවන්ට වැඩේ තේරුම් යනවා මේ ඉන්නේ අවතාරයක්, එහෙමත් නැත්තම් හොල්මනක් කියලා.

පස්සේ යාළුවන්ව බේරෙන්න ඕනි නිසා තම යහළුවාගෙන් වෙන් වී යන්න උත්සහ කරත් ඔවුන්ට යා ගැනීමට පවා නොහැකි වෙනවා. පසුව තම ආදරණීය බිරිදගේ අවතාරයෙන් තම යහළුවා බේරා ගැනීමට මෙම යාළුවන් 4 දෙනා උත්සහ කරන්නේ ඔහුට ඇය ගැන ඇත්ත පවසා දීමෙන් අනතුරැවයි. අවතාරක් වුනත් තමාට ඇයව අමතක කර නොහැකි නිසා ජෙයි ඇය සමගම ජීවත් වීමට කැමති වේවිද කියලා බලන්න ඔයාලට භාර කරනවා. ලස්සන ආදර කතාවක් තියෙන්නෙ, අවසානෙට පොඩි දුකක් දැනේවී. අරන් බලන්න එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙනකන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Comedy, Horror

අධ්‍යක්ෂණය : Jawahar

නිෂ්පාදනය : Jawahar

රංගන ශිල්පීන් : Santhosh Prathap, Reshmi Menon, Kovai Sarala, Bharani, Rajendran, Jagan

ධාවන කාලය : 2h 2 min

තිරගත කල දිනය : 22 September 2017 (India)

සංගීතය : C. Sathya

IMDB අගය : 5.5/10

Bayama Irukku (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bayama Irukku (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bayama Irukku (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උදය සමන් කුමාර (Baiscopelk)
IMDb 5.3 /10 89 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

P. Jawahar
Director

Cast

Similar titles

Wrong Turn (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
The Corpse Washer (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Okay Madam (2020) Sinhala Subtitles
Shrek the Third (2007)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Hatchet (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love Hurts (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Collector (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Final Destination 5 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kumbalangi Nights (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vicky Vidya Ka Woh Wala Video (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published