EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBlind Date (2015) | සිතින් ආදරේ කරන්නම්….
ඔන්න එහෙනම් සීතලේ ගුලිවෙලා බලන්න අද අරගෙන ආවා නියම ප්‍රංශ ආදර කතාවක්..
ඉන්දියන් ඇරුනාම මගේ ෆැන්ටසි ටයිප් එකේ ආදර කතා තිබුනේ ප්‍රංශ සිනමාපට වල විතරයි.
මේ සිනමාපටය ආදරයේ වෙනස්ම පැත්තක්, විශේෂයෙන්ම අද කාලයේ කපල් නොදකින පැත්තක් පෙන්වලා දෙනවා.
අද කාලේ අය සැබෑ ආදරය ගැන මොනවා කිව්වත්, මුලින්ම ඕක ඇතිවෙන්නේ ලස්සන කෙල්ලෙක් දැක්කොත් විතරනේ.
මම කියන්නේ සැබෑ ආදරයකට කෙල්ල හෝ කොල්ලා ලස්සන වෙන්න ඕනේ කියලා නෙමේ.
බොරු කියන්න ඕනේ නැහැනේ මුලින්ම හිතෙන් ආදරය ඇතිවෙන්නේ තමන්ට ලස්සනයි කියලා හිතෙන කෙනෙක්ටනේ.
පස්සේ එයාව දැනගෙන කතාබහ කරලා ගොඩකාලයක් ආශ්‍රය කිරීමත් එක්ක ඇතිවෙන දැනුවත්කම, බැඳීම නිසා තමා
ඔය ආදරය සමහරවිට සැබෑ ආදරයක් වෙන්න ඉඩක් තියෙන්නේ. කවුරු නෑ කිව්වත් මට නම් ඕක තමා තියරිය.
ඔහොම නැතුව අහම්බෙන් හම්බෙලා එකතුවෙලා ආදරය කරන අය ගොඩක් දැන් කාලේ අඩුයි.
උදේ පාන්දර ආදරය ගැන මේ වගේ දාර්ශනික ටෝක් දුන්නට, මම තාම Most Eligible Bachelor කෙනෙක්.
ඉතින් මේ ආදර කතාව ගැන මිනුම් කරුණු වලින්ම පටන්ගමු,
IMDb මීටරෙයේ 6.6ක අගයකුත් , Rotten Tomatoes මීටරයේ 100% ක විශිෂ්ඨ අගයකුත් ලබාගන්නට සමත්වෙලා තියනවා.
මේකේ රඟපාන චරිත වල නම් ඔයාලට හුරු නැහැ, නළුවෝ ගැන වැඩි විස්තරයක් වැඩක් නැහැ.
මොකද අපි ගොඩක් ඉන්දීය සහ හොලිවුඩ් සිනමාව ගැනනේ දන්නේ.
මේකේ කතාව බොහොම සාමාන්‍ය එකක් !!!
මොලේ උපරිමයටම තියන වැඩිය මිනිස්සු අතර ගැවසෙන්න කැමති නැති Introvert කාණ්ඩයේ කොල්ලෙකුට,
සංගීතයට ආදරය කරන දෙමාපියන්ගේ නීතිවලට යටවෙලා හැදුන ගැහැණු ළමයෙක්ව හම්බවෙනවා,
මූනට මූන හම්බවෙන්නේ නැහැ, ඒවගේම දෙන්නා ආදරය කරන්නෙත් නැහැ.
ඉතින් මේ දෙන්නා හමුවෙන විදිහ, ළංවෙන විදිහ, වෙන්වෙන විදිහ හැමදේම ඔයාලම බලන්නකෝ
ඇත්තටම එක දෙයක් කියන්නම් පළමු දැක්මෙන් ආදරය ඇතිවෙනවා කියන එක ඇත්තක් වෙන්න ඇති.
ඒත් ආදරයක් ඇතිවෙන්න කෙනෙක්ව දකින්නම ඕනේ නැහැ කියලා ඔයාලට අත්දකින්න පුළුවන්.
එන්න මිනිත්තු 90ක මේ අපූරු අත්දැකීමට ඔයත් සාක්ෂිකරුවෙක් වෙන්න. ඔයාටත් සැබෑ ආදරයක් ඇතිවෙන්න පුළුවන්.







