CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1781 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
Born to Defence (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Born to Defence (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 16, 1986Hong Kong120 Min.
Your rating: 0
7 3 votes
Born to Defence (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ජනප්‍රිය සටන් නලු ජෙට් ලිගෙ තවත් පැරණි හොංකොං චිත්‍රපටයක් තමයි අද ඔයාලට ඉදිරිපත් කරන්නෙ. ඒ වගේම ජෙට් ලිගේ හතරවන වගේම, ප්‍රථම සහ එකම චිත්‍රපට අධ්‍යක්ෂනය. ජෙට්ගේ හැකියාවන් විද්‍යාමාන වුනු තවත් සුපිරියක්. ඒ තමයි 1986 පෙබරවාරි 16 දින මුලින්ම තිරගත වුනු Born to Defence නොහොත් Zhong hua ying xiong. සමහර තැන්වල Born to Defend කියලත් සඳහන් වෙනවා. Action, Martial Arts, Drama යන කාණ්ඩ වලට අයත් වෙනවා. ධාවන කාලය විනාඩි 91 යි. හොංකොංහීදී එම වසරේ ඉහළම අදායම් වාර්තා අතර 38 වන ස්ථානයට පත්වෙන්නේ හොංකොං ඩො. 11,456,731 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙන. මෙය හොංකොංහීදී බලාපොරොත්තු කඩවීමක් හැටියටයි සැලකෙන්නේ. නමුත් චීනයේදී අති සාර්ථක වෙමින් දෙවෙනි ඉහළම ආදායම් වාර්තා ලැබූ චිත්‍රපටය බවට පත්වෙන්නේ ඇ.ඩො.මි. 23 ක් උපයා ගනිමින්. Jet Li (ජෙට්) සමග රංගනයෙන් එකතු වන්නේ Zhao Erkang (ෂියැං), Song Jia (ෂොරේන්), Kurt Roland Petersson (කැප්ටන් හේස්) සහ Paulo Tocha (බේලි).
කතාවට පසුබිම් වෙන්නෙ දෙවෙනි ලෝකෙ යුද්ධයේ අග භාගය සහ යුද්ධය අවසන් වූ කාලයයි. හමුදා සෙබළෙක් වන ජෙට්, ජපන්නු සමග සටනින් පසු තම හමුදා යහලුවන් සමග ආපහු ගමට එනවා. ගම, නගරය ගොඩක් වෙනස් වෙලා. එයාලව ගණන් ගන්නෙවත් නෑ. යුධ ජයග්‍රහණයේ සියලුම ගෞරවය ලැබෙන්නේ ඇමරිකානු සෙබලුන්ට. ඇමරිකන් සෙබලු චීන වැසියන්ව ගොඩක් පහත් කරල සලකන්නෙ. හිරිහැරත් කරනවා. පොලීසිය තිබ්බට ඇමරිකන් බලය තමයි රජයන්නෙ. ඔවුන්ගේ නොපණත්කම් ඉවසන්න බැරි තැන අවස්ථා දෙකකදී ජෙට් රණ්ඩු වලට පැටලෙනවා. ඒ දක්ෂ සටන් කරුවන් වන කැප්ටන් හේස් සහ නාවික සෙබලෙක් වන බේලි සමග. ඔවුන් දෙදෙනාම ජෙට්ගෙන් පලිගැනීමට උත්සහ කරන නිසා ජෙට්ගේ සාමකාමී ජීවිතය උඩු යටිකුරු වෙනවා.
චිත්‍රපටයෙ නම් ගම් වල පොඩි වෙනස්කම් ඇති. චීනනෙ. ඒක එච්චර ගණන් ගන්න එපා. අසභ්‍ය දර්ශන නම් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 5.7 /10 2,017 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jet Li
Director

Cast

Yuen Fai isFriend of Jet
Friend of Jet
Lam Hak-Ming isPoliceman
Policeman
Cho Wing isAngry Chinese
Angry Chinese
Dion Lam Dik-On isAngry Chinese
Angry Chinese
Ng Kit-Keung isAngry Chinese
Angry Chinese

Similar titles

The Extraordinary Adventures of Adèle Blanc-Sec (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Those Who Wish Me Dead (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baaghi 3 (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mummy Returns (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chakra (2021) Sinhala Subtitles | Watch Online
Veer (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Operation Valentine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood & Gold (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bougainvillea (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boomerang (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rorschach (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League Dark (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published