CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2391 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Brother of the Year (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Brother of the Year (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 10, 2018Thailand125 Min.
Your rating: 0
8 1 vote
Brother of the Year (2018) | කිසිදා නොමියෙන සොදුරු පෙම

ඔව්, මේකත් එක්තරා ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම විදිහක ආදර කතාවක්. කොල්ලෙක් කෙල්ලෙක්ට “I Love You” කියන ආදර කතා ඔයා ඕන තරම් බලල ඇතිනෙ. එතකොට අම්ම කෙනෙක් තමන්ගෙ දරුවට දක්වන ආදරය ගැන කියවෙන කතා, පියෙක් තමන්ගෙ දරුවට දක්වන ආදරය ගැන කියවෙන කතා ඔයාල බලල ඇතිනෙ, ඒත් සහෝදරයෙක් හා සහෝදරියක් වටා දිවෙන කතා කීයක් ඔයාල බලල තියෙනවද. ගොඩක් දුරට එකක්වත් නැතුව ඇති නේද..? මේ තියෙන්නෙ එහෙම කතාවක්.

මේක IMDB 6.7 ක තායි චිත්‍රපටියක්. තායි චිත්‍රපටියක් කිව්වම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ආදර කතා නම් ඒකෙ උපරිමේටත්, ඇග කිලිපොලා යන ජාතියේ චිත්‍රපටියක් නම් ඒකෙ උපරිමේටත්, සටන් ජවනිකා සහිත චිත්‍රපටියක් නම් ඒකෙ උපරිමේටත් යන්න තායි චිත්‍රපටි කර්මාන්තයට තියෙන්නෙ අමුතුම හැකියාවක්. උදාහරනයක් විදිහට මම කරපු The Teacher’s Diary 2014 චිත්‍රපටිය ගන්න පුලුවන්. (ඔව්ව් ඔව්ව්, ඒකත් බලල නැත්නම් බලන්න කියල තමයි කියන්නෙ.)

සෑහෙන කට්ටක් කාල වැඩ රාජකාරි දහසකුත් අස්සෙ ඔයාලට බලන්න ගෙනාපු මේ චිත්‍රපටිය සුපිරියක් කියල කිසිම චකිතයක් නැතුව කියන්න පුලුවන්. මම ඉතින් කවද්ද ඔයාලට නරක ෆිල්ම් එකක් ගෙනාවෙ නේද.. මේ චිත්‍රපටියෙ ඉන්නෙ උඩින් කිව්ව වගේ අයිය කෙනෙක් සහ නංගි කෙනෙක්. නංගි, ජේන්(urassaya Sperbund) හා චූට් ( Sunny Suwanmethanont) කියන චරිත දෙක වටා තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. අයිය, චූට් කිසිම බරපතලක් නැති ඉගෙන ගන්නත් කම්මැලි ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන සෙල්ලක්කාර චරිතයක්. ඒත් නංගි ජේන් ඊට හාත්පසින්ම වෙනස්. හොදට ඉගෙන ගන්න, හොද රැකියාවක් කරන ජේන් තමන්ගෙන් ගෙදරට වෙන්න ඕන යුතුකම් උපරිමයටත් චුට්ටක් වැඩියෙන් ඉටු කරන චරිතයක්. මේ දෙන්න ජීවත් වෙන්නෙ එක ගෙදරක. අම්ම තාත්තත් ළග නෑ. කොහොම තියෙයිද නේ. ආ.. ජේන් තමන්ගෙ අයියට ආදරේට කතා කරන්නෙ “පූසි” කියල. ඒකට චූට්ට නම් යකා නගිනව. එහෙම කතා කරන්න හේතුවත් ඔයාලට මේ කතාව ඇතුලෙන්ම හොයාගන්න පුලුවන්.

මේ චිත්‍රපටයේ ජේන් චරිතය රගපෑ urassaya Sperbund ට තායිලන්තයේ චිත්‍රපට හා සම්බන්ධ හොදම නිළියට පිරිනැමෙන ජාතික සම්මානය එම වසරේදි ලැබෙනව වගේම චූට් ව හොදම නළුවා සම්මානයටත් නිර්දේශ වෙනව. මේ දෙන්නගෙ මේ අලකලංචි මැද්දෙන් දිවෙන අපූරු කතාව කට කනේ තියාගෙන හිනාවෙන්න පුලුවන් සිදුවීම් වලින් වගේම ඇහැට නොදැනී කදුළු වැටෙන දර්ශන වලිනුත් හරි පොහොසත්. ඉතින් කොහොමද ඔයා මේ වගේ චිත්‍රපටියක් මගහැරගන්නෙ.

අහ්, තව පොඩි දෙයක් කියන්න තියෙනව. ඔයාට ඉන්නෙ අයියෙක් හරි නංගියෙක් හරි නම් මේ ච්ත්‍රපටිය මගහැරගන්න එපා, මේකෙන් ඔයාලගෙ තරහ මරහ ඔක්කොම අමතක කරලදායි. හැබැයි ඉතින් පවුලෙ ඉන්න එකම ළමය ඔයා නම් කරන්න දෙයක් නෑ, පොඩි දුකක් හිතට දැනෙයි..

Brother of the Year (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉෂාන් මධුෂංක(ඉෂූ) (Baiscopelk)
IMDb 6.7 /10 1,814 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

My Tomorrow, Your Yesterday (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nenjuku Needhi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lady Vengeance (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in the Window (2021) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
Love 911 (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bakasura Restaurant (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seetharama Kalyana (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fitoor (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Perusu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1945 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published