CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Code 8: Part 2 (2024) | “රොබෝ බලයට එරෙහිව සුපිරි බලය”

ඔන්න අද සිංහල උපසිරැසි අරගෙන ආවේ 2019 නිකුත් වුණ Code 8 චිත්‍රපටයේ දෙවනි දිගහැරුම වෙන Code 8 Part 2 (2024) චිත්‍රපටය..ඉතින් මේක නිකුත් වුණේ පහුගිය පෙබරවාරි 28 වෙනිදා නෙට්ෆිලික්ස් ඔස්සේ..ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරන්නේ Jeff Chan විසින් සහ XYZ Films, Collective Pictures කියන ආයතන වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ..

ඉතින් මේක අයත් වෙන්නේ Action/Thriller කාණ්ඩයට..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 5.8/10 ක අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 67%ක් වගේම ගූගල් පරිශීලක මනාප 68%ක අගයකුත් ලබාගන්න මේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියනවා..කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් Robbie Amell විසින් පළවෙනි කොටසෙදි වගේම මේ කොටසෙදිත් කෝනර්ගේ චරිතයත් Stephen Amell විසින් ගැරට්ගේ චරිතයත් Sirena Gulamgaus විසින් පවානිගේ චරිතයත් රඟ දක්වනවා..ඊට අමතරව Alex Mallari Jr, Jean Yoon, Sarena Parmar, Aaron Abrams යන අයත් රංඟනයෙන් දායක වෙලා තියනවා..

කතාව පැත්තට හැරුණොත්..

පලවෙනි චිත්‍රපටය ඔයාලා නරඹලා තියනවනම් මතක ඇතිනේ මූලිකවම තිබ්බේ කෝනර්ගේ ජීවිත කතාවනේ..ඒ වගේම ඔයාලට මතක ඇති විශේෂ බලයන් සහිත මිනිස්සු පිරිසක් තමයි මේ කතාවේ තේමාව..ඉතින් මේ විශේෂ බලයන් තියන මිනිස්සුන්ගේ කොඳු ඇට පේළියේ තරලය පාවිච්චි කරලා සයික් කියලා මත්ද්‍රව්‍යක් හදනවා..ඉතින් මුල් කොටසෙදි මේ විශේෂිත බලයන් තියන මිනිස්සුන්ට ඒ නග⁣රයේ මිනිස්සුත් ගොඩක් ආදරය කරා..නමුත් රොබෝ තාක්ෂණය ආවට පස්සේ මේ අයව මුලු ගැන්වෙනවා මේ රොබෝලා නිසා..ඉතින් මේ දෙවනි කොටස පටන් ගන්නේ ඒ විදියට පොලීසිය විසින් අපරාධ මැඩ පවත්වන්න රොබෝ සුනඛ කණ්ඩායමක් නිර්මාණය කරනවා..ඒකට කියන්නේ K9 කියලා..ඉතින් පොලීසිය කියන විදියට මේ සුනඛයෝ මිනිස්සුන්ට කිසිම කරදරයක් කරන්නෑ..වැරදි කරන අයව අත්අඩංගුවට ගන්න සහය වෙනවා විතරයි..ඒත් දවසක් ටරුක් කියන තරුණයා මේ සුනඛයෙක්ගේ ප්‍රහාරයක් නිසා මැරෙනවා..ඉතින් ඔතනින් තමයි දෙවනි කොටසේ කතාව පටන් ගන්නේ..

  • ඇයි ටරුක්ව මේ රොබෝ බල්ලා මරලා දාන්නේ..?
  • කවුද මේක පටිපස්සේ ඉන්නේ..?
  • අපේ කතා නායකයන් වෙන කෝනර්,ගැරට් සහ පවානි කොහොමද මේ දේවල් වලට පැටලෙන්නේ?

කියලා බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

    Code 8 Complete Collection
  1. Code 8 (2019)
  2. Code 8 Part II (2024)

Comments