
2021 ජූනි මාසේ 30 වෙනිදා නිකුත්වුණ කෝල්ඩ් කේස් මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අදත් මේ පැත්තට ආවේ. Crime – Thriller කාණ්ඩ යටතේ නිර්මාණය වෙලා තියෙන මේ නිර්මාණය විනාඩි 140 පුරාවට ප්‍රේක්ෂක ඔබට කුතුහලයෙන් පිරුණ අපරාධ පරික්ෂණ අත්දැකීමක් ගෙන දෙන බව අවිවාදයකින් තොරව කියන්න කැමතියි.
සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම විචාරක ප්‍රතිචාර හිමිකරගෙන අද වන විට 6.3/10 IMDb අගයක්, 85% ගූගල් පරිශීලක අගයක් හිමිකර ගත්ත මේ චිත්‍රපටිය Tanu Balak අධ්‍යක්ෂණයක් වගේම Sreenath V. Nath ගේ තිර රචනයක්.
කතාව ගැන කියනවා නම්, නගර සීමාවේ වැවකින් ධීවරයෙකුට කවරයක දාපු හිස් කබලක් ලැබෙනවා. මේ පිළිබඳ පොලිසියට දැනුම් දුන්නට පස්සේ හිස්කබලේ අනන්‍යතාව පිළිබඳ වෙන කිසිම හෝඩුවාවක් හොයා ගන්න අපොහොසත් වන පොලිසිය මේ හිස්කබල ඔස්සේ විමර්ශන ආරම්භ කරනවා. මේ විමර්ශන කටයුතු භාර වූ ඒසීපී සත්‍යජිත් (Prithviraj Sukumaran) ඇතුළු කණ්ඩායම විකෘතිව දිය යට තිබූ හිස්කබල ප්‍රයෝජනයට ගෙන විද්‍යාත්මක ක්‍රම වල සහය ඇතිව මේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව හොයාගෙන දුෂ්කර වූ විමර්ශනයක් ආරම්භ කරනවා.
මේ අතරෙදි රූපවාහිනී නාලිකාවක අද්භූත සිද්ධීන් ගැන වඩසටහන් ඉදිරිපත් කරන මේධා (Aditi Balan) තමන්ගේ දරුවා එක්ක නගරයේ නිවසක් කුලියට අරන් පදංචියට එනවා. මේධා නිවසේ පදිංචියට ආවට පස්සේ නිවස ඇතුලේ අද්භූත සිදුවීම් කීපයක් සිද්ධ වෙනවා. මේධා, අදෘශ්‍යමාන බලවේග සමඟ සන්නිවේදනය කරන කාන්තාවක් මුණ ගැහිලා, තමන්ගේ නිවසේ සිදුවන මේ අද්භූත සිද්ධි පිළිබඳව ප්‍රකාශ කරනවා. ඉන් පස්සේ ඇයගෙන් මේධාට මේ සිදුවීම් පිටුපස තියෙන අභිරහසක් පිළිබඳ දැන ගන්න ලැබෙනවා.
මේධා හා සත්‍යජිත් දෙන්නම හඹා යන්නේ එකම මරණයක් පසුපසද? මේ අනන්‍යතාව අහිමි පුද්ගලයා කවුද? මේ පුද්ගලයා ඝාතනය කළේ කවුද? මොනවා වෙනුවෙන්ද? කියලා චිත්‍රපටියම බලලාම දැන ගමු.
Options | Quality | Language | Size |
---|---|---|---|
WEB-DL 480p | 800 MB | Malayalam | |
WEB-DL 720p | 1.6 GB | Malayalam | |
WEB-DL 1080p | 3.2 GB | Malayalam |