CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2616 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 08, 2018Poland88 Min.
Your rating: 0
9 1 vote
Cold War AKA Zimna wojna (2018) | මමයි නුඹේ වියපත් බඹරා…

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම විදේශ භාශා චිත්‍රපටිය ඇතුලු සම්මාන ත්‍රිත්වයකටම නිර්දේශ උන පට්ටම ෆිල්ම් එකක් බලමුද?

 

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන ෆිල්ම් බල බල ඉන්නකොට හම්බ උන වෙනස්ම විදියේ පෝලන්ත ෆිල්ම් එකක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 7.7ක් rotten Tomatoes වර්ගීකරනයේ 92%ක් එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරල සම්මාන 32ක් සහ නිර්දේශවීම් 97ක් ලබාගත්තු සුපිරිම පෝලන්ත ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම විදේශ භාශා චිත්‍රපටිය ඇතුලු සම්මාන ත්‍රිත්වයකටම නිර්දේශ උන පට්ටම ෆිල්ම් එකක්. කෙටියෙන්ම කිව්වොත් ආදරේ කරන, ආදරේ හොයන, ආදරේ විඳින හැම හදවතකින්ම අනිවා රසවිඳින්න ඕනෙ සිනමා සිත්තමක්.

ඔහු නමින් වික්ටර්. ජීවිතයේ මැදිවිය ගතකරන වික්ටර් සංගීතවේදියෙක්. එක්තරා දවසක වික්ටර් පවත්වපු හඬ පරීක්ෂණේකට වෙනස්ම විදියක කෙල්ලෙක් එනවා. කියන්න සිංදුවක්වත් නොදැන හඬ පරීක්ෂණේට ආපු මේ දගකාර කෙල්ලගෙ නම සූලා. වයස් බේද සීමා මායිම් වැට කඩොලු නැති මේ ආදර කතාව ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේ ආදර කතාව බලලා මිසක් කියවලා රසවිඳින්න බැරි නිසා. ඒ නිසා ආදරේ කරන, ආදරේ හොයන, ආදරේ විඳින හැම හදවතකටම ආරාධනා කරනවා මේ සිනමා සිත්තම රසවිඳින්න. පුලුවන්නම් මේ සිනමා සිත්තම රසවිඳින අතරේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න පුලුවන් වෙයිද බලන්න. “ඔරලෝසු බට්ටා කාලය මරා දමයි, නමුත් කාලයට ආදරය මරා දැමිය හැකි වේවිද?”

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව හින්දා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. මෙවර ඔස්කාර් නිර්දේශිත තවත් සුපිරිම සිනමා සිත්තමක් සමගින් ළගදීම හමුවෙමු. ඔබට ජය…!

” ජීවන මං පෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වූයේ….
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ…..
සැරයටියෙන් අපි යනෙන තුරාවට
සංසාරේ අපි එකට ඉමූ….
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ…. “

ප.ලි.

2015 අවුරුද්දෙදි හොදම විදේශ භාශා චිත්‍රපටියට හිමි සම්මානය දිනා ගත් Ida කියන්නෙත් මේ සිනමා සිත්තමේ අධ්‍යක්ෂවරයා වූ Pawel Pawlikowski ගේම තවත් නිර්මාණයක්. නිකමට හිතල බලන්නකො හදන හදන ෆිල්ම් එකට සම්මාන පිට සම්මාන හම්බ වෙන අධ්‍යක්ෂවරයෙක්ගෙ සැබෑ ජීවන අත්දැකීමක් ගැන. අධ්‍යක්ෂක Pawel Pawlikowski ගේ සැබෑ දිවියේ දෙමාපියන්ගේ සත්‍ය ජීවිත කතාව ඇසුරු කර ගනිමින් තමයි මේ සිනමා සිත්තම නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ වගේම ඔවුන්ගේ සැබෑ ජීවිතේදි නම් වෙලා තියෙන්නෙත් වික්ටර් සහ සූලා ලෙසින්මයි. 1989 වසරේදී බර්ලින් තාප්පය බිඳ වැටීමට සුලු කලකට පෙර ඔවුන් දෙදෙනා එකටම සිය ජීවන ගමන් මගට සමුදී තිබුනා. තවත් විස්තර දැන ගන්න ආසයි නං පොඩි ගූගල් සර්ච් පාරක් දාලා බලන්න.

Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසිත මධුෂාන් (Baiscopelk)
IMDb 7.5 /10 60,318 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Joanna Kulig isZuzanna
Zuzanna "Zula" Lichoń
Tomasz Kot isWiktor Warski
Wiktor Warski
Borys Szyc isLech Kaczmarek
Lech Kaczmarek
Agata Kulesza isIrena Bielecka
Irena Bielecka
Adam Ferency isMinister
Minister

Similar titles

Malayankunju (2022) Sinhala Subtitles | “අනිකුට්ටන්” | සිංහල උපසිරැසි සමඟ
The Outfit (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Amar Akbar Anthony (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Coolie No.1 (2020) With Sinhala Subtitles
HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rachcha (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Am All Girls (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Do Patti (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
23 (Iravai Moodu) (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agneepath (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published