CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

There is no turning back

(Colonia (2015) with Sinhala Sub , Colonia (2015) with Sinhala Subtitle , Colonia (2015) with Sinhala Subtitles)

ඉතින් මුලින්ම කියන්න ඕන මේකට IMDb අගය 7.2ක් ලැබිල තියනව. ඒක ඉහලම අගයක්. Floria Gallenberger ගෙ අධ්‍යක්ශණයෙන් සහ Benjamin Herrmanවිසින් නිශ්පාදනය කරල තියන මේ චිත්‍රපටියෙ ප්‍රධාන කාන්තා චරිතය වන ‘Lena’ සදහා රංගනයෙන් දායක වෙන්නෙ ඔයාල කවුරුත් වගේ දන්න Emma Watson. ඒ වගේම මේ ෆිලුමෙ Lena ගෙ පෙම්වතා වන ‘Daniel’ ගෙ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Daniel Bruhl. Drama, History, Romace ගණයට අයත් වන මෙම චිත්‍රපටිය විනාඩි 110ක් පුරා දිවයනව. ෆිලුම ගැන තවදුරටත් කථා කලොත් මේකෙ ඉන්න Lena සහ Daniel කියන්නෙ පෙම්වතුන්. ඩැනියෙල් සම්බන්ධ වෙලා ඉන්නව චිලී රටේ ආණ්ඩු විරෝධී කැරැල්ලකට. මේ අනුව ඩැනියෙල් අත්අඩංගුවට ගන්නව. ඒ කියන්නෙ ඔහු බලෙන් පැහැරගෙන යනව. ඔහු ගෙනියන්නෙ බාහිර ලෝකයෙන් තනිවුනු ‘Colonia Dignidad’  කියල තැනකට. ඉතින් Lena තම පෙම්වතා හොයාගෙන ඒ තැනට යනව. ඒකෙ ඇතුලෙ තමයි බොහෝ දේ සිදු වෙන්නෙ. කථාව ඔහොම තමයි ගලා ගෙන යන්නෙ. ඔයාලටම බලාගන්න පුලුවන් ඔවුන් දෙන්නට මොකද වෙන්නෙ කියල.

Comments