CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2403 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Costao (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Costao (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 01, 2025India125 Min.
Your rating: 0
9.7 3 votes
Costao (2025) | එඩිතර රාජ්‍ය නිලධාරියෙකුගේ චරිතාපදානයක්..

ආයුබෝවන්. දින හතරක දිගු නිවාඩුවක් වෙසක් තෙමගුලත් සමග අත් විඳින්න ලක ලෑස්ති වෙන මේ අවස්ථාවේ මෙන්න තවත් ලස්සන හිංදි උප සිරැසියක් ඔබට තිළිණ කරන්න සූදානම. මේක biographical crime drama එකක්.ඉන්දියාවේ සුන්දර, කඩවසම් ඔය වගේ විවිධ විදිහට හඳුන් වන ඉතා ජනප්‍රිය ලොකු ෆෑන් බේස් ඉන්න මෙගා නළුවන්කො තෙකුත් හිටියත් අති දක්ෂ රංගධරයන් ගැන කතා කරද්දී කැපී පෙනෙන්නේ වෙනම නළුවන් පිරිසක් කිව්වොත් නිවැරදියි. නවාසුද්දීන් සිදිකී ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්.මේ චිත්‍රපටයෙ ප්‍රධාන භූමිකාව ඔහුගේ. ඒ නිසාමයි මේ චිත්‍රපටයට උප සිරසියක් කරන්න හිතුවේ.

නිරිත දිග ඉන්දියාවේ පිහිටි කුඩා ප්‍රාන්තයක් වෙන ගෝව ප්‍රාන්තයේ 1980/90 දශක වල විසූ එක්තරා එඩිතර රේගු නිලධාරියෙකුගේ චරිතප්‍රදානය මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙනවා. ගෝවා වෙරළේ නිරන්තරයෙන් සිදු කරන විවිධ ජාවාරම් අතරින් රන් ජාවාරම ඉදිරියෙන්ම සිටිනවා. 1990 දී කොස්ටාවෝ ෆර්ඩිනන්ඩස් නම් මේ නිලධාරියා එවකට ගෝව මහ ඇමති වරයාගේ සහෝදරයෙකු මෙහෙයවූ දෑවැන්ත රන් ජාවාරමක් හසු කිරීමට ගෙන ගිය ක්‍රියාන්විතය සහ ඉන් පසු සිදු වූ සිදූවීම් පාදක කර ගනිමින් මේ චිත්‍රපටය නිපදවා තිබෙනවා. 1942 උපන් මේ කොස්ටාවෝ තවමත් ජීවත් වෙනවා. පසුකාලීනව ඔහු සිදු කල මෙහෙය හේතු කොට ගෙන ඉන්දියානු ජනාධිපති සම්මානයට පවා පාත්‍ර වෙනවා.

අල්ලස දූෂනය ප්‍රතික්ෂේප කරමින් තමා සහ සිය ආදරණීය පවුලේ ආරක්ෂාවද පරදුවට තබා ඒවාට විරුද්ධව සටන් කල මේ එඩිතර නිලධාරියා තනිවම සිදු කල මේ හදිසි වැටලීමේදී සිදු වන අනපේක්ෂිත සිදු වීමක් හේතුවෙන් ඔහුගේ ජීවිතය උඩු යටි කුරු වී ඔහු එක් රැයකින් අපරාධ කරුවෙකු බවට පත් වෙනවා. තමාගේ ජීවිතය බිලි ගැනීමට මාන බලන බලවතුන් සහ ඔහුට සහය දෙන දූෂිත පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හේතුවෙන් ඔහු වසර ගණනාවක් තිස්සේ ඔහු දැඩි ලෙස පීඩා විඳිනවා. කෙසේ වෙතත් ඔහුගේ රැකියා ස්ථානය රේගු දෙපාර්තමේන්තුව මුල් අවස්ථාවේ සිටම ඔහු පිටුපසින් සිටිනවා. ඉතා දිගු කාලයක් තිස්සේ සිය ජීවිතය පමනක් නොව තමන්ගේ පවුල් ජීවිතයද අවදානමේ දමා ගනිමින් නිදොස් බව තහවුරු කිරීමේ සටන ඉදිරියට ගෙන යද්දී එක් තීරණාත්මක අවස්ථාවක ඔහු අසරණ වෙනවා. ඒ තමා හට ඔත්තුව දුන් ඔත්තු කරුවා හෙලි කිරීමට සිදු වීම. යම් හෙයකින් එය හෙළි කලහොත් ඔහුගේ ජීවිතය අහිමි වීමත් ඒ තුලින් සමස්ථ ඔත්තු ජාලයම කඩා වැටීමත් සිදු වන බව දත් මේ නිලධාරියා ඔහුව පාවා දීම ප්‍රතික්ෂේප කරමින් අදාළ නඩුවේ ඔහුට ගැලවීමට තිබූ එකම අවස්ථාවත් අහිමි කර ගන්නවා. තමා දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට කප වූ රාජ්‍ය යාන්ත්‍රණයම ඔහුට එරෙහිව නැගී සිටිද්දී ඔහුට ගැලවීමක් තිබෙයිද?

නවාසුද්දින් සමග ප්‍රියා බපාට්, කිෂෝර් කුමාර්, හුසේන් දලාල් සහ ගගන් දේව් රායර් අනිත් චරිත වලට පෙනී සිටිනවා.සේජාල් ශාගේ අධ්‍යක්ෂනයක්. එසේනම් මේ නිවාඩු සමයේ ඔබේ චිත්‍රපට වොච් ලිස්ට් එකට මේකත් එකතු කර ගන්න

Costao (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Costao (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 6.5 /10 586 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sejal Shah
Director

Cast

Similar titles

Wild Eyed and Wicked (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My True Fairytale (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manamey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Burqa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Possession of Hannah Grace (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghajini (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homebound (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rangasthalam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocktail (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published