CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Crimson Peak (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageCrimson Peak (2015) | “මම ඉස්සෙල්ලම හොල්මනක් දකින කොට මට වයස අවුරුදු 10යි ” |
“මම ඉස්සෙල්ලම හොල්මනක් දකින කොට මට වයස අවුරුදු 10යි “
“ඒ මගේ අම්මා”
ඉතින් ෆිල්ම් එක ගත්තොත් Crimson Peak 2015 ඇවිත් ටිකක් කාලයක් වුනත් Subtitles මේ වෙනකම් ම නොතිබුන ෆිල්ම් එකක් තමයි මේක.මේක ඇත්තටම මට අහම්බෙන් තමයි හම්බවුනේ. බැලුවම මේ වගේ පට්ට ෆිල්ම් එකක් Sinhala Sub වලින් මිස් වෙලා තියෙන්නේ ඇයි කියලත් හිතුවා. කතාවේ කැටගරි එක ගත්තොත් මේක Horror /Romance යන කැටගරි එකට තමයි අයත් වෙන්නේ. ඉතින් 2015 රිලීස්වුන මේ Horror ෆිල්ම් එකට මේ වෙද්දි IMDB 6.5ක අගයක් ලැබිලා තියනවා. මේ මෑතකදි රිලීස් වුන Evil Dead Rise එකටත් තියෙන්නේ දැන් IMDB අගය 6.6ක්. ඒකෙන් ඔයාලට අදහසක් එයි මේ ෆිල්ම් එකත් කොච්චර හොද මට්ටමක තියනවද කියලා. ඒ වගේම තත්කාලි අගය ගත්තොත් 73%ක් සහ ගූගල් වලින් 79%ක හොද රේටින් එකක් බලාගන්න පුලුවන්..
කතාව පැත්තට ගියොත් මේකතාවන් අපිට බලාගන්න පුලුවන් වෙන්නේ 1800 දශකයේ සිදුවන යම් සිද්ධි දාමයක්. පුරා පැය දෙකක් පුරාවට කතාව ගලාගෙන යනවා.. අපේ කතා නායිකාව වන කුෂින් ධනවත් පවුලකින් පැවතගෙන එම පවුලේ එකම දියණියයි. ඇයට විටින් විට යම් හොල්මන් අවතාරය පේන්න ඇවිල්ලා ඇයට කියනවා ” ක්‍රිම්සන් පීක් වලින් ප්‍රවේශම් වෙන්න” කියලා..කාලය ඔහොම ගලන් යද්දි කුෂින්ගේ තාත්තාට එනවා තෝමස් කියලා පුද්ගලයෙක් මැටි ඉහලට ඇදීමට භාවිතා කරන මැෂින් එකක් විකුණන්න.. ඔය අතරතුරේ කුෂින්ගේ තාත්තටත් යම් දෙයක් සිද්ද වෙනවා… ඒ ඇයි , ඒ කවුද කියලා ඔයාලාම බලාගන්න , තෝමස්ට මේ මැටි කපන යන්ත්‍රය විකුණන එක සාර්ථක කර ගන්න බැරි වුනත් ඔහුට හැකි වෙනවා මේ ධනවත් පවුලේ එකම දියණිය කුෂින් විවාහ කරගන්න.. නමුත් මේක විවාහයක්ම පමණක් වෙන්නේ නෑ .. මේ විවාහය ඇතුලේ තියනවා යම් දේවල්… මොවුන් විවාහවෙලා යන ගෙදර ඉතාම ගරා වැටුන මන්දිරයක් වගේ.. ඒ ගැන ඇහුවම තෝමස් මෙයාට එක එක දේවල් කියනවා.. එතකොට මොකද්ද මේ ඇත්තටම ක්‍රිම්සන් පීක් කියන්නේ? කවුද මෙයාට සැරින් සැරේ පේන , ඇහෙන මේ හොල්මන.. මොකද්ද මේ ගෙදර සහ තෝමස් එක්ක තියන සම්බන්ධය.. මේවට උත්තර හොයාගන්න මේ රසවත් ආදරණියත්වයෙන් හා හොල්මන් වලින් පරිපූර්ණ වුන කතාව බලන්න කියලා හැම දෙනාටම මම ආරාධනා කරනවා..







