EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDaksha: The Deadly Conspiracy (2025) | “ ඝාතන රැල්ලක්, අත්හදා බැලීමක්, පුනරාගමනයක් ”
මේක ටිකක් රට පටලැවෙන සිද්ධි දාමයක්. කතාන්දරය පටන් ගන්නේ අභිරහස් විදිහට සිද්දවෙන ඝාතන රැල්ලකින්. මේ ඝාතන රැල්ලේ දරුණුම වැඩේ තමා කිසිම කෙනෙකුට මේ ඝාතකයාව අදුරගන්න බැරි වෙන එක. පස්සේ කාලෙක මේ ඝාතකයාව අත්අඩංගුවට ගන්නවා. අන්න එතනදී තමයි ඝාතකයා මේ ඝාතන රැල්ලේ විමර්ශනය කරපු පොලිස් නිලධාරිනිය කියලා දැනගන්නේ. මේ නිලධාරිනිය තමයි දක්ෂා. නමුත් එයා මිථිලා කියලයි කියන්නේ.. කවුද දක්ෂා..? කවුද මිථිලා? පටලැවෙනවා නේද? පැටලලි ටික ලිහාගන්න නම් ෆිල්ම් එක බලන්නකෝ. තේරෙයි..
වම්ශි ක්‍රිෂ්ණා මල්ලාගේ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වූ මේ චිත්‍රපටයේ නම ‘Daksha: The Deadly Conspiracy’. 2025 සැප්තැම්බර් 19 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ රචනය ඩයමන්ඩ් රත්නා බාබුගෙන්. නිෂ්පාදනය ලක්ෂ්මි මංචු සමගින් මෝහන් බාබු. (මේ දෙන්නා තාත්තයි දුවයි.) සංගීතය අච්චු රාජාමනිගෙන්. මේක අයත් වෙන්නේ Supernatural/Thriller/crime/investigation යන ගණයන්ට.
ලක්ෂ්මි මංචු, මෝහන් බාබු එක්ක විශ්වනාත් දුද්දුම්පුදී, සමුත්‍රකනි, මලයාලම් නළු සිද්ධිකි, චිත්‍රා ශුක්ලා ඇතුළු රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 4.6/10ක් ලබා දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් Amazon Prime Video හරහා ඔක්තෝබර් 17 වෙනිදා මුදා හරිනවා.










