
ඔන්න මම සුපිරිම සුපිරි ටිකක් හිතන්න පුළුවන් අමුතුම හින්දි චිත්‍රපටයක් ගෙනාවා. ඇත්තටම අමුතුම චිත්‍රපටයක් මේක. ඒකට ගොඩක් හේතු තියෙනවා. ඒවා ඔයාල නරඹලම තීරණය කරන්නකෝ. 2013 පෙබරවාරි 08 මේ චිත්‍රපටය මුලින්ම තිරගතවෙලා තියෙන්නෙ. IMDB අගය 6.2ක් මෙම චිත්‍රපටයට ලැබිලා තියෙනවා. ඇත්තටම අපි හිතන් ඉන්න දේවල් කැඩිල බිදිලා යද්දි අපට මොන තරම් වේදනාවක් දැනවද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මොකද අපි සෑම කෙනෙක්ම එහෙම අත්දැකීම් එකකට හෝ මුණ දීලා ඇති කියල මම විශ්වාස කරන නිසා. මේ චිත්‍රපටය බැලුවාම ඔයාලගෙ හිත ඔයාලගෙන්ම අහයි අපට අන්තිමට මොනවා වේවිද කියලා. ඇත්තටම අපට අනාගතේ පේන්නෙ නැති නිසා අපිට ඊළඟ තත්පරේදි වෙන දේ අපිවත් දන්නෙ නෑ. හැබැයි දුක වුණත් සතුට වුණත් අපි ඒවා සම සිතෙන් බාරගන්න ඕනෙ. එතකොටයි අපට සැබෑ ජීවිතේ තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ. මේ සිනමා පටයෙන් ඒකට පිළිතුරක් ලැබෙයි කියල මම හිතනවා.
මේ චිත්‍රපටයෙ නම් ගොඩක් ප්‍රසිද්ධ නළුවො ගොඩක් ඉන්නවා. මෙහි ප්‍රධාන චරිත තුනක් තියෙනවා. එම චරිත අපි ආදරය කරන වික්‍රම් කියන රංගන ශිල්පියත්, නෙයිල් නිතින් මුකේශ් කියන රංගන ශිල්පියත්, විනායි විර්මනි කියන නවක රංගන ශිල්පියත් රංගනයෙන් දායක වන මෙම සිනමා පටය, බෙජොයි නම්බිර් යන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කර ඇත. කතාව ටිකක් මම විස්තර කරන්නම් දැන්.
මෙහි තේමාව තමයි David කියන නම. මෙම නම වටා තමා සියලුම සිද්ධීන් ගොඩ නැගෙන්නෙ. එකම නම තිබෙන පුද්ගලයන් තිදෙනකු පිළිබඳයි මෙමගින් කියවෙන්නේ. මොවුන්ගේ නම් එකම වූවත් ක්‍රියාකාරකම් වලින් මොවුන් කිසිසේත්
සමාන නෑ. කෙනෙකුගෙ අරමුණක් තවත් කෙනෙකුට කිසි සේත් සමානකමක් නෑ. මෙතනින් එහා මට මේක විස්තර කරන්න තේරෙන්නෙ නම් නෑ. ඒක නිසා ඔයාලම මේක බලලා හිතල බලන්න මම සාධාරණද කියලා. කාලෙකට පස්සෙ මම බලපු නියම චිත්‍රපටයක් මේක. එහෙනම් ඔයාලත් බලන්න මේක. කමෙන්ට් එකකුත් දාලම යන්න.
Options | Quality | Language | Size |
---|---|---|---|
DVDRip SD 480p | 759.06 MB | Hindi | |
DVDRip HD 720p | 1.41 GB | Hindi |