CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Devara: Part 1 (2024) | සිංහල උපසිරැසි සමඟ

 

Jr.NTR ප්‍රධාන චරිතය සඳහා රංඟනයෙන් දායක වුනු ඔහුගේ 30 වෙනි චිත්‍රපටය මීට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට නිකුත් වුනා. ඇක්ෂන් චිත්‍රපටක් වන මෙය ඉන්දියානු රුපියල් කෝටි 400කට අධික ආදායමක් ලබා ගත් බවට සඳහන් වෙනවා. Ntr සමඟින් සයිෆ් අලී ඛාන්, ජාන්වි කපූර්, ප්‍රකාශ් රාජ් යන අය මෙහි ප්‍රධාන රංඟනයකින් දායක වෙනවා.

කථාව දෙසට හැරුණම.. එක්තරා කඳුකර ප්‍රදේශයක, ගම්මාන 4කින් සමන්විතව ගොඩ නැගුණු බිමක් තියෙනවා. මුතුන් මිත්තන්ගෙ ඉදලා පැවත එන වීරයො ඉදපු ගම්මාන 4ක්. ඒ ඒ ගමට ආවේණික දක්ෂතාවයන් තියෙනවා. මේ වෙනකොට මෙයාලා නැව් හරහා එන හොර බඩු , ඒ ඒ අයිතිකාරයින්ට පන්නලා ගෙනත් දෙන එක තමයි කරන්නේ. ඔහොම යද්දි දවසක් මෙයාල වෙරළ සං‍රක්ෂණ අධිකාරීන්ට අහුවෙනවා. එතන ඉදලා මේ කථාව දේවරා අතට පත් වෙනවා.

එහෙනම් ඔයාලම බලන්නකො දේවරා කවුද, මොකද වෙන්නෙ කියලා එහෙම.

Comments

Leave a Reply to Nuwan Cancel

November 21, 2024

❤️👍