CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1780 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Devarakondalo Vijay Premakatha (2021)  Sinhala Subtitles

Devarakondalo Vijay Premakatha (2021) Sinhala Subtitles

India
Your rating: 0
5.3 4 votes
Devarakondalo Vijay Premakatha (2021) | අන්ත අසරණ වෙන ජෝඩුවකගේ කදුළු කතාව

 

ආයුබෝවන්, මගේ මේ උපසිරැසි ගමනේ ඉන්දියානු සිනාමා පටයක් අරගෙන ආපු මුල්ම අවස්ථාව තමයි මේ. සාමාන්‍යයෙන් මම හුඟක්ම නරඹන්නේ සහ උපසිරැසි ගන්වන්න කැමති ඉංග්‍රීසි චිත්‍රපට සහ කතා මාලා. ඒත් හොඳ එකක් හම්බවුනොත් ඒක හින්දි, දෙමළ, කොරියන් ද මට අදාල නෑ, මම බලනවා. හැබැයි ඒවා උපසිරැසි ගන්වන්න මෙතුවක් කාලයකට පෙලඹුනේ නෑ.  ඒත් මේ අහම්ඹෙන් අහුවෙලා බලපු එක තෙලිඟු චිත්‍රපටියක් නිසා මේවා වල රස මටත් ටිකක් දැනෙන්න ගත්තා. ඉතින් මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන් බලලා ඉවර කරපුවම මේ වගේ ලස්සන සංවේදී චිත්‍රපටියකට උපසිරැසි නොගන්නවා මට ඉන්නම බැරි වුණා. අනික මේ වගේ එකක් ඔයාලට බලන්න මිස් වෙන්න හොඳ නෑ. ජීවිතයට ලොකු ආදර්ශයක් පවා මේක බලලා ඔයාලට අරගන්න පුළුවන්. 

 
ලේන්සුවක් අරගෙන එහෙනම් කට්ටිය ලැස්ති වෙන්න.
මොකද මේක බලනකොට අපිටත් ඇඬෙන්න එන ගතියක් තියෙන්නේ.
 

දේවකී, ගමක ජීවත් වෙන පෝසත් පවුලක රත්තරන් වගේ හැදුණ ලස්සනම ලස්සන කෙල්ලෙක්. මෙයාගේ තාත්තා ගමේ නායකයා වගේ කෙනෙක්, ඒ කියන්නේ ධනවත්, බලවත්, වංශවත් අසරණයින්ට පිහිට වෙන කෙනෙක්. මේ පවුලට ගමේ කවුරුත් ආදරෙයි වගේම වන්දනාමාන පවා කරනවා.

මේ ගමේම විජේ කියලා ත්‍රීවිල් එකක් එළවන ලස්සන දුප්පත් කොල්ලෙකුත් ඉන්නවා. මේ විජේයි දේවකියි දෙන්නා පොඩි කාලේ ඉඳන් ආදරයක පැටලිලා ඉන්නේ. මේ ආදර කතාව දිග හැරෙන්නේ කරදර බාධක රැසක් මැදයි. පවුල් බැඳීම්, සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය යන මේ හැමදේම මේ දෙන්නගේ සම්බන්ධතාවයට බලපෑම් එල්ල කරනවා. මේ තරුණ ජෝඩුවට මුහුණ දෙන්නට වෙන අභියෝග රැසක්ම එනවා.

 

මෙයාලා මේවා ජය ගන්නේ කොහොමද ? කෙල්ලගේ අම්මා තාත්තා මේ සම්බන්ධය දිහා කොහොම බලයිද ? ගමේ මිනිස්සු කොහොම කටයුතු කරයිද ? මේ ආදර කතාවේ අවසානය සතුටුදායක එකක් වෙයිද ? නැත්තම් කඳුළු සලන එකක් වෙයිද ?

මෙම චිත්‍රපටය නරඹන ඔබට මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකි වනු ඇත. ආදරය, පවුල, සමාජය යන සංකල්ප අතර ඇති ගැටුම් ගැඹුරින් විමසන මෙම කතාව ඔබේ හදවතට කතා කරනු ඇත. ජීවිතයේ අඳුරු පැති මෙන්ම ආලෝකමත් මොහොතද මවා පෑමට සමත් මෙම චිත්‍රපටය, ඔබේ දෑස් නිසැකවම කඳුළින් තෙත් කරනු ඇත.

 

ආදරය නම් වූ හැඟීම කෙතරම් බලවත්ද ? එය සියලු බාධක ජය ගැනීමට සමත්ද ? නැතහොත් සමාජයේ යථාර්ථයන් හමුවේ පරාජය විය යුතුද ? මේ සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු සොයන ගමනක් වන මෙම චිත්‍රපටය, ඔබේ හදවතේ රැඳී පවතිනු ඇත.

 

ඒ පුංචි කතාවෙන් කියැවුණේ ලෝකේ තියෙන හොඳම දේ ගැන.  ඒ තමයි ආදරේ. සල්ලි වලට ගන්න බැරි, කාටවත් නවත්තන්න බැරි ආදරේ.  ඉතින් මතක තියාගන්න, ආදරේ කරන්න. 
ඒත් ඒ ආදරේ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න එපා.  මොකද ආදරේ කියන්නේ ජීවිතේ විනාශ කරගන්න දෙයක් නෙවෙයි, ජීවත් වෙන්න තියෙන හේතුවක්.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම UD Shehan ” (Baiscopelk)
IMDb 6.1 /10 1,000 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Director

Cast

Similar titles

Thalaivaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Classic Horror Story (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The War of the Rohirrim (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coolie No.1 (2020) With Sinhala Subtitles
Your Fault (2024) | Culpa Tuya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madame Web (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veera Simha Reddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After We Collided (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published