CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2983 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 05, 2023South Korea105 Min.
Your rating: 0
7.2 6 votes
Devils (2023) | පොලිස් නිළධාරියගෙ සිරුරට රිංගූ දාම ඝාතකයා

පසුගිය 2023 ජුලි 05 දින නිකුත්වුනු, නවතම දකුණු කොරියානු සුපිරි ත්‍රිලර් නිර්මාණයකට උපසිරැසියක් තමයි අද අරගෙන එන්නේ. චිත්‍රපටය Devils. විනාඩි 106 ක ධාවන කාලයකින් යුතු Action, Thriller, Mystery, Crime ශානරයන්ට අයත් ෆිලුමක්. මුල සිට අග දක්වාම ත්‍රාසයෙන්, කුතුහලයෙන් පිරි, මොහොතින් මොහොත කතාව වෙනස් මගක් ගන්නා, අවසන් විනාඩිය වෙනතෙක් මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරි ජාතියේ පට්ට ප්ලොට් එකක් තියෙන්නෙ. ත්‍රිලර් ෆිල්ම් බලන්න කැමති අයට රස මසවුලක්. ඔයාල විසින් මේක කිසිසේත්ම අත නොහැරිය යුතු නිර්මාණයක් නිසා තමයි, මාත් ෆිල්ම් එක බලලා ඉවරවුනු ගමන් උණු උණුවේ සබ් එක පටන්ගත්තෙ. කතාව සහ අධ්‍යක්ෂනය දෙකම Kim Jae-Hoon ගෙන්. රංගනයෙන් එකතු වෙනවා Dae-hwan Oh (චායි), Jang Dong-yoon (චා ජින්-යුක්),Jae-ho Jang (මින්-සාවා) සහ Choi Gwi-hwa (කැප්ටන්).
මිනිස්සුන්ගේ චරිත, ආත්මයන් වෙන අයගේ සිරුරු සමග හුවමාරු කිරීම් දැක්වෙන චිත්‍රපට අපි ඕන තරම් බලල තියෙනවනෙ. මේකෙත් තියෙන්නෙ ඒ වගේ කතාවක්. තරුණියන්ව අල්ලන් ගිහින් වධහිංසා කරලා, පණ පිටින් අත පය කපලා මරලා, ඒ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින දාම ඝාතක කල්ලියක් ඉන්නවා. මොවුන් ගැන ලැබුනු ඔත්තුවක් මත පරීක්ෂාවකට යාමේදී, සෝල් ප්‍රධාන අපරාධ අංශයේ රහස් පරීක්ෂක, චෝයි ජෝ-යූවෑන්ගේ සගයා, සහ මස්සිනා වන සියුන්ග් ඝාතකයන් අතින් මිය යනවා. ඒ අවුරුදු දෙකකට කලින්. ඒක චෝයිට කවදාවත් හිතින් අයින් කරන්න බෑ. අවසානයේ ඒ කල්ලියේ ප්‍රධාන සැකකරු වන චා ජින්-යුක් සහ චෝයි මුහුණට මුහුණ හමුවන අතර, චා පස්සෙ පන්නාගෙන යාමේදි කන්දකින් පහලට වැටිලා දෙන්නාම අතුරුදන් වෙනවා. මේ දෙන්නා ආයෙ මතුවෙන්නෙ මාසයකට පස්සෙ කාර් අනතුරකින්. චෝයිට රෝහලේදී සිහිය එනකොට ඔහුට ඇස් අදහගන්න බෑ. ඔහුට ඇඳේ මාංචු දාලා. ඒ මදිවට ඔහුට තියෙන්නෙ මිනීමරුවාගෙ ශරීරය. මිනීමරුවා පොලිස් කාරයගෙ ඇඟට ගිහින්. පහුගිය මාසය තුල මිනීමරුවා ඔහුට මොනාහරි කරලා. ඒ මදිවට ඒ ඇඟේ ඉන්නා මිනිමරුවා චෝයිගෙ බිරිඳ සහ දියණිය ඉන්න ගෙදරටත් යන්නයි යන්නෙ. ඒත් මේ කතාව කවුද විශ්වාස කරන්නෙ. තමන්ගෙ සිරුර මාරුකල රහස හොයාගැනීමයි, තම බිරිඳයි දියණියයි ආරක්ෂා කරගැනීමයි තමයි ඔහු ඉදිරියේ තියෙන බලාපොරොත්තු සුන් අභියෝගය. සිරුරු මාරුවෙන කොච්චර ෆිල්ම් තිබුනත්, මේක වෙනස්ම අත්දැකීමක් වේවි. මිස් කරගන්න නම් එපා.
සුපුරුදු පරිදි විශේෂයෙන් මතක් කරනවා මේකෙ කිසිම ආකාරයේ අසභ්‍ය දර්ශනයක් නෑ. හැබැයි පිහියෙන් අනින කපන වගේ අමානුෂික දර්ශන ටිකක් නම් තියෙනවා. 

Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 6.2 /10 207 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kim Jae-hoon
Director

Cast

Similar titles

Love Lies Bleeding (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jagame Thandhiram (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pebbles (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
London Confidental (2020) With Sinhala Subtitles
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thank You (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puriyaatha Puthir (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill Craft (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published