CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Diary of a Wimpy Kid: Rodrick Rules (2022) | ග්‍රේග්ට සිද්ද වෙන කරදර

Diary of a Wimpy Kid කිව්වම කවුද නොදන්නෙ.සිරස නාලිකාවට පින් සිද්ද වෙන්න අපි හැමෝටම ඒ live action චිත්‍රපට කීපය අපේ භාෂාවෙන්ම බලන්න පුලුවන් වුනා.තාමත් මේ ෆිල්ම් සෙට් එක බලලා නැති අයට කියන්න තියෙන්නේ ඔයාලට ලොකු ආතල් එකක් මිස් වෙලා.

අද මම සිංහල උපසිරැසිය අරගෙන ආවෙ අලුතින් ම රිලීස් වුන Diary of a Wimpy Kid Rodrick Rules කියන ඇනිමේෂන් ෆිල්ම් එකට.. නම ඇහුන ගමන් හැමෝටම මේකෙ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක මතක් වෙන්න ඇති.නම සමාන වුනාට ෆිල්ම් දෙක වෙනස්.ඒ නිසා බය නැතුව අරන් බලන්න.ලයිව් ඇක්ෂන් එක බැලුවා කියලා ඇනිමේෂන් එක නොබලා ඉන්න එපා.

කතාව පැත්තට ගියොත් අපේ අයියා රොඩ්රික්ගෙ විකාර නීති නිසා ග්‍රේග්ට සිද්ද වෙන කරදර තමයි මේ ෆිල්ම් එක පුරාවට ම තියෙන්නේ .ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක බලපු අය දන්නවා ඇතිනෙ රොඩ්රික්ගෙ නීති නිසා ග්‍රේග් මුහුණ දෙන්නෙ මොන වගේ කරදර වලටද කියලා .
මේකෙත් ඒ වගේමයි.ආතල් වල කිසිම අඩුවක් නෑ.මුල ඉදන් අග වෙනකන් ඔයාලට හොදට හිනා වෙන්න පුලුවන්.පවුලේ හැමෝටම උනත් එකට ඉදගෙන බලන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි මේක.

ඉතින් චිත්‍රපටය ගැන මම වැඩිපුර මුකුත් කියන්න යන්නෙ නෑ.ඒ කුතුහලය මම ඔයාලට ඉතුරු කරනවා.

Comments

Leave a Reply to THARANA Cancel

December 22, 2022

black panthar denne kavadda