CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7789 Views

  • Player 01 480p | 720p |1080p
  • Player 02 480p
  • Player 02 720p
DJ Tillu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

DJ Tillu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Feb. 11, 2022India124 Min.
Your rating: 0
votes

නමෙන්ම කියවෙනවා වගේ ටිල්ලු ඩීජේ කෙනෙක්. ගමේ උත්සවවලට ගිහින් ඩීජේ ගහන එක මෙයා කරන්නෙ. කරන වැඩක් සාර්ථකව කරන්නෙ නැහැ කියලා ටිල්ලුගෙ තාත්තා ටිල්ලුට හැමදාම බනිනවා. ඒ වගේම හැමදාම ගෙදර තාත්තගෙයි, ටිල්ලුගෙයි රණ්ඩුව. ඔහොම කට්ටි පැන පැන ටිල්ලු කල් ගෙව්වා. දවසක් ක්ලබ් එකකට යනකොට ටිල්ලු ඒ ක්ලබ් එකේ සින්දු කියන් ඉන්න ගායිකාව රාධිකාව දකිනවා. ගායිකාවට හිත ගිය නිසාම ටිල්ලු, රාධිකා එක්ක කතාවකට වැටෙනවා. කොහොමින් හරි කතාව ඉවර වෙද්දි දෙන්නා දෙන්නට කැමති වෙනවා. රාධිකා, සිද්දුට එයාගේ ආදරේ කියනවා. මෙහෙම කාලයක් ගෙවිලා යනවා. ඔක්කොම උඩුයටිකුරු කරන දවස වුණේ ටිල්ලුගෙ උපන්දිනය දවස. ගෙදර ටිල්ලුගෙ උපන්දිනය වෙනුවෙන් රෑ සාදයක් ලෑස්ති කරලා තිබුණෙ. රාධිකා සාදයට ඒවි කියලා හිතුවත්, රාධිකාට එන්න වෙන්න නැහැ කියලා ටිල්ලුට කෝල් එකක් අරන් කිව්වා. ටිල්ලු රාධිකාගෙ හදිස්සිය මොකක්ද කියලා බලන්න රාධිකාගෙ අපාර්ට්මන්ට් එකට ගියා. රාධිකාගේ කාමරය ඇතුලට ආවත් රාධිකා මොනවත්ම කිව්වෙ නැහැ. ටිල්ලු ටිකක් ඇතුලෙ ඇවිදලා බලද්දි කාමරයක මිනිහෙක් මැරිලා වැටිලා ඉන්නවා දකිනවා. ‍

මේ චිත්‍රපටයේ රචනය හා අධ්‍යක්ෂණය විමල් ක්‍රිෂ්ණා විසින් කරලා තියෙනවා. ඒ වගේම සිද්දුත් මෙහි රචනයෙන් දායක වෙලා තියෙනවා.

සිද්දු ජොනාලගඩ්ඩා ක්ෂේත්‍රයට මුලින්ම එන්නෙ සුළු චරිත නළුවෙක් විදිහට. සිද්දු චිත්‍රපට කිහිපයකම සුළු චරිත, සහය චරිත නිරූපණය කරනු ලැබුවා. ප්‍රධාන චරිතයක් ලැබුණේ Life Before Wedding (2011) චිත්‍රපටයෙන්. සිද්දුගෙ වෘත්තීයෙත් අවුරුදු කිහිපයක් ගෙවිලා යද්දි, තවත් චිත්‍රපට කිහිපයකට විවිධ චරිත නිරූපණය කරනවා. කොහොමින් හරි කාලයකට පස්සෙ Guntur Talkies (2016) කතාව රචනය කරලා, සිද්දු එහි ප්‍රධාන චරිතය රඟපානවා. සිද්දුගේ ඉදිරිපත් කිරීම ගැන හැමෝගෙන්ම වගේ හොඳ ප්‍රතිචාර හම්බවුණා. Maa Vintha Gaadha Vinuma (2020), Kalki (2019), Krishna and His Leela (2020) චිත්‍රපටය කොරෝනා ව්‍යසනය අස්සෙ නිකුත් උනත් හොඳ හිට් එකක්.

සිද්දු ජොනාලගඩ්ඩා වගේම කෙනෙක් තමයි ආද්වි ෂෙෂ්. ආද්විත් අද ඉන්න තැනට එන්න හුඟ කලක්ම වෙහෙසුනා. ආද්වි ශේෂ්ගේ මීලඟට එන්න තියෙන චිත්‍රපටිය මේජර්. මේජර් චිත්‍රපටියට පාදක වෙන මේජර් සන්දීප්ගෙ කතාව චිත්‍රපටයක් කරන්න එයාගෙ පවුලෙ අය කැමති වෙන්නෙ නැහැ. මේජර් සන්දීප්ගේ කතාව ව්‍යාපාරයක් කර ගන්නවට පවුලෙ අය කැමති වුණේ නැති නිසා ඒ අදහස ප්‍රතික්ෂේප කලා. ඒත් ශේෂ් ඒ ගැන අහද්දි ශේෂ්ගෙ අවංක කැමැත්ත දැනගෙන වෙන්න ඇති, එයාව ප්‍රධාන නළුවා විදිහට තෝරාගන්න එයාලා කැමති වෙනවා.

ඩීජේ ටිල්ලු චිත්‍රපටයේ මාධ්‍ය හමු වලදි සිද්දු බොහොම පරෙස්සමින් චිත්‍රපටියට හානියක් නොවෙන විදිහට උත්තර දෙන්න වග බලගත්තා. මේ චිත්‍රපටිය හරි විදිහට ප්‍රවර්ධනය වෙන්න ඕනේ වැරදි විදිහට, මතභේද එක්ක ප්‍රවර්ධනය වෙන්න ඕනේ නැහැ කියලයි සිද්දු පණිවිඩයක් නිකුත් කරලා කිව්වෙ. මේ චිත්‍රපටයේ එන ‘නුව්වලා’ ගීතය(පිරිමි) ගායනා කරන්නේත් සිද්දු විසින්මයි.

මීට අමතරව නේහා ෂෙට්ටි, ප්‍රින්ස් සිසිල්, බ්‍රහ්මාජි, ෆිෂ් වෙන්කට්, කිරීත් ධර්මරාජු යන අය රංගනයෙන් දායක වනවා. චිත්‍රපටයේ පසුබිම් සංගීතය, ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂක සංගීතය එස්. තාමන්ගේ. මෑතකදී නිකුත් වුණ අකණ්ඩා (2021) චිත්‍රපටියේ සංගීතය වෙනුවෙන් තාමන්ට හුඟක් ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ස්‍රීචරන් පකලා, සහ රාම් මිරියලා කියන සංගීත අධ්‍යක්ෂකවරු දෙන්නා මේ චිත්‍රපටයේ ගීතවලට සංගීතය සපයා තිබෙනවා. ‘රාජා රාජා’ සින්දුව වෙනුවෙන් රොක්ස්ටාර් අනිරුද්වත් අරගෙන ඇවිත් තියෙනවා.

2022 වසරේ ප්‍රථම සාර්ථක චිත්‍රපටය වන්නෙත් මේ චිත්‍රපටිය තමයි. මේ චිත්‍රපටයේ වියදම ඉ.රු. කෝටි 8 වෙද්දි, ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම ඉ.රු. කෝටි 29ක්. අනිවාර්යයෙන්ම මඟඇරගන්න හොඳ නැති චිත්‍රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටිය මේ වෙනකොට හිමි කරගෙන තියෙන Imdb අගය 7.8ක්. ඒ වගේම වෙනත් අගය කිරීම්වල 3/5 ඉක්මවූ අගයක් හිමි කර ගන්නවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම DJ Tillu (N/A)
IMDb 8 /10 782 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Man from Toronto (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
96 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Extreme Job (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love, Sitara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beach Rats (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man in the Moon (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loveyatri : Love Will Take Over (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Addams Family 2 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Herbie Fully Loaded (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fall Guy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published