CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2388 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Dohchay (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dohchay (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 24, 2015India138 Min.
Your rating: 0
7.3 4 votes
Dohchay (2015) | චන්දු

“මගේ නම චන්දු.මගේ තාත්තා ජීවිතාන්තය දක්වා හිරේට නියමවෙලා ඉන්නේ.ඒකට හේතුව මං පස්සේ කියන්නම්.මේ නිසා පොඩි කාලේදී මට හරිහමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නෑ.ඒත් මගේ නංගී ඉගෙනගන්න ගන්න කැමතියි.ඒ නිසා මගෙත් තාත්තගෙත් එකම අධිෂ්ඨානය වුනේ නංගිගේ බලාපොරොත්තුව වන දොස්තර කෙනෙක් වීමේ සිහිනය සැබෑ කරන්න.ඒත් තාත්තා හිරේ නිසා පොඩි කාලේ ඉඳන්ම ඒ වගකීම කරට අරගෙන නංගිගේ හැම අධ්‍යාපන කටයුත්තකටම වියදම් කරමින් එයාගේ බර කරට ගත්තේ මං.ඇත්තටම ඒක මට කරදරයක් කියලා මං කොයි වෙලාවකවත් හිතුවේ නෑ.ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති හරිහමන් අධ්‍යාපනයක් වත් නැති මූ සල්ලි ගස් වලින් කඩලා නංගිට උගන්වනවාද කියලා.ගස් වලින් කඩන්න, සල්ලි ගස් නෑනේ.ඒ නිසා මං සල්ලි හොයන්න ලේසිම ක්‍රමයක් හොයාගත්තා.ඒ තමයි වංචාව.පොඩි කාලේ ඉඳන්ම එක එක විදියේ වංචනික ක්‍රම පුරුදු පුහුණු වුණ නිසා මං දැන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් කිව්වොත් හරි.මිනිස්සුන්ව රවට්ටන්න මං පාවිච්චි කරන්නෙ එකිනෙකට වෙනස් ක්‍රම.මගේ හැකියාවන් කොච්චර දියුණුයිද කියලා ඔයාලටම බලාගන්න පුළුවන්.මගේ වංචාවලට අහුවෙන මිනිහා දුප්පත් මිනිහෙක්ද, පෝසත් මිනිහෙක්ද, මැරයෙක්ද, තේ විකුණන මිනිහද කියලා මට අදාල නෑ 😀 .කොහොමහරි නංගිගේ කොලේජ් එකේදී මට මීරා කියලා ලස්සන ගෑනු ළමයෙකුත් හම්බෙනවා.මං ඉතින් මෙයාගේ පස්සෙනුත් යනවා වැඩේ කොහොමහරි ගොඩදාගන්න කියලා හිතාගෙන.මේ විදියට සරළව ගලාගෙන ගිය මගේ ජීවිතේට දවසක් එක කෝල් එකක් එනවා.ඒ කෝල් එක නිසා මගේ මුළු ජීවිතේම ගමන් මාර්ගය වෙන පැත්තකට හැරුණා කිව්වොත් ඒ බොරුවක් නෙමෙයි.කෝල් එක ආවේ හිරේ ඉන්න තාත්තට සනීප නැතුව ඉස්පිරිතාලෙට ඇතුලත් කළා කියලා.ඩොක්ටර්ස්ලා කියනවා ඉක්මනටම ඔපරේෂන් එකක් කරන්න ඕනේ, ඒත් එයා හිරේ ඉන්න කෙනෙක් නිසා ඒකට නීතියෙන් අවසර ගන්න ඕනේ කියලා.කොහොමින් කොහොමහරි ඇමති කෙනෙක්ගේ මාර්ගයෙන් ඉක්මනටම අවසරය ඉක්මනටම ගන්න පුළුවන් වෙනවා.ඒත් ඒ ඇමතිට ලක්ෂ ගානක කප්පමක් ගෙවන්න වෙනවා.ඒ සල්ලි හොයාගන්න මට මොන විදියේ දහං ගැටයක් ගහන්න වුනාද? මගේන් අල්ලස් ඉල්ල ඉල්ල මගේ පස්සෙන් එන පොලිස් කාරයා කවුද? කවුරුත් නැති කාමරෙකින් මගේ අතට ලැබුණු කෝටි දෙක හමාර කාටද අයිති? ඒ සල්ලි පාවිච්චි කරලා ඇමතිගේ මාර්ගයෙන් මට තාත්තව හිරෙන් නිදහස් කරගන්න පුළුවන් වේවිද? මුළු නගරයම හොල්ලගෙන ඉන්න මානික්‍යම් කියන්නේ කවුද? මගේ තාත්තා ජීවිතාන්තය දක්වා හිරේට නියම වුනේ මොකද? මේ හැම ප්‍රශ්නෙකටම මේ චිත්‍රපටය තුලින් පිළිතුරු දෙන්න මං ලෑස්තියි.”

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Pasindu Tharuka (CineSubz)
IMDb 5.8 /10 715 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

ඔරිජිනල් : Minions: The Rise of Gru (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ |ඔරිජිනල් පිටපත 
Thor: Love and Thunder (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  | Original
For Regn (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator: Dark Fate (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maharshi (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Snake Eyes: GI Joe Origins (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suicide Squad: Hell to Pay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Journey to the Center of the Earth (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Romeo S3 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sandakozhi 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tin Soldier (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published