CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4782 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 18, 2022India142 Min.
Your rating: 7
9.6 24 votes
Drishyam 2 (2022) | “යුක්තිය වෙනුවෙන් බුද්ධිය”

මේක තමයි Drishyam 2 මලයාලම් චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය…(අපෝ මේක මං බලල තියෙනවා නේ කියලා අතාරින්න එහෙම එපා ඇ.. මොකද ස්ටෝරිය එකක් උනාට ෆිල්ම් 2ක්.. හින්දි ෆිල්ම් රහ වෙනයි | මලයාලම් ෆිල්ම් රහ වෙනයි! මලයාලම් එකට වඩා මේකෙ යම් යම් තැන් වල පොඩි වෙනස්කම් ටිකක් කරල තියෙනව!)❗️ මේක ගැන නම් මං හිතන්නේ අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා.. මොකද නම දැක්ක සැනින් හැමෝම දන්නවා ඇති කතාව මොකක්ද කියලා.. ඔව් මුලින්ම මලයාලම් සිනමාවේ මෝහන්ලාල් රගපෑ Drishyam, දමිළ සිනමාවේ කමල් හසන් රගපෑ Papanasam, සිංහල සිනමාවේ ජැක්සන් ඇන්තනී රගපෑ ධර්ම යුද්ධය.. එතකොට හින්දි සිනමාවේ අජේ දේව්ගන් රගපෑ Drishyam..? හින්දි චිත්‍රපටය තිරගත වෙන්නෙත් මලයාලම් සිනමාවේ තිරගත වූ චිත්‍රපටයේ නමින් මයි Drishyam..ඒ මං කිව්වේ පළමු කතාව ගැන..මං හිතනව මේ භාෂා 4 චිත්‍රපට වලින් අඩුම එකක් වත් ඔයාලා බලල ඇති කියලා.. එහෙම පළමු කතාව බලපු නැති කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන් මොනම හරි භාෂාවකින් උනත් කමක් නෑ බලන්න. (හින්දි එකම බලන්න පුළුවන් නම් හොදයි ?) ඒක බැලුවට පස්සේ මේක බලන්න.. මොකද නැත්තම් confused unga bunga වෙන්න පුළුවන් ?

මේ චිත්‍රපටය ඉන්දියාවේ තිරගත වෙන්නෙ හරියටම මේ අවුරුද්දේ නොවැම්බර් 18 වෙනිදා.. එතකොට මේකෙ ධාවන කාලය විනාඩි 140ක් වෙනවා… ඉතාමත් ඉහල – කාලෙකින් හින්දි ෆිල්ම් එකකට ලැබුනේ නැති IMBD අගයක් තමයි මේකට ලැබිල තියෙන්නේ ඒ 8.6 ක් වගේ අගයක්.. පේනවනේ ෆිලුමේ තරම කොහොමද කියලා.. මීට කලින් Drishyam 2 මලයාලම් සිනමාවෙන් අපි දැක්ක නේ.. ඒකට IMBD අගය ලැබිල තිබුනෙත් 8.4 ක් වගේ අගයක්.. ඒ වගේම මේකේ Box Office අදායම ඉන්දීය රුපියල් කෝටි 329ක් ලබා ගෙන තියෙනවා.. ??

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Abishek Pathak.. එතකොට කතාව කලින් ෆිල්ම් එක වගේම සුපුරුදු පරිදි Jeethu Joseph..ප්‍රධාන චරිතය අපි කව්රුත් දන්න Ajay Devgn සිදු කරද්දී උප ප්‍රධාන චරිත සදහා Shriya Saran, Ishita Dutta, Akshey Khanna, Tabu වැනි අපිට Drishyam පළමු කතාවෙන් අපිට මුණ ගැහුන අයම, මේ දෙවනි කතා වෙනුත් හමු වෙනවා…

ලිපිය තව දික් වෙන්න කලින් කතාව පොඩ්ඩක් කියන්නම්…

පළමු කතාව අවසන් වෙන්නෙ ප්‍රධාන චරිතේ විජේ (අජේ දේව්ගන් ) අර මැරුණ කොල්ලගේ මළ සිරුර, හදමින් තියෙන පොලිස් ගොඩනැගිල්ලේ වලදාන තැනින්නේ..හැමෝම හිතන්නේ පස්සේ පොලිසිය හදල තියෙනවා පෙන්නන නිසා පොලිසියේ වලදාපු සිරුර ආයේ අහුවෙන්නේ නැති වෙයි කියලනේ…
කතාව එතනින් ඉවරයි කියලානේ හිතුවේ..සියල්ලෝම සතුටින් විසිර ගියහ කියලා නේ හිතන්න ඇත්තේ.. නෑ දෙවනි කතාව පටන් ගන්නේ අන්න එතන ඉදන්..

එදා රෑ විජේ මේ සිරුර වලදාන එක කෙනෙක් දකිනවා…හැබැයි ඒ පුද්ගලයා යම්කිසි මිනීමැරුම් නඩුවකට හිරේට යනවා..හිරේ ගිහින් එන්නෙ අවුරුදු 7කින්.. ඒ කියන්නේ අවුරුදු 7ක් ගියත් ප්‍රශ්නේ ඉවර නෑ…අනිත් දේ තමයි තමන්ගේ පුතා මොන වැරැද්දක්ද කරලා තියෙන්නේ කියලා දැනදැනත්, ඇයි එයාට දඩුවම් ලැබුනේ කියලා දැනදැනත් පුතාව රකින්න හදන, එයාට යුක්තිය ඉල්ලන ඒ පුතාගෙ අම්මත්, වැඩේ අතැරලා නෑ.. විජේගේ දුව මේ සියල්ලම අමතක කරලා හිටපු විදිහටම ඇති කියලා හිතුවට ඒකත් එහෙම නෑ.. පොලිස් කියන වචනේ ඇහුනත් හරි, බය වෙනවා…හැබැයි එහෙමයි කියලා විජේ කිසිම දෙයක් ප්ලෑන් නොකර ඉන්නෙත් නෑ..එක්කෝ මේකටත් විජේ මාස්ටර් මයින්ඩ් ප්ලෑන් එකක් ගහන්න ඕන නැත්තම් සේරම පාපොච්චාරණය කරලා හිරේ යන්න ඕන..විජේ කියන්නේ කොන්ද කෙලින් තියන් ඉන්න නියම පිරිමියෙක් නිසා කවදාවත් එයාගේ නෝනටයි, දුවටයි හිරේට යන්න දෙයි කියලා හිතන්නත් බෑ ?❤️ දැක්කනේ පලවෙනි එකේදී විජේගේ මාස්ටර් මයින්ඩ් ප්ලෑන්ස් කොහොමද කියලා…??

මේ රහස අහු වෙයිද..❓️නැත්තම් විජේ ඒකටත් සුපිරි ගේමක් ගහයිද..❓

ඒ සේරටම උත්තර හොයාගන්න ෆිලුම බලන්න කියලා ඔයාල හැමෝටම ආරාධනා කරනවා ❤️?

එහෙනම් තවත් සුපිරි ෆිලුමක් අරන් ඉක්මනට එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි! ❤️❤️

“සත්‍ය හරියට බීජයක් වගේ, කොච්චර ගැඹුරින් වළ දැම්මත්, ඒක කවදම හරි එළියට එනවා”

Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 8.6 /10 20,361 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ajay Devgn isVijay Salgaonkar
Vijay Salgaonkar
Akshaye Khanna isIG Tarun Ahlawat
IG Tarun Ahlawat
Tabu isIG Meera Deshmukh
IG Meera Deshmukh
Shriya Saran isNandini Salgaonkar
Nandini Salgaonkar
Ishita Dutta isAnju Salgaonkar
Anju Salgaonkar
Rajat Kapoor isMahesh Deshmukh
Mahesh Deshmukh
Mrunal Jadhav isAnu Salgaonkar
Anu Salgaonkar
Yogesh Soman isInspector Vinayak Sawant
Inspector Vinayak Sawant
Neha Joshi isJenny Thomas
Jenny Thomas

Similar titles

Baaghi 3 (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arunachalam (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
IIT Krishnamurthy (2020) With Sinhala Subtitles
Girl in the Basement (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Brother (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ellam Sheriyakum (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Loveyapa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Purple Hearts (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Return of the Caped Crusaders (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mrs. Chatterjee Vs Norway (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Criminal or Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kochaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published