CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1095 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Fahrenheit 9/11 (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Fahrenheit 9/11 (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 25, 2004United States123 Min.
Your rating: 0
6 1 vote
Fahrenheit 9/11 (2004) | ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා…

මේ වතාවේ මං සිංහල උපසිරැසි ගැන්වුයේ මයිකල් මුවර් නම් දේශපාලනික ක්‍රියාකාරිකයා විසින් නිර්මාණය කෙරුණු Fahrenheit 9/11 නම් සම්මානනීය වාර්තා වැඩසටහනටයි. 2004 කෑන්ස් සම්මාන උළලේදී, එම උළලේ විශිෂ්ඨතම සම්මානය වන Palme d’Or සම්මානයට පවා පාත්‍ර වුණු මේ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන ලොව පුරා ඇමරිකානු ඩොලර් මිලියන 224කට අධික වාර්තාගත ආදායමක් ලැබුවේ එතෙක් ලොව වැඩිම ආදායමක් ලද වාර්තා වැඩසටහන බවට පත්වෙමින්. එය 2009 දී නිකුත් වුණු Michael Jackson’s This Is It in වාර්තා වැඩසටහන මඟින් එම වාර්තාව බිඳහෙලන තෙක්ම පැවතුණා. 1956දී Palme d’Or සම්මානය දිනාගත් ජැක්ස් කොස්ටෝගේ ‘නිහඬ ලෝකය’ ‘The Silent world’ වාර්තා වැඩසටහනින් හතළිස් අට වසරකට පසු එම සම්මානය දිනාගත් දෙවැනි වාර්තා වැඩසටහන වන්නේ මෙයයි.ඊට අමතරව මෙම වාර්තා වැඩසටහන 31 වන People’s Choice Award සම්මාන උළලේ ජනප්‍රියතම චිත්‍රපටයට හිමි සම්මානයද දිනා ගත්තා එය වාර්තා වැඩසටහනක් සඳහා පෙර නොලැබුණු සම්මානයක්.2004 ජුනි 25 වැනි දින මුල්වරට විකාශය වුණු මෙම නිර්මාණය IMDb දර්ශකයේ 132,000ක් ඉක්මවන ප්‍රතිචාර වලින් 7.5/10 ක අගයක් ලබාගන්නට සමත් වුණා.

31 වන People’s Choice Award සම්මාන උළලේ ජනප්‍රියතම චිත්‍රපටයට හිමි  සම්මානය මයිකල් මුවර් හිමිකරගත් අවස්ථාව

Fahrenheit 9/11 නම නිර්මාණය කර තිබෙන්නේ ප්‍රවීණ ලේඛක රේ බ්‍රැඩ්බැරි විසින් 1953දී රචනා කළ Fahrenheit 451 නම් ප්‍රබන්ධ කතාවේ නමේ කොටසක් සහ 9/11 ප්‍රහාරයේ දිනය සම්බන්ධ කරමිනුයි. Fahrenheit 451 නවකතාවෙහි අන්තර්ගත වන්නේ පොතපත නීතියෙන් තහනම් කෙරුණු වාතාවරණයක අතට හසුවන සෑම පොතපතක්ම ගිණි තබන හමුදාවක් සිටින ඇමෙරිකානු අනාගතයේ මනඃකල්පිත අඳුරු පැතිකඩක් හා බැඳුණු කතන්දරයක්. කඩදාසි දැවෙන උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 451 වන නිසා එම නවකතාව එළෙස නම් කර ඇති අතර, මයිකල් මුවර් එවකට ඇමෙරිකාවේ අඳුරු පැතිකඩක් හුවා දක්වන තම වාර්තා වැඩසටහනට එකී ග්‍රන්ථයේ නමේ කොටසකුත්, ලෝක වෙළඳ මධ්‍යස්ථානය ගිණිගෙන දවන්නට සමත් වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුණු දිනය (9/11) ආකලනය කරමින් නම යොදා තිබෙනවා. පහත දැක්වෙන්නේ 2004 දී Palme d’Or සම්මානය ලබාගනිමින් මයිකල් මුවර් කළ දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක ප්‍රකශයෙන් කොටසක්.

“මට රහසිගත සැකයක් තිබෙනවා, ඔබ මෙහි කළ දේ ගැන සහ උත්සවයේ හැමෝගෙම ප්‍රතිචාරය සම්බන්ධව, ඔබ මේ නිර්මාණය ඇමරිකානු ජනතාවට දකින්න සළස්වන්න ඕනෙ. ඒ ගැන මට ඔබට කොහෙත්ම ඇති තරම් ස්තුතිවන්ත වෙන්නට බැහැ. ඔබ මේ මතට එල්ල කළේ දැවැන්ත ආලෝකයක්. බොහෝ මිනිසුන්ට ඇත්ත දැනගන්න ඕනෙ වගේම තවත් බොහෝ දෙනෙකුට මේක රහසිගතව මඟහැර යන්නටත් අවශ්‍යයි. වරක් එක් ශ්‍රේෂ්ඨ රිපබ්ලිකන් ජනපතිවරයෙක් පැවසුවේ ඔබ මිනිසුන්ට ඇත්ත ලබා දුන්නොත්, රිපබ්ලිකන්වරු සහ ඇමරිකාව ආරක්ෂා වනු ඇති බවයි…..මා මේ Palme d’Or සම්මානය මගේ දියණියටත්, ඇමෙරිකානු දරුවන්ටත්, ඉරාකය සහ අපේ ක්‍රියාවන් නිසා දුක් විඳින ලෝකයේ හැම රටක්ම වෙනුවෙන් කැප කරනවා..”

මයිකල් මුවර් 2004 කෑන්ස් සිනමා උළලේදී Palme d’Or සම්මානයෙන් පිදුම් ලබමින්

Fahrenheit 9/11 සිනමාපටයට විෂය වන්නේ හිටපු ඇමරිකන් ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ධුර කාලය, 9/11 ප්‍රහාරය සහ එහිදී බුෂ් රජය විසින් අනුගමනය කළ ඇල්මැරුණු සහ සැක උපදවන ක්‍රියාමාර්ග, බින් ලාඩන් පවුල සහ බුෂ් පවුල අතර ව්‍යාපාරික සබඳතා, ත්‍රස්තවයට එරෙහිව කියමින් බුෂ් විසින් ඇරඹු ඉරාක ආක්‍රමණය, සහ එය ඇමරිකානු ජනමාධ්‍යය මඟින් ආවරණය කෙරුණු ආකාරය ගැන පුළුල් විවේචනයක්. මුවර් ප්‍රකාශ කරන්නේ ඇමරිකානු ජනමාධ්‍යය, හුදෙක් තෙල් සම්පත් පැහැර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු ඉරාක ආක්‍රමණය, අල් කයිඩාව ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ලෙස හුවාදක්වමින් බුෂ්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යුධ ක්‍රියාමාර්ගයට පක්ෂව ජනමතය මෙහෙයවූ බවයි. එපමණක් නොව ඉරාක ආක්‍රමණයේදී හමුදාව ශක්තිමත් කිරීම පිණිස ඇමෙරිකාවේ ආර්ථික ප්‍රශ්න වලින් පීඩාවට පත් වුණු ප්‍රදේශවල තරුණ ප්‍රජාව බොරු අපේක්ෂාවන් ඇති කරමින් බඳවාගෙන ඉරාකයේදී අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්නට ඉඩ සැලසූ බව ද මුවර් විසින් තියුණු විවේචනයකට ලක් කරන්නේ ඊට දෘශ්‍යමාන උදාහරණ ද සපයමින්. කෙසේ වෙතත් ඇතැම් විචාරකයන් විසින් මෙය අතිශය පක්ෂග්‍රාහී විග්‍රහයක් ලෙස හැඳින්වුව ද, සමස්තයක් ලෙස ධනත්මක ප්‍රතිචාර ලබාගන්නට සමත් වුණා. එසේ නම් මේ ලබා දුන් සිංහල උපසිරැසි සමඟින් ඔබම මෙය නරඹා මේ කියන කරුණු වල පසුබිම සොයා බලා ඔබගේ නිගමන වලට එළබෙන්න.

9/11 ප්‍රහාරයේදී  දෙවැනි මගී ගුවන් යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටෙන්නට මොහොතකට පෙර (වමේ) ගැටුණු පසු (මැද) ගැටුමෙන් පසු ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඇද වැටෙන මිනිසුන් කැමරා කාචයේ සටහන් වුණු අන්දම (දකුණේ)

 

මේ වාර්තා වැඩසටහනේ සංවේදී දර්ශන අන්තර්ගත වන බව කාරුණිකව දන්වා සිටිනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 7.5 /10 132,177 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Abdul Henderson isSelf (as Cpl. Abdul Henderson USMC)
Self (as Cpl. Abdul Henderson USMC)
George W. Bush isSelf (archive footage)
Self (archive footage)
Saddam Hussein isSelf (archive footage)
Self (archive footage)
Osama Bin Laden isSelf (archive footage)
Self (archive footage)
Larry King isSelf (archive footage)
Self (archive footage)
George H. W. Bush isSelf (archive footage)
Self (archive footage)
Bill Clinton isSelf (archive footage)
Self (archive footage)

Similar titles

Hulk: Where Monsters Dwell (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enemy at the Gates (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knives Out (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Hawk Down (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Kong (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saw II (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thelma (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Imitation Game (2014) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Angel Has Fallen (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published