CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Adam Somner, Alexander Witt, Ali Cherkaoui, Annie Penn, Ridley Scott, Terry Needham
Cast
Go Full Cast PageGladiator (2000) | අසාධාරණයට එරෙහිව…
IMDB Top 250 වල 48 වන ස්ථානයේ රැඳී ඉන්න, 8.5ක ratings තියෙන, සුපිරිම සිනමා පටයකට තමයි මම මගේ තුන්වැනි උපසිරැසිය නිර්මාණය කලේ. Russell Crowe තමයි මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. 2000 වසරේදි තිරගත වුනු මේ සලරුව ඔස්කාර් සම්මාන 5කුත්, තවත් සම්මාන 53කුත් දිනාගෙන තිබෙනවා වගේම සම්මාන සඳහා 83 වතාවක් නිර්දේශ වෙලත් තියෙනවා. මමත් පෞද්ගලිකව ගොඩක්ම කැමති චිත්‍රපටියක්. Gladiator
මැක්සිමස් කියන්නෙ රෝමානු අධිරාජ්‍යයාගේ වගේම, රෝමානු හමුදාවේත් පක්ෂපාතිත්වය දිනාගත්ත යුද හමුදා ජෙනරල්වරයෙක්. ඔහුගේ වීර්යය වගේම නිර්භීත භාවය නිසාම අධිරාජ්‍යයා විසින් මැක්සිමස්ව තෝරාගන්නවා ඔහුගෙන් පසුව රාජ්‍යය භාරදීමට. නමුත් අධිරාජ්‍යයාගේ පුතා මේ තීරණයට එකඟ වෙන්නෙ නෑ. ඒ නිසා මැක්සිමස්ට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඒ අහිමි වුන දේවල් වල පළියගන්න ඔහුගේ දෛවය විසින්ම ඔහුට අවස්ථාවක් හදල දෙනවා….ඒ තමයි සාරාංශය. Gladiator
හිත හිතා ඉන්නෙ නැතුව මේක නම් අනිවාර්යෙන්ම බලන්න. ඇත්තටම ලස්සන කතාවක්. පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් වීමත් විශේෂත්වයක්. Gladiator
“What we do in life echoes in eternity” -Maximus











