CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Gran Turismo (2023) | ලෝක ශූරතා ධාවන තරගාවලිය

ගේම් පිස්සෝ නම් දැනටමත් මම කියන්න හදන කතාව දන්නවා ඇති. අපි නොදන්න අයටත් ෆිල්ම් එක ගැන කියමු නේ . හරි මේක Gran Turismo එහෙම නැත්තං කොයි කවුරැත් ලෝකේ පුරා අදුනන GT කියන ප්ලේස්ටේශන්  ගේම් එක මූලික කරගෙන ෆොමියුලා ධාවන ශූර ජෑන් මාර්ඩන්බරෝ ගේ ජීවිත කතාව පදනම් කරගත්ත ෆිල්ම් එකක් විදිහට තමයි මේ කතාව දිග හැරෙන්නේ. . ඇත්තටම කියනවා නම් මාත් Sport , Actions නොබලන කෙනෙක්.. හැබැයි ඔයා වාහන පිස්සෙක් නම් , ස්පෝට් කාර් , ෆොමියුලාස් වලට හීන මවන කෙනෙක් නම් ඔයා මේක දැනටමත් අරන් බලනවා.. ඒකේ දෙකක් නෑ.. ඉතින් මේවට අලුත් කෙනෙකුටත් කියන්නේ 100%ක් වගකීමෙන් කියනවා මේ වගේ අතිසුපිරියක් ඔයා මීට කලින් බලලා නැ කියලා.. දෙපාරක් හිතන්නැතුව අරන් බලන්න.. 

(Gran Turismo Movie Archie Madekwe & Jann Mardenborough )

(Gran Turismo 7 Video Games)

ෆිල්ම් එක ගැන ගත්තොත් මේකට දැනට  IMDB 7.2 කුත් Rotten Tomatoes අගය 64% කුත් , ගූගල් පරිශිලක අගය 97% කුත් ලබාගෙන තියනවා. ඒ ටිකෙන්ම ඔයාට මේක කොයිතරම් සුපිරි චීස් කෑල්ලක් ද කියලා හිතාගන්න පුලුවන් වෙයි. සබ් එක මට බාර දීලා දවස් කිහිපයක් වුනත් සැලකිය යුතු කාලයක් මට ගියා මේකට Sub එක කරන්න.මගේ වයිෆ්ගෙනුත් සෑහෙන සහයෝගයක් ලැබුනා මේක කරන්න. මොකද එයත් හරිම ආසාවෙන් මේක බැලුවා නියමයි කිය කිය මාත් එක්කම.  සාමාන්‍යයන් පිරිමි අය කෙසේවෙතත් ගෑනු අය Automobile , ස්පෝට් , ෆර්මියුලා වගේ  ඒවා TV එකේ ගියත් බලන්නේ නැතිම තරම් නේ.. හැබැයි මේ ෆිල්ම් එකට නම් වයස් බේදයක් , ගැහැණු පිරිමි බේදයක් නැතුවම කොයි කවුරැත් ආදරේ කරන ෆිල්ම් එකක් වෙනවා ඒකාන්තයි..

වැඩියම අපිට මේක කාලයක් වැය වුන  හේතුව තමයි මෙතන ගොඩක් වාහන මැකෑනිකල් වචන කියනවා වැඩී. ඉතින් වාහන ගැන දන්න නොදන්න හැමෝටම තේරෙන්න තමයි මේක කරන්න ඕන සහ ෆිල්ම් එකේ රසයට ඒකෙන් බාදාවක් නොවෙන විදිහට. ඔයාල⁣ට කතාවේ තියන වාහන ටික දැක්කම පිස්සු හැදෙනවා SUB වැඩකුත් නෑ කියලත් හිතෙන මට්ටමටම ෆිල්ම් එක තියනවා. ෆිල්ම් එක ගැන ලොකු විස්තරයක් එක්ක මට පෝස්ට් එකක් හදාගන්න වෙලාවක් තිබුනේ නෑ දහසක් වැඩ රාජකාරී මැද කරපු සබක් නිසා මේක.. ඉතින් තවත් මේක ගැන වැඩි විස්තර ඕන නම් පොඩ්ඩක් ගූගල් හෝ ChatGPT පැත්තේ ගිහින් එන්න.. 

(Gran Turismo 7 Video Games)

කතාව පැත්තට ගියොත් මම උඩදි කිව්වා වගේම සත්‍යකතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටයක්. ජෑන් මාර්ඩන්බරෝ ගේ පුංචි කාලේ ඉදලා එයා එයාගේ ගමන ආපු විදිහ සහ එයාට තිබුන ගැටලු , බාදා ජයගත්ත විදිහ අපිට පෙන්නනවා. ඒ වගේම ෆිල්ම් එක පුරා සුපිරිම සුපිරි කාර් ටිකක්, රේස් ටිකක් එහෙමත් බලාගන්න පුලුවන්..මුලින්ම වීඩියෝ ගේම් ගහ ගහ ඉදලා අන්තිමට  FIA ලයිසන් එක ගන්න යන්න දරණ උත්සහයක් මූලික කරගෙන කතාව ගලාගෙන යනවා.. FIA ලයිසන් එක කියන්නේ ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ඔටෝමොබයිල්  කියන නම කෙටි කරන අකුරැ තුන..ඒ වගේම FIA කියන්නේ නිකං කවුන්සිලයක් වගේ.. ඔය ක්‍රිකට් වලට ICC ,තියනවා වගේ Automobile වලට තියෙන්වේ FIA කියලා හිතාගන්නකෝ..  FIA ලයිසන් එකකින් වෙන්නේ ඕනෑම ජාත්‍යන්තර ධාවන තරඟයක් තරග වදින්න මේ ලයිසන් එකෙන් පුලුවන්..මේ ලයිසන් එකේ විවිධ වූ මට්ටම් තියනවා.. ඒ කිව්වේ ලෙවල්ස් , ඒකෙන් Super License තියන කෙනෙකුට ෆොමියුලා වන් ලෝක ශූරතා ධාවන තරගාවලියට තරග කරන්න අවස්ථාවක් ලැබෙනවා.. ඕකයි සරලවම FIA ලයිසන් එකේ කතාව ඉතින්.. ඔන්න ලයිසන් එක බලාගන්න ඕන අයට පහලින් මම ෆොටෝ එකකුත් දාන්නම්කෝ.. 

පැය 2යි විනාඩි 15 පුරාවටම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක්   එහෙනම් ආයමත් මේ වගේ සුපිරියක් අරගෙන එනකම් හැමෝටම ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා….

Comments

October 3, 2023

403 error eka enawa link 3n ma,
Mission impossible eketh enawa,
Thanq brother

April 16, 2025

Nice ♥️