CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3396 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Halloween (2018) Sinhala Subtitles

Halloween (2018) Sinhala Subtitles

Oct. 18, 2018United States106 Min.
Your rating: 0
10 4 votes
Halloween (2018) with Sinhala Subtitles | බිහිසුණු ඝාතකයා නැවතත් නිදැල්ලේ!! [සිංහල උපසිරැසි සමග]

Halloween  Sinhala Sub
Halloween  2018 Subtitle
Halloween  2018 Sinhala Subtitles

 

ඒ 1963 වසරේ හැලෝවීන රාත්‍රියයි..
ජුඩිත් හිටියේ කාමරේට වෙලා ඔලුව පීර පීර.
ජුඩිත්ගේ මල්ලි, අවුරුදු 6ක් වයස මයිකල් හෙමින් හෙමින් ජුඩිත්ගේ කාමරේට ආවා.
ජුඩිත් හැරිලා බැලුවා,
මොනවත් හිතාගන්න කලින් මයිකල් ජුඩිත්ට පිහියකින් කොටාගෙන කොටාගෙන ගියා..

ඒ 1978 හැලෝවීනයට කලින් දවසයි.
අවුරුදු 15කට පස්සේ,
මයිකල් හිරෙන් පැනලා එනවා.
මිනිහට හරියට ලේ තිබහයි.
හැලෝවීන දවසේ, මයිකල් අලුත් ගොදුරක් හොයනවා.
ලෝරා..
කවුදෝ පස්සෙන් එනවා වගේ ඇයට දැනෙනවා.
කවුදෝ ළඟින් හුස්ම ගන්නවා වගේ ඇයට දැනෙනවා.
රෑ උනා, දඩයම පටන් ගත්තා.
හැලෝවීනය ලේ වලින් නෑවිලා ගියා.
ලෝරාගේ යාළුවො එක එකාව කපලා මරලා තිබ්බා
ඒත් ලෝරා සටන් කරා, ජීවිතේ වෙනුවෙන් සටන් කරා
අන්තිමට ඇය දින්නා.
මයිකල් පැරදුනා.
ඒත් ඌ අතුරුදහන් වෙලා.

අවුරුදු 40කට පස්සේ,
මේ 2018 අවුරුද්ද.. හැලෝවීනයට තියෙන්නේ දින කීපයයි.
ලෝරා දැන් වයසයි,
හුදෙකලාව ජීවත් වෙන්නේ..
ඇයට දැනෙනවා කවුදෝ පස්සෙන් එනවා වගේ..
ඇයට දැනෙනවා කවුදෝ ළඟින් හුස්ම ගන්නවා වගේ…!!.

වසර 40ක් පුරා විටින් විට අපි හමුවට ඇවිත් භීතියෙන් ඇඟ කිලිපොවලා යන Halloween චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය එහෙමත් නැත්තම් 11වෙනි දිගුව තමයි මේ අරන් එන්නේ. හොරර් ගණයේ චිත්‍රපටියකට ගන්න පුළුවන් හොඳටම ප්‍රමාණවත් අගයක් විදිහට IMDb මීටරය 7කට කැරකිලා තියෙන ඒකෙන් හිතාගත්තහැකිනේ චිත්‍රපටියේ තරම. ඒ වගේම චිත්‍රපටි 11 පුරාවටම වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙත් මෙන්න මේකම තමා. දැන් හිතනවා ඇති, දෙයියනේ මේක බලන්න අර කලින් චිත්‍රපටි 10ම බලලා ඉන්න ඕනද කියලා. කොහොමත් නෑ. මේක කෙලින්ම සම්බන්ධ වෙන්නේ 01 වෙනි චිත්‍රපටියට. එතනින් අවුරුදු 40කට පස්සේ යන කතාව තමා මේ තියෙන්නේ. ඕනම නම් ඒක බලලා මේක බලන්නත් පුළුවන්. නැත්තම් මේක විතරක් බලන්නත් පුළුවන්, රසයට කිසිම අවුලක් වෙන්නේ නෑ සහතිකයි. පුළුවන් නම් 11ම බලන්න, අපරාධයක් නම් වෙන්නේ නෑ.

ඔව් ඔව්, මේක මම කරන්න හිටපු එකක් නම් නෙමේ. අඩවියේ මේක වෙනුවෙන් ඡන්දයක් තිබිලා, අපේ නිලුපුල් සහෝදරයා උඩින්ම දින්නත් එක්කනේ. ඉතින් එයා කරන්න තිබ්බ එක තමා, එතුමට වලක්වන්න බැරි රාජකාරි කටයුත්තක්ය කියලා හසන්ත සහෝදරයා මට සෙට් කරලා දුන්නේ. ඉතින් දෙන්නටම මේ වෙලාවේ ස්තුතිය පුද කර සිටිනවා ඒ වෙනුවෙන්. ඒ වගේම විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන බුද්ධික නුවන් සහෝදරයට. ඒ මොකද එයා තමා කලින් Halloween චිත්‍රපටි සියල්ලටම උපසිරැසි ගැන්වුවේ. කවුරුත් කරන්න තියා හිතන්නේවත් නැති වැඩක්. ඉතින් එයා නිසා අද ඕන නම් ඔයාලට ඒ චිත්‍රපටි ටික සිංහලෙන්ම බලලා මෙතනට එන්න පුළුවන්. ඒ කර්තව්‍යයට එතුමන්ට ප්‍රණාමය පුද කරන ගමන් සමුගන්නම්.

Halloween (2018) Sinhala Subtitles
Halloween (2018) Sinhala Subtitles
Halloween (2018) Sinhala Subtitles
Halloween (2018) Sinhala Subtitles
Halloween (2018) Sinhala Subtitles
Halloween (2018) Sinhala Subtitles
Halloween (2018) Sinhala Subtitles
Halloween (2018) Sinhala Subtitles
Halloween (2018) Sinhala Subtitles
Halloween (2018) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “මයුර සුරාජ්” (Baiscopelk)
IMDb 6.5 /10 150,575 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jamie Lee Curtis isLaurie Strode
Laurie Strode
Judy Greer isKaren Nelson
Karen Nelson
Andi Matichak isAllyson Nelson
Allyson Nelson
Nick Castle isThe Shape
The Shape
Will Patton isOfficer Hawkins
Officer Hawkins
Toby Huss isRay Nelson
Ray Nelson
Dylan Arnold isCameron Elam
Cameron Elam

Similar titles

Clown in a Cornfield (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Substance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Let Me In (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love You Rachchu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ (Re-Uploaded)
Charlie’s Angels (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Succubus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
200: Halla Ho (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cheaper by the Dozen (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sick (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published