CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3128 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 480p
  • Player 03 720p
Halloween Ends (2022) Sinhala Subtitles

Halloween Ends (2022) Sinhala Subtitles

Oct. 12, 2022United States111 Min.
Your rating: 0
7.4 10 votes
Halloween Ends (2022) Sinhala Subtitles | “නපුර කවදාවත් මිය යන්නේ නැත” | සිංහල උපසිරැසි සමඟ

(Halloween Ends (2022) Sinhala Subtitles) (Halloween Ends (2022) Sinhala Subtitle) (Halloween Ends Sinhala Subtitle) (Halloween Ends (2022) Sinhala Sub)

කොහොමද යාළුවනේ අදත් උණු උණුවෙම සබ් එකක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා.ඉතිං ඔයාලට සබ් එක ඉක්මනින් දෙන්න ඕන නිසා අදත් දුලාන් රන්දික සහෝදරයට ආරාධනා කළා මං වෙනුවෙන් පොඩි ලිපියක් ලියන්න කියල…ඒකත් බලන්න මම කතාව ගැන යටින් ලියන්නම් ?.

හැලොවීන් කියන්නෙ මොකද්ද කියක අමුතුවෙන් පැහැදිලි කරන්න යන්නෑ.ඒ මොකද කියනවනම් හැලොවීන් කියන්නෙ මොකද්ද කියල දන්නවනෙ.මේ Movie එක තමා මේ චිත්‍රපට පෙළේ අවසානය.

මේක බලන්න කලින් මේකට කලින් මේ සීරීස් එකේම Movie List එකක්ම නිකුත් උනා.

‌Halloween 1978
‌Halloween II 1981
‌Halloween III Season Of The Witch 1982
‌Halloween 4 Return Of The Michael Myers 1988
‌Halloween 5 The Revenge Of Michael Myers 1989
‌Halloween The Curse OF The Michael Myers1995
‌Halloween H20 20 Years Later 1998
‌Halloween Resurrection 2002
‌Halloween 2007
‌Halloween II 2009
‌Halloween 2018
‌Halloween Kils 2021

☢️Halloween 1978 | ශාපයක ඇරඹුම
Imdb 7.7/10

මයිකල් මයර්ස් කියන්නෙ පොඩි කොල්ලෙක් 1963 ඔහුගේම සහෝදරිය ඝාතනය කරපු වරදට ඔහුව මානසික රෝහලට ඇතුලත් කරනවා.ඒ බිහිසුනු ඝාතනයෙන් අවුරුදු 15කට පස්සෙ මයිකල් මේ මානසික රෝහලෙන් පලා යනවා ඉලිනොයිස්හි හැඩොල්ෆීල්ඩ් කියන කුඩා නගරයට නැවත මිනී මැරීමේ චේතනාවෙන්.

☢️Halloween II 1981
Imdb 6.5/10


Doctor ලුමීස් මයිකල් මයර්ස්ව මරන්න හොයාගෙන යනවා.මේ අතරෙ කම්පනයට පත්වෙලා ඉන්න ලෝරි හැඩ්න්ෆීල්ඩ් අනුස්මරණ රෝහල වෙත ගෙන යනවා.

☢️Halloween 3 Season Of The Witch 1982
Imdb 5.1/10


ඇමරිකාව පුරා විසිරී සිටින ළමයින්ට රිදී ෂැම්‍ රොක් වෙස් මුහුණු අවශ්‍ය වෙලා තියෙන මොහොතක වෛද්‍ය ඩැනියෙල් චාලිස් සිල්වර් විසින් ෂැම්රොක් හිමිකරු කොනල් කොක්‍රාන්ගේ කුමන්ත්‍රණයක් හෙලි කරන්න සූදානම් වෙනවා.

☢️Halloween 4 Return Of The Michael Myers
Imdb 5.8/10

මයිකල් මයර්ස් ගේ අවසාන ඝාතනය සිදුකොට වසර 10 ඇවෑමෙන් ඔහු නැවතත් හැලොවීන් රාත්‍රීයෙදී කළඑළි බහිනවා ඔහුගේම 7 හැවිරිදි ලේලිය මරන්න.ඩොක්ටර් ලුමීස් ට පුලුවන් වෙයිද ඔහුව නවත්වන්න.

☢️Halloween 5 Revenge Of The Michael Myers 1989
Imdb 4.9/10


Halloween 4 සිදුවීම් වලින් වසරකට,පසුව මයිකල් නැවතත් පැමිණෙනවා.ඒ ඔහු වරක් අසාර්ථක වූ ඔහුගේ ගොළු ලේලිය මරාදැමීමට.

☢️Halloween The Curse Of Michael Myers 1955
Imdb 4.7/10


හැඩ්න්ෆීල්ඩ් හි මයිකල් මයර්ස් ගේ සංහාරයෙන් වසර 6 කට පස්සෙ පැමිණෙන මයිකල් ජෙමී ලොයිඩ් ට දරුවෙක් හිටියත් ඔහුවත් මරාදමනවා.මයිකල් තෝන් සංස්කෘතියක් අනුගමණය කරන පිරිසක් සමඟ මිත්‍රව මෙතුවක් කල් ගෙනාඅ ඔහුගේ ශාපය ඔවුන්ට ලබා දෙනවා.ඒකෙ ආභාෂයෙන් ඔහු තමන්ගෙ මුලු පවුලම මරල දානවා.

☢️Halloween H20 1998
Imdb 5.8/10


කැලිෆෝනියාවේ පෞද්ගලික පාසලක පීඨාදිපතිනියක් වශයෙන් සේවය කරන ලෝරි ස්ට්‍රොඩ් තමන්ගෙ පුතාගෙන් දැන් ප්‍රශ්නයක් නැති හින්දා පුතාවත් බලාගෙන ඉන්නවා.

☢️Halloween Resurrection 2002
Imdb 3.9/10


මයිකල් තම සොහොයුරිය අවසන් වරට බිය ගන්වා අවුරුදු 3 කර පසුව.ඔහු තමන්ගේ නිවසේ විකාශය ව වැඩසටහනක කාර්‍ය මණ්ඩලය හමුවීමට යාමට පෙර නැවතත් තම සොහොයුරිය මුණගැසෙනවා.

☢️Halloween 2007
Imdb 6.0/10


වසර 15 ක් මානසික රෝහලේ ප්‍රතිකාර ලබපු මයිකල් මයර්ස් දැන් ලමයෙක් නෙමේ හැදිදැඩි පිරිමියෙක්.මානසික රෝහකෙන් නිදහස් වූ වහාම ඔහු හැරන්ෆීල්ඩ් වෙත පැමිණෙන්නේ ඔහුගේ ළදරු සොහොයුරිය හොයාගෙනයි.

☢️Halloween 2009
Imdb 4.8/10


ලොරී ස්ට්‍රොයිඩ් තමන්ගේ මිනීමරු සහෝදරයාගෙ නැවත පැමිණීමට සූදානම් වෙනවා.මයිකල් ට තවත් අවස්ථාවක් ලැබෙනවා තමන්ගෙ සහෝදරිය මුණගැහෙන්න.

☢️Halloween 2018
Imdb 6.5/10


දශක හතරකට පෙර මයිකල් මයර්ස්ගේ ඝාතන සංහාරයෙන් බේරුන ලොරී නැවතත් තම පරම සතුරා වන මයිකල් මයර්ස් මුණගැසෙන්න සූදානමින් සිටිනවා.

☢️Halloween Kils 2021
Imdb 5.5/10


මයිකල් මයර්ස්ගෙන් දිවිගාවාගත් අදටත් ජීවත්වන පිරිසක් එකතුවී යම් සංවිධානයක් පිහිටුවාගෙන ඔහුව මෙවර මරා දමන බවට පොරොන්දු වෙනවා

සම්පූර්ණ චිත්‍රපට මාලාවට චිත්‍රපට 12 අයත් ලේසි නෑ නේ එකින් එක බලන්න වෙනවා නේ.අපෝ එහෙම එකක් නෑ.ඔයා චිත්‍රපට ප්‍රිය කරන කෙනෙක් නම් බැලුවට කමක් නෑ.ඇත්තටම කිව්වොත් මාත් තවම මේ එකක්වත් බලල නෑ.මේක මටත් Mis වෙච්ච Trilogy එකක්. ඔයා මේ ,Sub දීල තියෙන Halloween End එක බලන්න කලින්

Halloween 2007    (  In CineSubz )
Halloween 2018 – (  In CineSubz )
Halloween Kills 2021    (  In CineSubz )

මෙන්න මේ Movies 3 බලල ඉන්න මොක්ද නැත්නම් අපැහැදිලි තැන් ගොඩක් එක්ක තමා බලන්න වෙන්නෙ.ඊට හොඳා නොබල ඉන්න එක.මේක නිකං කොටස් 4 ක Tv serious එකක මුල් කොටස් 3 නොබලා 4 වෙනි කොටස බලනවා වගේ වැඩක්.

ඉතිං කතාවට යමු.

මයිකල් මයර්ස් අවුරුදු හතළිහක් තුළ භීෂණකාරී සංහාරයක් ම කරල අවසානයි…අන්තිමේදී ඔහු අතින් මැරුණෙ ලෝරි ස්ට්‍රොඩ් ගෙ දුව නැත්තම් ඇලිසන් ගෙ අම්මා…ඒ ඝාතනයෙන් පස්සෙ මයිකල් මයර්ස් අවුරුදු හතරකට අතුරුදන් වෙනවා…අතුරුදන් වෙනවා? හිතන්න අමාරුයි නේද?ඒත් එයත් මනුෂ්‍ය ස්වභාවය ඉක්මවව්වත් ස්වභාවයට යටයි නේද…ඉතිං 2018 අවුරුදු හතරක් 2022 හැලොවීනයේ තමා මේ චිත්‍රපටයෙ සිදුවීම වෙන්නෙ…ඉතිං මේ චිත්‍රපටයෙ තියෙන්නෙත් මයිකල් මයර්ස් කපාගෙන කපාගෙන කොටාගෙන කොටාගෙන යන සීන් ටිකක්ද…මමත් හිතුවෙ එහෙම…ඒත් කතාව ටිකක් වෙනස්…

මයිකල් මයර්ස්ගෙ අතුරුදන් වීමෙන් පස්සෙ ලෝරි ස්ට්‍රොඩ් තමන්ට ඉතුරු වුන එකම කෙනා එක්ක සාමාන්‍ය ජීවිතයක් ගතකරනවා ඒ ඇලිසන් එක්ක…කිසිම විශේෂ ආරක්ෂාවක් නැති,උගුල් නැති නිදහස් ජීවිතයක්…ඒ වගේම මෙයාට අදහසක් පහළ වෙනවා එක් විශේෂ පුද්ගලයෙක්ව ඇලිසන්ගෙ ජීවිතයට එකතු කරන්න…එයා ඒ දේ කරනවා හැබැයි ඊට පස්සෙ ගොඩක් දේ ලෝරි ස්ට්‍රොඩ් ට දැනෙන්න ගන්නවා…

ෆිල්ම් එක පටන්ගන්නකොටම ,පෙන්නන්නෙ කෝරි කනින්හැම් කියන තරුණයට 2019 හැලොවීන් රාත්‍රියේ වෙන සිද්ධියක්…ඒක කොහොමද මයිකල් මයර්ස්ට සම්බන්ධ වෙන්නෙ කියල ඔයාලම බලාගන්න.

එච්චරයි කියන්නෙ…හොඳ අවසානයක් බලාගන්න කියල ආරාධනා කරනවා…

ඉතිං කියන්න තියෙන්නෙ අපි තුළත් එක්තරා විදිහක මයිකල් මයර්ස් කෙනෙක් හැංගිලා ඉන්නවා…එයා අපිට හොයාගන්න අමාරු තැනකයි හැංගිලා ඉන්නෙ…ඉතිං මොනම හේතුවක් නිසාවත් අපි අපේ මයිකල් මයර්ස්ව හොයාගන්න හොඳ නෑ..හොයාගත්තොත් හංගන්න ලේසි නෑ..එහෙම වුනොත් මයිකල් මයර්ස් ගෙ චරිතය චිත්‍රපටයකට විතරක් සීමා වෙන්නෙත් නෑ…

මොකක්ද ඒ කිව්ව අපභ්‍රංශෙ?ෆිල්ම් එක බලන්නකො ඔයාලටම තේරෙයි.

එහෙනම් අදට අපි යනවා…!

සියලු දෙනාටම ජය!

ඉතිං මම කතාව කියන්නෙ නෑ වැඩිදුර..හොඳ අවසානයක් බලාගන්න කියල ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සඳමින් හර්ෂණ (සඳා) (Cinerulk)
IMDb 5.3 /10 4,493 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jamie Lee Curtis isLaurie Strode
Laurie Strode
Andi Matichak isAllyson Nelson
Allyson Nelson
Rohan Campbell isCorey Cunningham
Corey Cunningham
Will Patton isFrank Hawkins
Frank Hawkins
Kyle Richards isLindsey Wallace
Lindsey Wallace
Jesse C. Boyd isOfficer Doug Mulaney
Officer Doug Mulaney
Joanne Baron isJoan Cunningham
Joan Cunningham
Omar J. Dorsey isSheriff Barker
Sheriff Barker

Similar titles

Halloween Kills (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
To All the Boys I’ve Loved Before (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fantastic Beasts and Where to Find Them (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Amazing Spider-Man 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Last Crusade (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6 Bullets (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. |සිංහල උපසිරසි සමඟ
Necromancer 2020 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published