CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
8024 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Hi Nanna (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hi Nanna (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 07, 2023India155 Min.
Your rating: 0
9.6 153 votes
Hi Nanna (2023) | මව්පිය සෙනෙහස සහ ආදරය.

නවක අධ්‍යක්ෂකවරයෙක් වන Shouryuv’ගෙ අධ්‍යක්ෂණයෙන් තෙළුඟු සිනමාවේ නැචුරල් ස්ටාර් ලෙසින් කිරුළු පැලදි නානි සහ Sita Ramam චිත්‍රපටයෙන් පසු යළිත් තෙළුඟු සිනමාවට එක් වන නිළි මෘනාල් ඨාකූර් රංඟනයෙන් දායක වුණු, ඒ වගේම බොහෝ ප්‍රේක්ෂක පැසසුම් මධ්‍යයේ තිරගත වුණු Hi, Nanna චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ..

ඉන්දියානු රුපියල් කෝටි 40ක පමණ මුදලක් වැය කර නිපදවූ සහ මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 75කට අධික ආදායමක් උපයා ගෙන ඇති මෙම චිත්‍රපටය Romance ශාරණයට අයත් වන හැඟීම්බර චිත්‍රපටයක්. පසුගිය දෙසැම්බර් 21 වෙනිදා සිට තිරගත කරන්න හිටියත් Salaar සහ Dunki චිත්‍රපට සමඟ ගැටෙන්න වෙන නිසා මේ චිත්‍රපටය පසුගිය දෙසැම්බර් 7 වනදා සිට තිරගත වීම ආරම්භ කලා. ඉතිං මාසයක් යන්නත් කලින්ම අද දින මෙලෙස Netflix හරහා අන්තර්ජාලයට මුදා හැරුනා.

මෙහි සංඟීතය ගත්තම ගීත 10ක ඇල්බම් එකකින් සමන්විතව වන අතර සංගීත මුසුව Hesham Abdul Wahab විසින් සිඳු කර තිබෙනවා. ඔහුගෙ සංඟීතය මොන වගේද කියලා ඔයාලා Hridayam චිත්‍රපටය බැලුව නම් මේ වෙන කොටත් දන්නවා.

කථාව දෙසට හැරුනම, විරාජ් කියන්නේ තමන්ගෙ අවුරුදු 6ක දියණියත්(මහී) එක්ක ජීවත් වෙන පියෙක්. ඉතිං මේ ගෙදර අම්මෙක් නැහැ. ඉතිං මහීගෙ මුවින් නිතරම නැගෙන ප්‍රශ්නය තමයි අම්මට මොකද වුනේ කියන එක. ඒ නිසා අම්මගෙ කථාව කියන්න කියලා තාත්තගෙන් නිතරම ඉල්ලුවත් ඔහු එය නිතරම කල් දානවා. ඉතිං ඔහොම යද්දි එක දවසක් පොරොන්දු වෙනවා පන්තියේ 1 වෙනියා උනොත් අම්මගෙ කථාව කියනවා කියලා. ඉතිං කොහොම හරි පුංචි මහී හොඳට පාඩම් කරලා පන්තියෙ පළවෙනියා වෙනවා. ඒත් විරාජ් නම් තවම කථාව කියන්න සූදානමක් නැහැ. කල් දම දම ඉන්නවා. ඔහොම ඉද්දි දවසක් මහී ගෙදරින් යනවා. මේ යන අතරෙදි ඇයට යෂ්ණාව (මෘනාල්) මුණ ගැහෙනවා. ඉතිං මේ තනියම ඇවිදින මහීගෙන් විස්තර අහල දැනගෙන, යෂ්නා පොරොන්දු වෙනවා තාත්තා ලවා අම්මා ගැන කථාව කියවවනවා කියලා.

ඉතිං අවසානයේ විරාජ්ට මහීගෙ අම්මගෙ, එහෙමත් නැත්නම් වර්ෂාගෙ කථාව කියන්න පටන්ගන්න සිද්ධ වෙනවා. හරිම ලස්සනට ගලන් යන හැඟීම්බර ආදර කථාවක් තමයි මේ චිත්‍රපටයේ මෙහෙම අන්තර්ගත වෙලා තියෙන්නේ.

ප්‍රින්සස්ලා දෙන්නෙක් එක්ක මේ චිත්‍රපටය බලන්න කැමති හැමෝම එහෙනම් අනිවාරෙන් බලන්න. ගිහින් එන්නම්!

Hi Nanna (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hi Nanna (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (Zoomlk)
IMDb 8.4 /10 2,636 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Shouryuv
Director

Cast

Nani isViraj
Viraj
Mrunal Thakur isYashna/Varsha
Yashna/Varsha
Angad Bedi isDr. Aravind
Dr. Aravind
Jayaram isYashna's father
Yashna's father
Nassar isMahi's doctor
Mahi's doctor
Shilpa Tulaskar isYashna's Mother
Yashna's Mother
Ritika Nayak isSenior Mahii
Senior Mahii
Shruti Haasan isSpecial Appearance in
Special Appearance in "Odiyamma" song

Similar titles

Fatal Journey (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
World Famous Lover (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
35 – Chinna Katha Kaadu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goliyon Ki Raasleela Ram Leela (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
LEGO DC Batman: Family Matters (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Soothravakyam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adithya Varma (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published