CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hidden Strike (2023) | පුරාවෘත දෙකක් එකම මෙහෙයුමක

නෙට්ෆ්ලික් මාධ්‍ය ඔස්සේ නිකුත් උනේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆිල්ම් එකේ රංගන දායාකත්වය ලබා දෙන්නේ කවුද කියලා. අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැති සුපිරිම ලෙජන්ඩ්ලා දෙන්නෙක් තමයි ඉන්නේ. ආත්මාරක්ෂක සටන් කලාවේ පුරාවෘත්තයක් වන ප්‍රවීණ සටන් නළු ජැකී චෑන් සහ රෙස්ලින් ක්‍රීඩාවේ එදාමෙදා තුර බිහිවු අග්‍රගණ්‍ය පුරාවෘත්තයක් වෙන ජෝන් සීනා තමයි මේ සලරුවේ ප්‍රධාන චරිත දෙක විදියට එකතු වෙලා ඉන්නේ. ඉතිං මේ දෙන්නා එකතු වෙලා මැදපෙරදිග තෙල් මංකොල්ලයකට එරෙහිව සටන් වදින හැටි ඔයාලට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. ජැකී චෑන් සහ ජෝන් සීනා ගැන අමුතුවෙන් හඳුන්වන්න ඕන නෑ කිව්වත් වැඩිදුර තොරතුරු කියවන්න ආස අයට මේ දෙන්නා ගැන පොඩියට හරි විස්තරයක් දැම්මනම් හොඳයි කියලා මට හිතුනා. ඒ නිසා කැමති අය මේක කියවලම උපසිරසිය අරගෙන යන්න හොදේ.

ආත්මාරක්ෂක සටන් කලාවේ රජු කවුද කියලා ඇහුව ගමන් ඔයාලා හැමෝටම මතක් වෙන්නේ සුපිරි සටන් ශිල්පී බෘස් ලීව බව මම දන්නවා. නමුත් වර්තමානයේ සිටින ජනප්‍රියම ආත්මාරක්ෂක සටන් ශිල්පියා කවුද කියලා මම ඇහුවොත් ? ඔව්, බොහෝ දෙනෙක්ගේ උත්තරය වෙන්නෙ ජැකී චෑන් තමයි. හොංකොන් සිනමාව විසින් බිහිකළ තවත් සුපිරි සටන් නළුවකු විදියට සැලකෙන ජැකී චෑන් සුවිශාල රසික ආකර්ෂණයක් දිනා ගත්තේ ඔහුටම ආවේණික වු හාස්‍යමය සටන් ජවනිකා හේතුවෙනි. එමෙන්ම චිත්‍රපටවල ක්‍රියාදාම දර්ශන ආදේශක නළුවන් යොදානොගෙන ඔහු විසින්ම සිදුකරන බවටත් හෙතෙම ලෝක ප්‍රසිද්ධයි. වූෂු, කුන්ෆු සහ හප්කිදෝ යන සටන් ශෛලීන් වල ප්‍රවීණයකු වන ඔහු 1960 දශකයේ සිට මේ දක්වා සිනමාපට ගණන 150 කට අධික ප්‍රමාණයක රඟපාලා තිබෙනවා.

ජැකී චෑන්ගේ මුල් නම විදියට සඳහන් වෙන්නේ චෑන් කොංග්-සාන්ග් ලෙසයි. හොංකොංහි උපන් මෙම කුඩා ශරීරයකකින් හෙබි පුද්ගලයා ස්ටන්ට් මෑන් එසේත් නැතිනම් ආදේශක ක්‍රියාදාම නළුවෙක්ගෙ සිට ආසියාවේ හොඳම ක්‍රියාදාම-චිත්‍රපට තරුවක් සහ අධ්‍යක්ෂවරයෙක් බවට පත් කිරීමටත් හොංකොන්ග් කුංෆු චිත්‍රපට ඇමරිකානු සිනමාවට සමීප වීමට උත්ප්‍රේරකයක් වූයේ ඔහුගේ හුරුබුහුටි එහෙත් ශක්තිමත් සහ නම්‍යශිලි සිරුර නිසයි. 1990දී ජැකී චෑන් ඇමරිකානු චිත්‍රපට වෙළඳපොළට ඇතුල්වූ අතර 1995 දී ඔහුට MTV ජාලයෙන් Lifetime Achievement Award නම් සම්මානය පිරිනමනු ලැබුවා. ජැකී චෑන් ඇමරිකානු විකට නළුවෙකු වු ක්‍රිස් ටකර් සමඟ Rush Hour (1998) චිත්‍රපටයේ රඟපෑ අතර එය විශාල සාර්ථකත්වයක් අත්කර ගත් අතර 2001 සහ 2007 වර්ෂ වල එහි තවත් චිත්‍රපට දෙකක් නිර්මාණය කලා.

ජැකී චෑන් හොලිවුඩ් ක්‍රමයට අකැමති පුද්ගලයෙකු වූවත් ඔහු Shanghai Noon (2000), The Tuxedo (2002), The Forbidden Kingdom (2008), The Spy Next Door (2010), The Karate Kid (2010) සහ The Foreigner (2017) යන හොලිවුඩ් චිත්‍රපට රැසක රඟපෑවා. එමෙන්ම ඔහු පරිගණක සජීවිකරණ චිත්‍රපටයක් වන Kung Fu Panda (2008) සහ එහි තවත් නිර්මාණ දෙකක් සඳහාද තම කටහඬ ලබා දී ඇත. 2016 දී ජැකී චෑන් ඇකඩමි සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මානයක් ලැබූ පළමු චීන නළුවා බවට පත් වූ අතර එය ඔහුගේ සුවිශේෂිත ජාත්‍යන්තර ජයග්‍රහණයක් බවට සලකන්න පුළුවන්. රංගනයට අමතරව 1998 දී ජැකී චෑන් පුණ්‍යායතනය ආරම්භ කළ අතර ඔහුගේ අනෙකුත් ව්‍යාපෘතින් අතර හොංකොං තරුණයින්ට ශිෂ්‍යත්ව පිරිනමන වැඩසටහනක් ද ආරම්භ අර ඇත. ඔහු UNICEF හි තානාපතිවරයෙකු ලෙසද කටයුතු කරන ඔහු ලොව වැඩිම මුදලක් අය කරන නළුවන් 10 දෙනා අතර සිටින ජැකීගේ වත්කම ඩොලර් මිලියන 350 ඉක්මවන බවත් පැවසෙනවා. තම ජීවිතය ගැන පවා නොසිතා සටන් කලා රංගනයට කැපවූ ජැකී චෑන් අද වනවිට හොංකොං සිනමාවෙ පමණක් නොව හොලිවුඩය තුලද අද්වීතීය තත්වයක් හිමිකර ගත් අයෙකු ලෙස හැඳින්විය හැක.

ඔබ WWE රසිකයෙකු නම් “ජෝන් ෆීලික්ස් ඇන්තනී සීනා” එසේත් නැත්තම් “ජෝන් සීනා” යන නාමය අසා ඇති බවට සැකයක් නෑ. මේ වන විට රෙස්ලින් ක්‍රීඩාවෙන් තරමක් ඈත්වී සිටියත් අදටත් ලොව පුරා බහුතර WWE රසිකයන්ගේ වීරයා ජෝන් සීනා බව නොරහසක්. 2000 වසරේ මුල් භාගයේදී අති ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩකයකු වු Dwayne Johnson එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න “ද රොක්” WWEහි “ෆේස් රෝල්” එක නොහොත් වීරයාගේ චරිතයෙන් සමුගෙන හොලිවුඩය වෙත ගිය පසු නැවත එම ෆේස් රෝල් එකට ආදේශ කිරීමට සහ ප්‍රේක්ෂකයන් සතුටු කිරීමට සමත් ක්‍රීඩකයෙක් සොයාගැනීමට WWE ආයතනය අපොහොසත් උනා. නමුත් එම කාලය අතරතුර ප්‍රදර්ශන තරගයකට සහභාගි වීමට පැමිණි ජෝන් සීනා නම් නවකයා තම පළමු තරගයෙන්ම ප්‍රේක්ෂකයා ඇදබැඳ ගැනීමට සමත්වූ බව තරග සංවිධායකයන්ගේ අවධානයට පාත්‍ර වුනා. පසුව ඔහුගේ රෙස්ලින් ක්‍රීඩා ක්‍රම සහ ඔහුටම ආවේණිකවූ ඇඳුම් පැලදුම් නිසා රොක්ගෙන් පසු WWEහි වීරයා චරිතය නිතරගයෙන්ම ඔහුට හිමි උනේ ලොව පුරා මිලියන ගණනක රසික ආදරයක්ද සමඟයි. ද රොක්ගේ අඩුපාඩුවත් සමඟ කඩාවැටීමකට ලක්වූ WWE ආයතනය 2000-2010 දශකය පුරා තම අණසකට නතු කරගත් සීනා ලෝක හෙවිවේට් ශූරතාව 16 වරක් දිනාගනිමින් ශූරතාව වැඩිම වරක් දිනාගත් සම-වාර්තාවට හිමිකම් කියනවා. 2000 වසරෙන් පසු WWE ආයතනය මූල්‍යම අර්බූදයෙන් ගලවා ගත්තේ සීනා බව සැවොම දන්නා කරුණකි. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් WWE ප්‍රධානී වින්ස් මික්මෑන් විසින් එක් තරගාවලියක් සඳහා ජෝන් සීනාට අති විශාල මුදලක් ගෙවා තිබෙනවා.

දක්ෂ රැප් ගායකයෙකුද වන ජෝන් සීනා තම තේමා ගීතයන් ඔහුම ගායනා කල අතර ඔහුගේ The Time Is Now ගීතය අදටත් ලොව පුරා අතිශය ජනප්‍රිය වේ. Dwayne Johnsonගේ අඩිපාරේ යමින් හොලිවුඩයට පිවිසෙන ජෝන් සිනා පලමු වතාවට රංගනයට පිවිසෙන්නේ The Marine (2006) චිත්‍රපටයෙනි. අද වන විට සාර්ථක සිනමා දිවියකට හිමිකම් කියන ජෝන් සීනා Bumblebee (2018), Ferdinand (2017), Blockers (2018) යන සිනමාපටවල මෙන්ම DC සිනමා විශ්වයේ පීස්මේකර් ලෙස යහපත් පරතිචාර ලබාගනිමින් සිටිනවා.

අඩු ආදායම්ලාභී කුඩා දරුවන්ගේ උග්‍ර රෝග තත්ත්වයන්ට සැත්කම් සිදුකරන Make-A-Wish පදනමේ ක්‍රියාකාරි ආධාරකරුවෙක් වන ජෝන් සීනා මේ වන විට සැත්කම් 650කට වඩා සිදුකිරීමට තම මූල්‍යමය දායකත්වය ලබාදී තිබෙනවා. එය තනි පුද්ගලයෙකු විසින් කුඩා දරුවන්ගේ සැත්කම් කිරීමට දායක වූ වැඩිම ප්‍රමාණය ලෙසත් වාර්තා වනවා. සුපිරි රෙස්ලින් ශූරයෙක්, දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක්, සහ මානව හිතවාදියෙකු වන ජෝන් සීනා රෙස්ලින් වළල්ලේ මෙන්ම සැබෑ ලෝකයේද වීරයෙකු වශයෙන් සැලකීමට පුළුවන්.

අපි මේ සලරුව ගැන විස්තර ටිකක් බැලුවොත් Hidden Strike චිත්‍රපටය 92%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, මේ වෙද්දි 5.8ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Action / Adventure / Comedy යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Scott Waugh විසින්. ජැකී චෑන් සමඟ අනෙකුත් ප්‍රධාන චරිතය වන “ක්‍රිස් වෑන් හෝර්න්” රඟ දැක්වීමට මුලින්ම යෝජනා වෙලා තියෙන්නෙ හොලිවුඩයේ පතාක නළුවෙක් වන සිල්වෙස්ටර් ස්ටැලෝන්වයි. නමුත් ඔහුගේ දින පිළිබඳ ගැටළුවක් නිසා පසුව මේ චරිතය ජෝන් සීනාට ලැබිලා තියෙනවා. මේක සීනට ලැබුන එකටනම් මමත් ගොඩක් කැමතියි මොකද ඔහු මේ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරලා තියෙනවා. මොවුන් දෙදෙනාට අමතරව ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ යුරෝන් ග්‍රේජෝයි ලෙස රංගනයෙන් දායක උන Pilou Asbæk ඕවන් පැඩොක් ලෙසත්, Amadeus Serafini හෙන්රි වැන් හොර්න් ලෙසත්, Gong Jun හයිමින්ග් ලෙසත්, Chunrui Ma මෙයි ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම ෆිල්ම් එක අන්තිමට තියෙන පොඩි පසු දර්ශනයක් සහ ජැකී චෑන්ගේ සෑම චිත්‍රපටයකම අවසානයේ පෙන්වන ගැග් රීල් එකත් උපසිරසි ගන්වලා තියෙනවා. ඒ නිසා ඒ දෙකත් බලන්න කියලා මතක් කරන්න ඕන.

Comments

Leave a Reply to Cinesubz Cancel

July 30, 2023

download krnn bhne

    Cinesubz July 31, 2023

    Dan hri bro

      Cinesubz July 31, 2023

      Dan Hari Bro , Try karanna Dan

    Cinesubz July 31, 2023

    Dan Hari Bro , Try karanna Dan

July 31, 2023

eath baaane download karanna

    Cinesubz July 31, 2023

    Dan Hari Bro , Try karanna Dan

July 31, 2023

Download krnna baha ne

    Cinesubz July 31, 2023

    Dan Hari Bro , Try karanna Dan

July 31, 2023

Download Kenny bhne

    Cinesubz July 31, 2023

    Dan Hari Bro , Try karanna Dan

July 31, 2023

me film eka download karanna bha. aluthin apu thawa film 2k download karanna bha. ekak download una e unata no video available kiyala watune.

    Cinesubz July 31, 2023

    Dan Hari Bro , Try karanna Dan

July 31, 2023

download krnn bh

    Cinesubz July 31, 2023

    Dan Hari Bro , Try karanna Dan

July 31, 2023

Suwahas

    Cinesubz July 31, 2023

    Dan Hari Bro , Try karanna Dan

July 31, 2023

Direct download eror

    Cinesubz July 31, 2023

    Dan Hari Bro , Try karanna Dan

July 31, 2023

Download Error

    Cinesubz July 31, 2023

    Dan Hari Bro , Try karanna Dan

August 3, 2023

Oppenheimer ekath dannako❤❤

August 9, 2023

meka download karannath baa