CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
192 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 23, 2024India116 Min.
Your rating: 0
6 1 vote
Hunt (2024) | “පලිගැනීමක්, මිනීමැරුමක්, ආත්මයක්”

 

මේ කතාව පටන් ගන්නේ අධිකරණ වෛද්‍ය පශ්චාත් උපාධිය කරන කෙනෙක්ට තමන්ගේ විද්‍යාලයෙන් අතුරුදන් වෙච්ච ඇනිස්තිසියා ළමයෙක්ගේ ඇටසැකිලි කොටස් අහම්බෙන් හමුවෙන සිද්ධියෙන්. මේ විමර්ශනය දිගටම කරගෙන යද්දී මේ ළමයාගේ කලින් පෙම්වතාත් මේ අභිරහසට පැටලෙනකොට නඩුව තවත් සංකීර්ණ වෙනවා.

මෙතැනින් එහාට මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නකෝ. තේරෙයි.

වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

මේ Hunt කියන මලයාලම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මලයාලම් සිනමාවේ සිටින දක්ෂ ක්‍රියාදාම අධ්‍යක්ෂක වරයෙක් වෙන ශාජි කයිලාස්ගෙන්. (මේ නමින්ම නවා ධලපති සුධිර් බාබුගේ ෆිල්ම් එකකුත් තියෙනවා. පටලවගන්න එපා.) මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කරන්නේ K.රාධක්‍රිෂ්ණන් වගේම මේකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ කයිලාස් මෙනන්. මේ චිත්‍රපටය නිකුත් කරන්නේ 2024 අවුරුද්දේ අගෝස්තු 23 වෙනිදා. මේක අයිති වෙන්නේ හොරර් ත්‍රිලර් කියන වර්ගයට.

රංගනයෙන් භාවනා, රෙන්ජි පනිච්කර්, අජ්මල් අමීර්, බිජු පාප්පන්, අදිති රවී, කෝට්ටයම් රමේෂ් වැනි අය දායක වනවා.

විශේෂයෙන් භාවනා – ශාජි කයිලාස් සුසංයෝගය හමුවෙන්නේ මේ චිත්‍රපටයෙන් නෙවෙයි. 2006 අවුරුද්දේ චින්තාමණි කෝලාකේස් (Chinthamani Kolacase) චිත්‍රපටයෙත් මේ දෙදෙනාගේ සුසංයෝගය දකින්න ලැබෙනවා. මේ ඒ දෙන්නාගේ දෙවැනි චිත්‍රපටය.

ශාජි කයිලාස් ගැන නොදන්නා කෙනෙක්ට පොඩි විස්තරයක් දෙන්නම්. ශාජි කයිලාස් කියන්නේ කේරලයට මාස් චිත්‍රපටි නිර්මාණය කරන අධ්‍යක්ෂකවරයෙක් විදිහට කාලයක් ප්‍රසිද්ධියක් ලබපු කෙනෙක්. හැබැයි කාලයත් එක්කම නිර්මාණ රසිකයින්ගේ අප්‍රසාදයට ලක් වෙච්ච නිසා 2012-13 කාලයෙන් පස්සේ ශාජි කයිලාස් සිනමා අධ්‍යක්ෂණයට උනන්දුවක් දැක්වූවේ නෑ.. පස්සේ එයා ප්‍රිත්විරාජ් සුකුමාරන්, සමයුක්තා මෙනන්, අර්ජුන් අශෝකන්, විවේක් ඔබ්රෝයි වගේ අය රංගනයෙන් දායක වෙච්ච කාඩුවා (Kaduva) චිත්‍රපටයෙන් තමන්ගේ නැවතාගමනය සනිටුහන් කරනවා. එපමණක් නෙවෙයි කාපා (Kaapa) චිත්‍රපටයත්, මෝහන්ලාල්ගේ Alone මලයාලම් චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කලෙත් මොහුම තමයි. ශාජිගේ මීලග අධ්‍යක්ෂණය වන Pink Police චිත්‍රපටය තිරගත වෙන දිනයක් හරි හැටි දන්නේ නෑ.

රේටින් ගැන කිව්වොත් IMDB අගය 5.2/10කුත් ගූගල් පරිශීලක අගය 34%කුත් මේකට ලැබෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඕෂද එරංග (Cinerulk )
IMDb 3.7 /10 119 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Shaji Kailas
Director

Cast

Bhavana isDr. Keerthi
Dr. Keerthi
Aditi Ravi isDr. Sara
Dr. Sara
Chandhunadh isShanavas
Shanavas
Renji Panicker isPadmanabha Ramaswamy
Padmanabha Ramaswamy
Nandhu isCI Sathyam
CI Sathyam
Anu Mohan isDr Aravind
Dr Aravind
Dain Davis isDr Kuncheria
Dr Kuncheria

Similar titles

Naradan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
King Cobra (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paradise (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Heaven (2022) Sinhala Subtitles | “ස්වර්ගය” | සිංහල උපසිරැසි සමඟ
It Lives Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Falimy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoot Police (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demonte Colony 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jack in the Box: Awakening (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published