
කවුද කැමති දේව කථාවලට? ගොඩක් කට්ටිය ඉන්නව වගේ. හරි අද මම ඔයාලට ගෙනාවේ දේව කතාවක්. දේව කිවුවට මිනිස්සුත් ඉන්නවා. චිත්‍රපටියෙ නම තමයි Immortals. පට්ට ෆිල්ම් එකක්. මට මේ ෆිල්ම් එක අහම්බෙන් යාළුවෙක්ගෙන් හම්බවුණේ.මම මුලින් හිතුවෙ මෙලො රහක් නැති ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා. මෙන්න පස්සෙ බලන්න ගත්තාම තමයි පට්ටයි කියල තේරුණේ. ඒ නිසාම මං තීරණය කළා Baiscopelk එන අපේ යාළුවන්ටත් මේ ෆිල්ම් එක දෙන්න ඕන කියලා. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ග්‍රීක මිථ්‍යා කතා වගයක්.
ෆිල්ම් එක මුලින්ම නම් කරන්න ඉදල තියෙන්නේ Dawn of War කියලා. ඊට පස්සෙ ඒ නම වෙනස් කරලා War of the Gods කියලා නම් කළා. අන්තිමට තමයි Immortals කියල නම් කළේ. ඒ වගේම මේ ෆිල්ම් එකේ නම සම්මාන කීපයකටම යෝජනා වෙලත් තියෙනවා. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන Theseus ගේ චරිතය රගපාන්නේ Henry Cavill. මෙයා තමයි Man of Steel ෆිල්ම් එකේ Superman ටත් රගපාන්නේ. නියම නළුවා. තව මේකෙ Phaedra විදියට Freida Pintoද, Stavros විදිහට Stephen Droff ද, Zeus විදිහට Luke Evans ද, Athena විදිහට Lsabel Lucas ද, Poseidon විදිහට Kellan Lutz හා Hyperion රජු විදිහට Mickey Rourke ද රංගනයෙන් දායක වෙනවා.මේක release වුණේ 2011 නොවැම්බර් 11 වෙනිදා. IMDb එකේ මේ ෆිල්ම් එක 6.0 ක rate එකක් අරන් තියෙනවා. හරි මම කතාව පොඩ්ඩක් කියන්නම්.
මේකෙදි වෙන්නේ Hyperion කියන රජු උත්සාහ කරනවා දිව්‍ය ලෝකේ ඇතිවුණු යුද්දෙකදි නැතිවෙලා පොළවට වැටුණ Epirus කියන දුන්න හොයාගෙන ඒ යුද්දෙන් පරාද වෙලා ටාටරස් කන්දේ වලල ඉන්න ටයිටන්ලව නිදහස් කරලා ලෝකයේ පාලනය ගන්න. කොහොමහරි මේක නවත්වන්න වෙන්නේ Theseus ට. මෙතෙන්දි Theseus ගේ අම්මව Hyperion රජු විසින් මරලා දානවා. ඒකේ පලිය ගන්නත් එක්ක Theseus ,Hyperion රජු එක්ක යුද්ධ කරලා ඒ පලිය ගන්න හදන විදිහ තමයි මේ කථාවේ තියෙන්නේ. යුද්දෙදි Theseus දිනනවද නැද්ද කියලා මම කියන්නෑ. ඔයාලම බලන්න. ෆිල්ම් එකේ පසුබිමවල් එහෙම 300 ෆිල්ම් එකට සමානයි. හැබැයි මේක පවුලේ සැමට නම් බලන්න බෑ. ඒකත් කියන්නම ඕනා.
එහෙනම් ආයෙත් හමුවෙනකම් අපි ගියා.
Options | Quality | Language | Size |
---|---|---|---|
BluRay SD 480p | 433.22 MB | English | |
BluRay HD 720p | 861.78 MB | English | |
BluRay FHD 1080p | 1.58 GB | English |