CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1450 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 27, 2025Germany102 Min.
Your rating: 0
8.4 7 votes
In the Lost Lands (2025) | “ග්‍රේ ඇලිස්”

 

ඔන්න අදත් තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි මේ පැත්තට ආවේ..ඉතින් අද සිංහල උපසිරැසි අරගෙන එන්නේ පෙරේදා දවසේ OTT වෙත මුදාහැරුණු In the Lost Lands (2025) කියන Action, Adventure සහ Fantasy කියන ශාරණයන්ට අයිති අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයට.. මේක චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Resident Evil, Death Race වගේ ඉතා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Paul W. S. Anderson විසින්.. ඒ වගේම තිර පිටපත ලියලා තියෙන්නේ Game of Thrones රචනා කරපු R.R Martin විසින්.. ඉතින් R.R Martin මේ කතාව ලයින්නෙත් In the Lost Lands කියන නමින්ම තියන තමන්ගේ කෙටි කතා පොත පදනම් කරගෙන.. Ratings පැත්ත ගැන බැලුවොත් IMDb දර්ශකයේ 4.7/10 වගේ අගයක් තමයි දැනට මේ චිත්‍රපටයට හිමි වෙලා තියෙන්නේ..

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධාන චරි ද්විත්වය නිරූපනය කරන්නේ Milla Jovovich සමඟින් අපි කවුරුත් දන්න Wrestling තරුව Dave Bautista.. ඊට අමතරව Amara Okereke, Simon Lööf, Arly Jover, Deirdre Mullins, Fraser James වගේ නලු නිළියන් පිරිසක් සෙසු චරිත සඳහා රංගන දායකත්ව ලබා දීලා තියනවා..

කතාව පැත්තට හැරුණොත් මේ කතාව දිව යන්නේ මායකාරියෙක් වුණු ග්‍රේ ඇලිස් සහ දඩයක්කාරයෙක් වුණු බෝයිස් වටා.. ඉතින් මේ ග්‍රේ ඇලිස් කියන මායාකාරිය මුදලට ඕනම කෙනෙක්ට තම තමන්ගේ අශාවන් ඉෂ්ට කරලා දෙන කෙනෙක්.. දවසක් නගරයේ රැජිණ ග්‍රේ ඇලිස්ව මුණ ගැහෙන්න ඇවිත් තමන්ට මෘගයෙක්ගේ බලය ඕන කියලා කියනවා..ඒ කියන්නේ මනුස්ස වේශයෙන් ඉඳලා අවශ්‍ය වුණාම මෘග⁣යෙක්ගේ වෙස් ගන්න පුලුවන් බලය තමයි මෙයා ඉල්ලන්නේ..ඉතින් ග්‍රේ ඇලිස් කියන්නේ තමන් ළඟට එන කිසිම කෙනෙක්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන කෙනෙක් නෙවෙයි..ඉතින් මෙයා පුර පසළොස්වක දවස වෙද්දි රැජිනගේ ආශාව ඉෂ්ට කරන්න පොරොන්දු වෙනවා..ඉතින් මේ වැඩේ හැඩය මාරුකරන්නෙක්ගේ එහෙමත් නැත්තන් ෂේප්ෂිෆ්ටර් කෙනෙක්ව තමන්ගේ ගුහාවෙදිම මරලා එයාගේ බලය ගන්න ඕන කරනවා. ඉතින් දැන් ග්‍රේ ඇලිස් මේ වගේ හැඩය මාරුකරන්නෙක්ව හොයන්න ලොස්ට් ලෑන්ඩ්ස් වලට පිටත් වෙනවා..ඒ අතරෙදි තමයි එයා මේ වැඩේට බොයිස් කියන දඩයක්කාරයගේ උදව් අරගන්නේ..ඉතින්,

ග්‍රේ ඇලිස්ට හැඩය මාරුකරන්නව මරලා බලය ගන්න පුලුවන් වෙයිද?

ග්‍රේ ඇලිස් රැජිණගේ ආශාව ඉෂ්ට කරයිද?

කියන දේවල් සේරම දැනගන්නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා..

අවසාන වශයෙන් කියන්න ඕන මේ චිත්‍රපටය බලාපොරොත්තු වුණ තරම් ප්‍රේක්ෂකයෝ වැළඳගෙනනම් නෑ කියලා අපිට රේටින්ග්ස් දිහා බැලුවම තේරෙනවනේ..මමත් මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න ප්‍රධානම හේතුව වුණේ Dave Bautista..කොහොම වුණත් මේ ටයිප් එකේ Fantasy ෆිල්ම් වලට ආස කෙනෙක්නම් ඔයාට මේ ෆිල්ම් එක කිසිම කම්මැලිකමක් නැතුව එන්ජෝයි කරන්න පුලුවන් වෙයි.. ඒ නිසා රේටින්ග්ස් ගැනම කල්පනා නොකර බලලම තීරණේ කරන්න කියලා මතක් කරනවා..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk )
IMDb 4.7 /10 2,540 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Transporter 2 (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Heist (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Rabbit 2: The Runaway (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Extinction (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ra.One (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhoom Dhaam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload Sub Error Fixed
Naane Varuvean (2022) Sinhala Subtitles
Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan April 16, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published