CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2029 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Incendies (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Incendies (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 04, 2010Canada131 Min.
Your rating: 0
7 7 votes
Incendies (2010) | යුධ ගිණිදැල්

ඔන්න තවත් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේ පාර අරගෙන ආවේ ප්‍රංශ භාෂාවෙන් නිර්මාණය වුන මෑත අතීතයේ ලෝක සිනමාවේ හුඟක් ජනප්‍රිය වුන සලරුවක්.ඒ වගේම මේක IMDb Top 250 වලත් තියෙනවා.ඒකෙන්ම ෆිලුමේ තත්ත්වය ගැන අදහසක් ගන්න පුළුවන්නේ.හරියටම කිව්වොත් මේක ඒ ලැයිස්තුවේ 146වෙනි චිත්‍රපටය.ඒ වගේම විචාර සමූහනය කිරීමේ ප්‍රමුඛතම අන්තර්ජාල අඩවිය වන Rotten Tomatoes එකෙන් මේකට 92%ක අගයක් ලැබිලා තියෙනවා.මේ විදියට ලොව පුරා සිනමා විචාරකයින්ගේ නොමඳ පැසසුමට ලක්වුන මෙම චිත්‍රපටය ලොකු ගැඹුරක් තියෙන සිනමාපටයක් කියන්න පුළුවන්.Drama Mystery War ප්‍රභේදවලට තමයි මේක අයත්වෙන්නේ.Mystery ප්‍රභේදයටත් අයිති නිසා සමහර සම්භාව්‍ය ඝනයේ චිත්‍රපට වගේ නෙවෙයි,කම්මැලි කමක් නැතුව එක දිගටම මේක බලන්න පුළුවන් වෙයි.ජාතිවාදය නිසා ඇතිවන සිවිල් යුද්ධ,ඒවා මගින් මිනිසුන්ට ඇතිවන භෞතික,මානසික මෙන්ම සමාජයීය බලපෑම් වෙනස් වගේම තාත්වික ස්වරූපයකින් ෆිලුමේ අඩංගු වෙලා තියෙනවා.මේ ෆිලුමට ජාත්‍යන්තර සම්මානත් රාශියක් ලැබිලා තියෙනවා.ඒවා සඳහන් කරන්න කලින් ෆිලුමේ කතාව ගැන යමක් කියලා ඉන්නම්.

ෆිලුම පටන්ගන්නේ නවාල් මර්වාන් කියන කාන්තාවගේ අන්තිම කැමත්ත ඇයගේ නිවුන් දරුවන් ඉදිරියේ නොතාරිස් කෙනෙක් ඉදිරිපත් කිරීමත් එක්ක.ඒ අවසන් කැමැත්තේ කියවෙන්නේ ඇයගේ දේහය මිනී පෙට්ටි,යාච්ඤාවන් සහ කිසිඳු වස්ත්‍රයක් නොමැතිව වළ දැමිය යුතු බවත් ඇය වෙනුවෙන් කිසිම සොහොන් ස්මාරකයක් හැදෙන්න ඕනේ නෑ කියන කාරණාවත් කියන දේවල්.ඒ වගේම ඇය ටිකක් අමුතු විදියේ ඉල්ලීමක් තමන්ගේ දරුවන්ගෙන් ඉල්ලලා තියෙනවා.ඇය විසින් ලිපි දෙකක් ලියලා තියෙනවා.අන්තිම කැමැත්තේ සඳහන් විදියට මේ ලිපිවලින් එකක් මේ දරුවන්ගේ පියාට ලැබෙන්න ඕනේ වගේම අනිත් ලිපිය එයාලගේ සහෝදරයට ලැබෙන්න ඕනේ.ඒ අයව හොයාගෙන ගිහින් එයාලට මේ ලිපි ලබාදෙන්න කියලා ඇය තමන්ගේ දරුවන්ගෙන් ඉල්ලලා තියෙනවා.කොහොමවුනත් තමන්ගේ පියා ජීවතුන් අතර බවත් තමන්ට තවත් සහෝදරයෙක් ඉන්න බවත් ඇයගේ මේ දරුවන් මීට කලින් දැනගෙන හිටියේ නෑ .ඒත් සිමොන්, ඒ කියන්නේ නිවුන් සොහොයුරා මේ ගැන ඒ තරම් තැකීමක් දක්වන්නේ නෑ වගේම එයා හිතන්නේ මේක මානසිකව දුර්වල වෙලා හිටිය තමන්ගේ අම්මාගේ හිතේ ඇතිවුන විකාර අදහසක් කියලා.නමුත් නිවුන් සොහොයුරිය, ජේන් මේක තමන්ගේ වගකීමක් විදියට හිතලා අම්මගේ ඉල්ලීම ඉෂ්ට කරන්න හිතාගෙන එයා ඉපදුන මැදපෙරදිග තියෙන රටකට යනවා,තමන්ගේ තාත්තාවයි සහෝදරයවයි හොයාගන්න.මේ ගමනේදී අම්මාගේ ජිවිතයේ සැඟවුන අතීතය ගැන ගොඩක් දේවල් මෙයාට දැනගන්න ලැබෙනවා.මේ විදියට තමයි කතාව ඉදිරියට ගලාගෙන යන්නේ.කොහොමවුනත් අවසානයේදී බොහොම සංවේදී දෙයක් තමයි අපට දැනගන්න ලැබෙන්නේ.

මේක කැනේඩියානු චිත්‍රපටයක්.Souha Bechara කියන ලෙබනන් ජාතික ලේඛිකාවගේ ජීවිත කතාව ආශ්‍රයෙන් මේ චිත්‍රපටය හැදිලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ.මේ ෆිලුමේ ඇතුලත් වෙන්නේ මනඃකල්පිත මැදපෙරදිග රටක ඇතිවුන සිවිල් යුද්ධයක් ගැන අතීතයක්.කොහොමවුනත් විචාරක අදහස වෙන්නේ නම් මේකේ ඇතුලත් වෙන්නේ 1975-1990 අතර ඇතිවුන ලෙබනන් සිවිල් යුද්ධය පිළිබඳව තොරතුරු කියලයි.ලැබුණු සම්මාන ගැන සඳහන් කරනවනම් 30කට ආසන්න අන්තර්ජාතික සම්මාන ප්‍රමාණයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.2011 වසරේදී පවත්වපු 31වෙනි Genie සම්මාන උළෙලදී හොඳම චලන චිත්‍රපටය,හොඳම අධ්‍යක්ෂනය,හොඳම නිළිය ඇතුළු සම්මාන 8ක් දිනාගන්න මේ ෆිලුම සමත්වෙලා තියෙනවා.ඒ වගේම 2010දී පවත්වපු 83වෙනි Academy සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය සඳහාත් මේක නිර්දේශ වෙලා තියෙනවා.ඒ වගේම Jutra Awards කියලා 2016 වෙනකල් හඳුන්වපු,මේ වෙනකොට Prix Iris කියලා හඳුන්වන කැනේඩියානු සිනමා උළෙලේ 2011 වසරේ පවත්වපු 13වන සිනමා සම්මාන රාත්‍රියේදී සම්මාන 9කට හිමිකම් කියන්නත් මේ ෆිලුම සමත්වෙලා තියෙනවා.මේ විදියට සිනමා සම්මාන රාශියක් ෆිලුමට ලැබිලා තියෙනවා වගේම තවත් සිනමා සම්මාන රාශියක් සඳහා මේ චිත්‍රපටය නිර්දේශ වෙලත් තියෙනවා.

ඉතින් මෑත අතීතයේදී ලෝක සිනමාව හොල්ලපු මේ අපූර්ව සිනමාපටය තවත් දෙපාරක් නොසිතා නරඹන්න කියලා බයිස්කෝප් සිනමා රසික ඔබ හැමෝටම ආරාධනා කරනවා!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තරිඳු රසාංග (Baiscopelk)
IMDb 8.3 /10 191,234 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Maxim Gaudette isSimon Marwan
Simon Marwan
Rémy Girard isNotary Lebel
Notary Lebel
Allen Altman isNotaire Maddad
Notaire Maddad
Dominique Briand isProfessor Niv Cohen
Professor Niv Cohen
Frédéric Paquet isDoctor in the Emergency Room
Doctor in the Emergency Room
Ahmad Massad isBassem Marwan
Bassem Marwan
John Dunn-Hill isProfessor Said Haidar
Professor Said Haidar

Similar titles

Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agnyathavasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unfaithful (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A1 Express (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Putham Pudhu Kaalai (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tezz (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Helmet (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fire with Fire (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krispy Rishtey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published