CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Infinitum: Subject Unknown (2021) | අනන්තයට යන පාර දිගේ

කතාව ගැන කිව්වොත්, ජේන් අමුතු කාමරයක අවදි වෙද්දි, පුටුවක ගැටගහලා, කට බැඳලා තියෙන බව දැන ගන්නවා, එයා ඉන්නෙ කොහේද? කවුද මේ වැඩේ කළේ කියලා එයාට කිසිම අදහසක් නෑ. මේ කාමරෙන් එළියට යන්න පාරක් නෑ. පාරක් හොයා ගත්තත් ටික දුරක් ගිහින් බලද්දි ආපහු හිටපු තැනමයි. භයක් ඇති වෙනකොට ජේන්ගෙ ඇස් ඉදිරිපිට ලොකු ආලෝකයක් දැල්වෙනවා. ආපහු අවදි වෙද්දි ඉන්නෙ මුලින් හිටපු තැනමයි. එකම දවස නැවත නැවතත් එන බව වගේම තමන් කාල පරාසයක හිරවෙලා ඉන්න බව ජේන් ඉක්මනටම හොයා ගන්නවා. කළින් සිද්ධ වුණු දේවල්ම නැවත නැවතත් සිද්ධ වෙද්දි ඉදිරියට වෙන දේවල් ගැන ජේන්ට හෝඩුවාවක් දෙන්න වගේ වෙන කොහෙන්දෝ ඈත තැනකින් කටහඬක් ඇහෙනවා. පාළු පාරවල් දිගේ ගමන් ආරම්භ කරපු ජේන් ක්වොන්ටම් විද්‍යා පර්යේෂණාගාරයක් හොයනවා. මේ අවසානයක් නැති බියකරු සිහිනයෙන් ගැලවෙන්න ජේන්ට පුළුවන් වෙයිද? ඇත්තටම මොකක්ද මේ තැන. සමාන්තර ලෝකයක්ද?

ඉතින් “අනන්තයට යන පාර දිගේ” ඇය යන හැටි, මේක බාගෙන සිංහල උපසිරැසිත් එක්කම බලන්න

Comments