CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Island of Lemurs: Madagascar (2014) | උනහපුළු රජ දහන…

සෑහෙන්න කාලයකට පසේ ඔයාලට වාර්තා වැඩසටහනකට උපසිරැසි දෙන්න කාලයක් හොයාගන්න පුළුවන් උනා. හැමෝගෙම කැමැත්තක් නැති උනත් ඉගෙන ගන්න ලෝකයේ තතු දැනගන්න කැමති මේ වගේ දේවල් පස්සෙන් එලවන පිරිසක් ඉන්න බව දන්න නිසා මේ කතාවට උපසිරැසි දෙන්න කියල තීරණය කලේ.

හරි ඔයාල බලල ඇති නේද මැඩගස්කර් කියන ඇනිමේෂන් චිත්‍රපට ටික. එතකොට ඔයාලට මතකෙට එන නමක් තමයි කිංග් ජුලියන්. අද මේ කියන්න යන්නේ උන්නැහේ ගැන නම් නෙමේ. ඒ චරිතයට පාදක උන ඇත්තටම ජීවත් වෙ එයාලගේ පරම්පරාව ගැන. කොහොමද එයාල මැඩගස්කරයට ආවේ, එයාලගේ මුතුන් මිත්තෝ කවුද, මෙයාල ලෝකයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද සහ මේ සත්ව කොට්ඨාශය තුල ඇති විවිධ වර්ග පිළිබඳව විස්තර රාශියක් මේ විනාඩි 40 තුලට ගොනු කරලයි තියෙන්නේ.

කිංග් ජුලියන් කිව්වට මෙයාලට අපි ඇත්තටම කියන නම ගැන කිව්වේ නැහැනේ. ඒ තමයි උනහපුළුවන්. අද මේ විනාඩි 40 දිවයන්නේ මැඩගස්කරය තම රාජධානිය කරගෙන ඉන්න මේ පුංචි අරුම පුදුම සත්ව කොට්ඨාශය පිළිබඳවයි. එහෙනම් මෙතැන් පටන් ඔයාලට කතාව බාරයි. හැමෝටම ජය ප්‍රර්ථනා කරනවා!!!

Comments