CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

It Lives Inside (2023) | පිසාච දඩයම

 

 

ඉන්දීය ජනප්‍රවාද වල එන එක්තරා ආකාරයක රාක්ෂයෙක් පදනම් කරගත්ත සිනමා නිර්මාණයක් තමා මේක. “පිසාච” නමින් හඳුන්වන මේ රාක්ෂයා,සෘණාත්මක සංවේගයන් හරහා පෝශණය ලබන පරපෝශිත රාක්ෂයෙක්. ඉතින් මේ යක්‍ෂයාගෙ දඩබිමේ ගොදුරක් බවට පත් වෙන පුංචි ඉන්දීය පවුලක් වටා ගෙතුන කතාවක් තමා මේ චිත්‍රපටය ට අන්තර්ගත වෙලා තියෙන්නෙ.

මෙම චිත්‍රපටය NEON චිත්‍රපට සමාගමේ බෙදාහැරීමක් වන අතර 2018 වර්ෂයේ අතිශය ජනප්‍රියත්වයට පත් Jordan peele ගේ Get out (2018) චිත්‍රපටයේ නිශ්පාදක මණ්ඩලයේ නිර්මාණයක් වන අතර මේ වන විට ලොව පුරා විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් මේ වටා එක්‍ රැස් වී සිටිනවා. එමෙන් ම මේ වන විට මෙම චිත්‍රපටයට 5.6/10ක Imdb අගයක් ද ලබාගෙන තියෙනවා. එහෙනම්,තවත් වැඩි කතා බතා ඕන නෑ. හැමෝටම චිත්‍රපටය රසවිඳින්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා.

Comments

October 17, 2023

මං කීප දවසකට කලින් දැක්කා අලුතින් ගෙදරට පදිංචියට ආපු පව්ලක් වටා ගෙතුනු හොල්මන් කතාවක් M අකුරෙන් නම පටන් ගත්තේ නම බලන්න හම්බුනේ නෑ…. අද ඒ කතාව බලන්න කියලා ආවේ ඒක දැන් නෑනේ 🥺 එහෙම වෙන්නේ කොහොමද… කලින් මෙහෙම වෙලා නෑනේ… පුංච් ගෑනු ලමෙක් හිටියේ photo එකේ… ඒක බලලා දෙන්නකෝ please

January 14, 2025

❤️👍