CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4982 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
Jack Reacher: Never Go Back (2016) with Sinhala Subtitles | ඔහු නැවතත් [සිංහල උපසිරසි සමඟ]

Jack Reacher: Never Go Back (2016) with Sinhala Subtitles | ඔහු නැවතත් [සිංහල උපසිරසි සමඟ]

Oct. 19, 2016China118 Min.
Your rating: 0
votes
Justice is Coming.

( Jack Reacher: Never Go Back (2016) with Sinhala Sub , Jack Reacher: Never Go Back (2016) with Sinhala Subtitle , Jack Reacher: Never Go Back (2016) with Sinhala Subtitles )

නම Jack Reacher: Never Go Back. මේකේ මුල් කතාව දැනටම කට්ටිය බලලා නැති වෙන්න විදිහක් නෑනෙ. 2012 Jack Reacher ෆිල්ම් එක ඔයාලට අරගෙන ආවෙ දිදුල අයියා කියලා මතක ඇතිනෙ. මේ ෆිල්ම් දෙකට පාදක වෙන්නෙ ලී චයිල්ඩ් කියන නවකතා කරුවා විසින් ලියන පොත් දෙකක්. 2012 වසරේ සිනමා පටයට පාදක වෙන්නෙ ඔහු විසින් 2005 වසරේ එලි දක්වපු One Shot කියන නවකතාවයි. මේ සිනමාපටයට පාදක වෙන්නෙ ඔහු විසින් 2013 වසරේ එළිදක්වපු Never Go Back කියන නවකතාවයි. හැබැයි කළින් එක වගේ මේ සිනමාපටය ටිකක් සාර්ථක මදි කියලයි කට්ටියගෙ අදහස් බැලුවම පේන්නෙ. අර කළින් එකේ වගේ නියම කතාවක් නෑ කියන එකයි කට්ටියගෙ අදහස. හැබැයි තියෙන ඇක්ෂන් කොටස් නම් හොඳයි කියලා කියන්න පුළුවන්. IMDb අගය 6.3යි. කලින් වගේම ප්‍රධාන චරිතය වෙන ජැක් රීචර් නම් හිටපු හමුදා මේජර් වරයාගෙ චරිතයට පන පොවන්නෙ සුප්‍රසිද්ධ නළු ටොම් කෲස්. ලබන අවුරුද්දෙ, වැරදුනා මේ අවුරුද්දෙ The Mummy සිනමාපටයෙනුත් ටොම්ව අපිට මුණගැහෙනවා කියලා දන්නවා ඇතිනෙ. හොලිවුඩයේ වයසට නොයන නළුවා. ? අනෙක් ප්‍රධාන චරිතය වෙන මේජර් සූසන් ටර්නර් විදිහට අපි How I Met Your Mother, SHIELD වැනි කතා මාලා හරහායි Avengers වැනි සිනමාපට හරහායි දැක්ක කෝබි ස්මල්ඩර්ස් තමා රංගන දායකත්වය ලබා දෙන්නෙ. ජැක්ගෙ දුව කියලා කියන සමන්තා ඩට්න් කියන ගෑණු ළමයා විදිහට සිනමාපටයෙදි අපට හමුවන්නෙ ඩොනිකා යරොෂ්වයි. එහෙනම් කතාව බලමුකො.

ජැක් රීචර් කියන්නෙ මොන වගේ සුපිරි මොළකාර චරිතයක්ද කියන එක කළින් ෆිල්ම් එක බලපු අය දන්නවා ඇතිනෙ. ඉතින් කතාව පටන් ගන්නෙ ජැක්, නීතිවිරෝධී වැඩක් කරන ෂෙරිෆ් කෙනෙක්ව අල්ලලා දෙන එකක් එක්ක. ඉතින් මේ වැඩෙන් පස්සෙ ජැක් එයාගෙ වැඩ වලට උදව් කරපු, එයාගෙ කාර්යාලයේ ඉන්න මේජර් සූසන් ටර්නර්ට කතා කරනවා රෑ කෑමකට හම්බෙන්න එන්න අහන්න. ඊට පස්සෙ මෙයා දවස් දෙකතුනකට පස්සෙ හම්බවෙන්න එද්දි මෙයාට ලැබෙන ආරංචිය තමයි මේජර් සූසන් ටර්නර්ව හිරබාරයට අරගෙන කියලා. සූසන්ගෙ නීතීඥයා වෙන කර්නල් මූක්‍රොෆ්ට් මාර්ගයෙන් ජැක්ට දැනගන්න ලැබෙනවා සූසන් ඇෆ්ගනිස්තානෙදි සිදුවෙච්ච එයාගෙ සොල්දාදුවෝ දෙන්නෙක්ගෙ මිනීමැරුමට සම්බන්ධයි කියලා. ඒ වගේම එතනදි ජැක්ට දැනගන්න ලැබෙනවා එයාට අවුරුදු 15ක දුවෙකුත් ඉන්නවා කියලා. ඉතින් දැන් මොකක් වෙයිද? ඇත්තටම සූසන් ඒකට සම්බන්ධයිද? ජැක් දැන් මොකක් කරයිද? ජැක්ට දුවෙක් ඉන්නවද? මේ හැමදෙයක්ම ෆිල්ම් එක නරඹලා ඔයාලටම හොයාගන්න මං ඉතුරු කරන්නම්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමන් ප්‍රසාද් (Baiscopelk) (PG-13)
IMDb 6.1 /10 157,987 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Edward Zwick
Director

Cast

Tom Cruise isJack Reacher
Jack Reacher
Cobie Smulders isSusan Turner
Susan Turner
Madalyn Horcher isSgt. Leach
Sgt. Leach
Jessica Stroup isLt. Sullivan
Lt. Sullivan
Holt McCallany isCol. Morgan
Col. Morgan
Robert Knepper isGeneral Harkness
General Harkness
Robert Catrini isColonel Moorcroft
Colonel Moorcroft

Similar titles

Lyle, Lyle, Crocodile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madras (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality
Ong-Bak: The Thai Warrior (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Retribution (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hotel Transylvania 3: Summer Vacation (2018) Sinhala Sub
Kaakha Kaakha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cars 2 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Catch Me If You Can (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Solo (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published