CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2698 Views

  • Player 01
  • Player 02
  • Player 03
Jiivi (2019) Sinhala Subtitles | අන්සතු වස්තුව ! | සිංහල උපසිරසි සමඟ

Jiivi (2019) Sinhala Subtitles | අන්සතු වස්තුව ! | සිංහල උපසිරසි සමඟ

Jun. 28, 2019India122 Min.
Your rating: 0
votes

Jiivi (2019) Sinhala Sub
Jiivi (2019) Sinhala Subtitle
Jiivi (2019) Sinhala Subtitles

Jiivi (2019)

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉක්මනටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන ආවා. කුතුහලයෙන් ෆිල්ම් බලන්න ආස අයට මේක බලන්නම කියල ඉල්ලනවා. IMDb 8.0 අරගෙන තියෙනව කියනකොට ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. 2019 ජූනි මස තිරගත වීම ආරම්භ කරන ලද පැයකුත් විනාඩි 48 ක් පුරා දිවෙන Drama, Thriller ගණයට අයත් 8 Thottakkal (2017) චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි Vetri තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ. නවක නළුවෙක් වුණාට මෙයාගෙ රංගනය නම් චිත්‍රපටයට හොද සාධාරණයක් කරල තියෙනවා.මීට අමතරව දමිළ සිනමාවේ නිතර දකින විකට චරිතයක් වන Karunakaran ද මෙහි විකට චරිතයකට වැඩි දෙයක් කරනවා. අවසානය වෙනකම්ම මොකද්ද වෙන්නෙ කියල හිතාගන්නවත් බැරි විදියේ කුතුහලයෙන් පිරි ෆිලුමක් තමයි මම 43 වෙනි උපසිරැසිය විදියට ඔයාලට අරගෙන එන්නෙ.

කතාව දෙසට පොඩ්ඩක් හැරුණොත්, සරවනන් ප්‍රායෝගික අධ්‍යාපනය දැනුම යැයි විශ්වාස කරන නිසා පාසලෙන් ඉවත් වූ සෑම දෙයක් ගැනම කුතුහලයෙන් හිතන්න පුරුදුවෙලා හිටිය කෙනෙක්. ගෙදරින් රස්සාවක් හොයාගන්න කියන බල කිරිල්ලට මදුරෙයි වල කුඩා ගම්මානයක ඉදලා චෙන්නෙයි වලට එනවා. එහෙදි මනී එක්ක එකතුවෙලා තේ සහ යුෂ කඩයක වැඩ කරගෙන යනවා. තේ සාප්පුව ඉස්සරහ කඩේ වැඩ කරන කෙල්ලට බැල්ම දාන සරවනන් ඇය හා පෙමින් වෙලෙනවා. මනී හා සරවනන් නැවතිලා ඉන්නෙ ආබාධිත සැමියෙක් හා අන්ධ රූමත් දුවක් සිටින අක්කා කෙනෙක්ගෙ ගෙදරක උඩුමහලේ. ඔහොම ජීවිතේ ගලාගෙන යද්දි දවස් ගාණක් ආනන්දි, සරවනන්ගෙ පෙම්වතිය වැඩට එන්නෙ නෑ. කෝල් ගත්තත් වැඩ නෑ. දවස් ගාණකට පස්සෙ වැඩට ආවාම සරවනන් මොකද කියල අහපුවාම ආනන්දි කියනව එයාගෙ නෑ වෙන කෙනෙක් එයාට බන්දල දෙන්න යනව. එයාට හොද පඩියක් තියෙන රස්සාවක් හම්බවෙනවා. ඔයා බැදල මට දුක් විදින්න බෑ කියල… ඔයාලම දන්නවනෙ කෙල්ලෝ නම් ඔහොම්ම තමයි. සල්ලි තියේ නම් වදුරෙක් හරි බැදගන්නවා. ඉතින් අසරන සරවනන් මොනව කරන්නද ?!.අවුලටත් එක්ක මනී එක්ක අඩියක් ගහල දෙන්නගෙ ප්‍රශ්න කතා කරගෙන පයින්ම නැවතිල ඉන්න ගෙදරට එන්න පිටත් වෙනව. එන මගදි ගෙදරින් කෝ එකක් ඇවිත් එයාල එක්ක තරහ ගිහින් ෆෝන් එක පොලොවෙ ගහනවා. පස්සෙ ෆෝන් එක හොයනකොට සරවනන්ට පොඩි පසුම්බියක් හම්බවෙනවා. මේක මනීටත් හොරෙන් ගෙදර අරගෙන යනවා. ඔය අතරේ මනී කියනවා අක්කා මොකද්ද රාක්කයක යතුරක් නැතිවෙලා හොයන කතාවක් ඇහුනා කියල. එතකොට සරවනන් අහනවා මේකද කියල පසුම්බියෙන් යතුර අරගෙන. සරවනන් තීරණය කරනවා අයිතිකාර අක්කගෙ ගෙදරින් එයාගෙ දුවගෙ කසාදයට සූදානම් කරල තියෙන ස්වර්ණාබරණ ටික හොරකම් කරන්න. පස්සෙ දවසක් එනකම් බලාගෙන ඉන්නකොට අයිතිකාර අක්කා කතා කරනවා දෙන්නටම කෝවිලට යන්න, ඒ අතරෙම සරවනන්ට අම්මගෙන් කෝල් එකක් එනවා මැහුම් පංති ගියපු අක්කා ගෙදර ආවෙ නෑ ගමේ අය කට කතාවක්
යනව අක්ක පැනල ගිහිල්ලා ඒක අහල තාත්තට පපුවෙ අමාරුව හැදිලා ඉස්පිරිතාලෙට යන ගමන් කියල. සරවනන් වැඩට යන්නෙත් නැතුව ගමට යන්න පිටත් වෙන්න කියල හදද්දි අයිතිකාර අක්කත් කෝවිලට යන්න ලෑස්ති. මේ වෙලාව ප්‍රයෝජනයට අරගෙන සරවනන් ස්වර්ණාබරණත් අරගෙන ගමට යනවා, එයාලගෙ බොඩිමේම හිටපු කොල්ලෙක් මේ හොරකමට මාට්ටු වෙන විදියට වැඩ සිද්ද කරලා.

විස්තරය ටිකක් දිග්ගැස්සුනා වැඩි වගේ, කෙටියෙන් කියන්නම්. සරවනන් තාත්තාගෙ අවමගුලේ වැඩ කටයුතු ඉවරවෙලා චෙන්නෙයි ඇවිල්ලා, පොලීසියේ විමර්ෂණ කරගෙන ගියත් හොරමක හොයාගන්න බැරිවෙනවා. දවසක් අයිතිකාර අක්කා සරවනන්ට කතා කරලා තාත්තගෙ අවමඟුල ගැන කතා කරනකොට එයාගෙ ජීවිත කතාව කියනවා.ඒක අහගෙන ඉන්න සරවනන්ට තේරුම් යනවා අක්කා කියන කතාවත් හරියටම එයාගෙ අක්කට වෙලා තියෙන දෙයත් සමානයි කියල. ඔය ගැන කල්පනා කරගෙන ඉන්න අතරේ දවසක් ගෙදර අයිතිකාර අක්කගෙ මල්ලි කතිර් එක්ක අඩියක් ගහන්න සෙට් වෙලා කතා කර කර ඉන්න ගමන් කතීර් එයාගෙ යාලුවා ගැන කියනවා, එයත් හරියට මනී වගේ පොඩ්ඩක් ඇත්නම් වෙරි වෙනවා දැන් එයා ජීවතුන් අතර නෑ කියල. කතීර් අයියා කිව්ව එයාගෙ යාලුවගෙ ගම හොයාගෙන යනව මේකෙ ඇත්ත නැත්ත දැනගන්න. එහෙ ගිහින් හොයල බලද්දි කතීර් අයියයි එයාගෙ යාලුවයි ලී මඩුවක වැඩ කරගෙන ඉන්න ගමන් ඒකෙ අයිතිකාරයගෙ ගෙදරින් බඩු වගයක් හොරකම් කරල. හැබැයි මාට්ටු වෙලා තියෙන්නෙ ගෙදර හිටිය වැඩකාරයව. සරවනන් කල්පනා කරල බලද්දි දැන් තමන්ගෙ ජීවිතෙත් සිද්දවේගන යන්න ඒ වගේම දෙයක්.මේ සිද්ධි දාමය දිගටම වුණොත් මනීට මැරෙන්න සිද්දවෙනවා. අක්කගෙ දුවගෙ ඇස් දෙක අන්ධ වෙනවා. අක්කගෙ මහත්තයා අබාධිත වෙනවා. මේවා නතර කරන්න නම් මොකක් හෝ හැරවුම් ලක්ෂයක් තියෙන්නම ඕනෙ කියල සරවනන් හිතනවා…

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම baiscopelk වෙබ් අඩවියේ ඔෂධ ධනංජය විසිනි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ஜீவி (N/A)
IMDb 7.8 /10 1,687 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Memories of Murder (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baby Driver (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Move (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jail (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Guilty (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Inside (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanam Re (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaliyugam Pattanamlo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Companion (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published