CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2397 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 17, 1999Japan102 Min.
Your rating: 0
6 1 vote
Jin-Roh: The Wolf Brigade (1999) | මිනිසුන් අතරේ නොමියෙන වෘකයා

 

1999 වසරේ මුලින්ම ප්‍රංශයේදී නිකුත් කෙරෙනු මේ Jin-Roh The Wolf Brigade ඇනිමෙ චිත්‍රපටය 2000 වසරෙදි ජපානයට නිකුත් කෙරුනා. Original japanese ඇනිමෙ චිත්‍රපටයක් වෙන මේ චිත්‍රපටය Akira, Cowboy Bebop: The movie, Paprika, Your Name, Evangelion: 3.0 You Can (Not) Redo, Ghost in the Shell යන ඇනිමෙ නිර්මාණ සඳහා දායකත්වය ලබා දුන්නු anime director සහ animator වරයෙක් වෙන Hiroyuki Okiura ගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වූවක් වෙනවා. මේ චිත්‍රපටයට පාදක වුනු කතාව වෙන Kerberoz Panzer Cop මන්ගාවේ කර්තෘ Mamoru Oshii මේ චිත්‍රපටයේ writter විදිහට කටයුතු කරනවා. Action, Military, Drama, Suspense යන Genre වලට අයත් වෙන මෙහි ඇනිමේෂන් නිර්මාණ කටයුතු Production I.G ස්ටූඩියෝව සිද්ධ කරල තියෙනවා. පැය 1 මිනිත්තු 42 ක ධාවන කාලයකින් යුතු මේ ඇනිමෙ චිත්‍රපටය IMDB දර්ශයේ 7.3 ක් අගයකුත් Rotten Tomatoes හි 52% ක අගයකුත් සහ MyAnimeList දර්ශකයේ 7.78 ක අගයකුත් ලබාගෙන තියෙනවා.

චිත්‍රපටය 2001 වසරේ Japanese Professional Movie Awards හි, 2000 වසරේ Mainichi Film Concours හි සහ 1999 වසරේ International Fantasy Film Award හි ජයග්‍රහණ ලබන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ඇනිමෙ චිත්‍රපටයේ Korean Live Action Adaptation එකක් විදිහට නිර්මාණය වුනු Illang: The Wolf Brigade චිත්‍රපටය 2018 වසරෙදි නිකුත් කෙරුනා. දැන් යමු මේ කතාවට පොඩි ආරම්භයක් දෙන්න කතා වස්තුව පැත්තට.

දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වෙලා ආයෙත් හිස ඔසවන්න පටන් ගත්තු කාලයේ, මහජන නීතිය හා සාමය කියන කාරණා ටිකෙන් ටික ක්‍රම ක්‍රමයෙන් ස්ථාපිත කරන්න ඕනි දෙයක් බවට පත් උනා. ඒ වගේම සෙසු ලෝකය එක්ක සම්බන්ධ වෙන්න රජය දරපු සමහර ක්‍රම හුඟක් අයට ඔරොත්තු දුන්නෙ නෑ. මේ නිසා රාජ්‍ය විරෝධී කණ්ඩායම් පවා ඇති වෙන්න ගත්තා. මේකෙන් ජනතාව ආරක්ෂා කරන්න ප්‍රාදේශීය පොලිසිය එක්ක අගනුවර පොලිස් සංවිධානය පිහිටවුවා. මෙයාලගෙ තිබුනු දැඩි මර්ධනකාරී ක්‍රියාමාර්ග නිසා ජනතාවට මෙයාලවත් පේන්න බැරි ගානට පත් වෙන්න ගත්තා. මේ නිසා “සෙක්ට්” කියල හැඳින්වෙන රාජ්‍ය විරෝධී ගරිල්ලා සංවිධානයක් ඇති උනා. මේ පසුබිම යටතේ අගනුවර පොලිසියෙන් “වෘක සේනාංකය” හෙවත් විශේෂ ඒකකය කියල සන්නද්ධ හමුදා ඒකකයක් ස්ථාපනය කළා. මෙයාලා ජනතාවගේ ආරක්ෂකයා වෙද්දි, සෙක්ට් සංවිධානය ත්‍රස්තවාදීන් විදිහට නම් කෙරුනා.

කොස්තාපල් ෆුසේ කසුකි කියල කියන්නෙ මෙන්න මේ විශේෂ ඒකකයේ සාමාජිකයෙක්. හමුදා සටන් අතින් අති දක්ෂයෙක්. මේ කලබලයන් සිද්ධ වුනු එක දවසක සෙසු සොල්දාදුවන් එක්ක ෆුසේ, එක්තරා මෙහෙයුමකට එකතු වෙනවා. ඒ මෙහෙයුම මැදදි ත්‍රස්තවාදීන් කියල හඳුන්වන සෙක්ට් එකේ සාමාජිකයෙක් වුනු පොඩි ගැහැනු ළමයෙක් මෙයාගෙ ඉස්සරහම බෝම්බයක් පුපුරවගෙන දිවි නසා ගන්නවා. අන්න එතනින් තමයි ෆුසේ කසුකිගේ හමුදා ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නෙ. ටික දවසකින් මේ මැරුනු කෙල්ල වගේම තව කෙල්ලෙක් මෙයාට මුණ ගැහෙනවා. හැබැයි ඒ හමුව අනාගතයෙදි මොන වගේ දේකට මඟ පාදාවිද කියල ෆුසේ දැනන් හිටියෙ නෑ. කොටින්ම මුළු වෘක සේනාංකයටම බලපාන දෙයක් වේවි කියල කවුරුවත් දැනන් හිටියෙ නෑ. ඒ කෙල්ල කවුද? ඒ කෙල්ල මෙයාට මුණ ගැහෙන්නෙ ඇයි? ෆුසේ කසුකි කවුද? වෘක සේනාංකය කියන්නෙ මොකක්ද? ඒකට ඒ විදිහෙ නමක් තියෙන්නෙ ඇයි? අනාගතයෙදි වෙන කවුරුවත් බලාපොරොත්තු නොවුනු ඒ දේ මොකක්ද?

ඇතැම් විට මිනිස් හැඟීම් පසෙකට දාලා තමන්ගේ වගේම කණ්ඩායමේ අරමුණ ඉටු කරගන්න හදන මනුස්සයෙක්ගෙ කතාවක්… මම මුලදී කිව්වත් වගේ මේක මිනිසුන් අතර වෙස් ගත් වෘකයෙකුගේ කතාවක්ම වේවි. ඉතින් නරඹන්න මේ ඇනිමෙ චිත්‍රපටය.

Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලංකන් Weebs (Baiscopelk)
IMDb 7.3 /10 20,031 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Yoshikatsu Fujiki isKazuki Fuse (voice)
Kazuki Fuse (voice)
Sumi Mutoh isKei Amemiya (voice)
Kei Amemiya (voice)
Eri Sendai isNanami Agawa (voice)
Nanami Agawa (voice)
Hiroyuki Kinoshita isAtsushi Henmi (voice)
Atsushi Henmi (voice)
Kohsei Hirota isBunmei Muroto (voice)
Bunmei Muroto (voice)
Yukihiro Yoshida isHajime Handa (voice)
Hajime Handa (voice)
Ryuichi Horibe isShiroh Tatsumi (voice)
Shiroh Tatsumi (voice)
Kenji Nakagawa isIsao Aniya (voice)
Isao Aniya (voice)
Yoshisada Sakaguchi isHachiroh Tohbe / Narrator (voice)
Hachiroh Tohbe / Narrator (voice)
Tamio Ohki isSelf-Police Member (voice)
Self-Police Member (voice)

Similar titles

The Age of Adaline (2015)  Sinhala Subtitles
Majili (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Varthamanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Lantern: Beware My Power (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Curious Case of Benjamin Button (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AK vs AK (2020) With Sinhala  Subtitles
Elvis (2022) Sinhala Subtitles
Rab Ne Bana Di Jodi (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Marana Mass (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Echo Valley (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Helicopter Eela (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published