EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageK-Ramp (2025) | “ කේරළ කෙල්ල ”
මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය විදියට Yukti Thareja රගපාන අතරම ඊට අමතරව Vennela kishore,Vijaykrishna naresh,Muralidhar goud,Naresh ඇතුළු බොහෝ දෙනෙක් රංගනයෙන් දායක වෙනවා.මේ වන විට IMDb 7.7/10 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ Jains Nani වගේම සංගීතය Chaitan Bharadwaj විසින් ලබා දීලා තියෙනවා.
දීපවාලි උත්සව සමය නිමිත්තෙන් නිකුත් වුනු අනෙක් තෙලුගු ෆිල්ම් වුනු Telusu kada, Mithra mandali අතරින් සාර්ථකව තිරගතවුණ ෆිල්ම් එක විදිහට action/romantic ගණයට වැටුනු මේ Kramp ෆිල්ම් එක සමත් වුනා.
මේ ෆිල්ම් එකේ කතාව ගත්තොත්, සාමාන්‍යය විදියට කතාව ගලන් ගියත් දෙවන භාගය පටන් ගත්තට පස්සේ ෆිල්ම් එක රසවත් වෙනවා.කුමාර් අබ්බාවරම් කියන්නේ සල්ලි වලින් අඩුවක් නැති ධනවත් කොල්ලෙක්.හැබැයි මෙයා හැසිරෙන්න කැමති මධ්‍යම පාන්තික විදියට.තාත්තාට ඕනේ ඒක වෙනස් කරන්න.ඒ හින්දා මෙයාව කොහොමහරි කේරළයට යවනවා.එහේදි හම්බුවෙනවා මර්සි කියලා කෙල්ලෙක්.මේ කෙල්ල නිසා මේ කුමාර්ගේ මුළු ජීවිතයම වෙනස් වෙනවා.ඒ කෙල්ලට පොඩි ලෙඩක් තියෙනවා.ඒක ඔයාලා ෆිල්ම් එක බලලාම හොයාගන්න.කම්මැලි කමක් නැතිව හිනා වෙවී බලන්න පුලුවන්.




