CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3316 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 29, 2023India177 Min.
Your rating: 0
10 7 votes
Kaatera (2023) | “භීමනහල්ලි වල වීරයා..!!”

023 වසරේ අග සිනමාශාලා වලට නිකුත් වෙලා 2023 වසරේ කන්නඩ සිනමාවේ ආදයම් වාර්ථා අලුත් කරපු දැවැන්ත චිත්‍රපටයක් වුණ කන්නඩ සිනමාවේ Challenging Star කියන විරුදාවලි නාමය හිමි Darshan Thoogudeepa එහෙමත් නැත්තන් D-Boss රංඟනයෙන් දායකවෙන Kaatera (2023) චිත්‍රපටය..

Kaatera (2023) කියන්නේ 2023 දෙසැම්බර් 29 සිනමාශාලා වලට නිකුත් වෙලා 2023 වසරේ වැඩිම ඉපයීමක් ලබපු Ghost (2023) පසු කර යමින් අවසානයේ කෝටි 104.58 ක ඉපයීමක් ලබා ගැනීමට සමත් වුණ චිත්‍රපටයක්..ඒ වගේම එම අදායමත් සමඟම Kaatera සිනමාපටය කන්නඩ සිනමාව තුළ නිකුත් වුණ චිත්‍රපට අතරින් highest-grossing කන්නඩ චිත්‍රපට ලැයිස්තුවේ 7 වෙනි ස්ථානය ලබාගන්න සමත්වෙලා තියනවා.. 45cr ක Budget එකකින් Positive Reviews සමඟින් කන්නඩ සිනමාව තුළ Blockbuster ලේබලය අලවගන්නත් මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tharun Sudhir විසින්..ඒ වගේම මේක Rockline Venkatesh ගේ නිෂ්පාදනයක්..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 7.9/10 ක අගයකුත් 95%ක ගූගල් පරිශීලක මනාප ප්‍රතිශතයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා..මේක අයිති වෙන්නේ Action/Drama ශාරණය..ඉතින් ඒ වගේම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වෙන Tharun Sudhir සහ Darshan ⁣2021 වසරේ නිකුත් වුණු Roberrt චිත්‍රපටයට පස්සේ තමයි එකට වැඩ කටයුතු කරන්නේ..කොහොම හරි අධ්‍යක්ෂක Tharun අපේ Challenging Star Darshan ගෙන් Roberrt (2021) චිත්‍රපටයට වඩා හොඳ වැඩක් මේ Kaatera (2023) චිත්‍රපටයෙදි අරගෙන තියනවා..ඒක ෆිල්ම් එක බලද්දි ඔයාලටත් තේරෙයි..ඒ වගේම මේ Combo එක Kaatera සිනමාපටය හරහා කන්නඩ සිනමාවේ වාර්ථා රැසක් අලුත් කරලා තියනවා..ඒ තමයි..

2023 වසරේ වැඩිම ඉපයීමක් ලද කන්නඩ චිත්‍රපටය
2023 වසරේ වැඩිම පළමු දින අදායමක් හිමිකරගත් කන්නඩ චිත්‍රපටය
2023 වසරේ වැඩිම සති අන්ත ඉපයීමක් වාර්ථා කළ චිත්‍රපටය
2023 වසරේ වැඩිම දෛනික ඉපයීම අඛණ්ඩව නිකුත් වුණ දින සිට දින 7ක් යන තෙක් වාර්ථා කල චිත්‍රපටය
2023 වසරේ සම්පූර්ණ ආදායම 100cr පසු කර ගිය එකම කන්නඩ චිත්‍රපටය
Darshan Thoogudeepa ගේ සිනමා දිවිය තුළ 100cr සීමාව පසු කල තෙවැනි චිත්‍රපටය

කියන වාර්ථා එකතුව..ෆිල්ම් එකේ කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත්, ප්‍රධාන චරිතය වෙන කාටේරාගේ චරිතය Darshan Thoogudeepa විසිනුත් ප්‍රධාන කාන්තා චරිතය වන ප්‍රභාගේ චරිත කන්නඩ සිනමාවට අලුතින් හඳුන්වා දෙන Aradhana Ram විසිනුත් රඟ දක්වනවා..ඊට අමතරව Jagapathi Babu, Kumar Govind, Vijanath Biradar, Achyuth Kumar වගේ නලු නිලි පිරිසක් රංඟනයෙන් එකතු වෙලා තියනවා..

දැන් අපි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරිලා බලමු..

කාටේරා කියන්නේ භීමනහල්ලි කියන ගමේ කම්මලක් කරන කෙනෙක්..ඉතින් මෙයාලගේ ගමේ මිනිස්සු ඒ ගමේ ජමින්දාර්ගේ (ඉඩම් හිමියා) භූමි වල වගා කරලා තමයි තමන්ගේ ජීවිතේ ගැට ගහගන්නේ..ඒත් ඒ දේවල් සිද්ධ වෙන්නෙනම් සාධාරණ විදියට නෙවෙයි..මොකද ඒ අය වගා කරන හැම අක්කරේකටම ජමින්දාර්ට අස්වැන්න බහාලපු මලු 12ක් දෙන්න ඕන..ඒ කියන්නේ තනිකරම මේ ජමින්දාර් තමන්ගේ ගම් වැසියන්ව සූරා කනවා..ඉතින් මේ දේවල් මෙහෙම සිද්ධ වෙද්දි දවසක් ජමින්දාර්ගේ සේවකයෙක් වුණ මාරා කාටේරගේ අක්කට අකටයුතුකමක් කරන්න යනවා..ඒක ආරංචි වුණ කාටේරා ජමින්දාර්ගේ ගෙදරදිම මාරාට දඬුවම් කරලා තමන් මොන වගේ ශක්තියක් තියන කෙනෙක්ද කියලා පෙන්නනවා..මේකෙන් කෝප වුණ ජමින්දාර් කාටේරට දඬුවමක් විදියට ඔලේ මරී අරගෙන එන්න කියලා අණ කරනවා..මේ ෆිල්ම් එකේ හැම තැනකම මේ ඔලේ මරී ගැන කියවෙන නිසා ඒකත් ටිකක් පැහැදිලි කරන්නම්..ඔලේ මරී කියන්නේ ඒ ජන සමාජය තුළ පැවතගෙන එන චාරිත්‍ර ක්‍රමයක්..මේකෙදි වෙන්නේ මී ගවයෙක්⁣ තමන්ගේ දේවතාවියට බිලි දීලා ඒ ගවයගේ ලේ වලින් තමන්ගේ ගමේ මායිම ලකුණු කරගන්න එක..ඉතින් මේකට තමයි ඔලේ මරී කියන්නේ..මේ ඔලේ මරී ගමෙන් ගමටත් අරගෙන යන්න පුලුවන්..ඒ තමයි පිට ගමක කෙනෙක් මේ ගමේ උත්සවය ඇවිත් අර බිලි දුන්න ගවයගේ රුධිරය තමන්ගේ අතේ ගාගෙන “ඔබේ ගමේ ඔලේ මරී අපේ ගමට ගෙනියනවා” කියලා කෑ ගහලා කියලා ඒ ගමේ අයගෙන් බේරිලා ඉර බහින්න කලින් ගමන්ගේ ගම් සීමාව පහු කරන එකෙන්..ඔයාලට මේක ෆිල්ම් එක බලද්දි තේරෙයි..

දැන් අපි ආයම කතාවට හැරෙමු..ඉතින් ඔහොම යද්දි කාටේරට පොඩි කාලේ ඉඳන්ම ආදරේ කරපු ප්‍රභා භිම්නහල්ලි ජනතාවට සෙතක් වෙන ආරංචියකුත් අරගෙන කාටේරව මුණ ගැහෙන්න එනවා..ඔන්න ඔතනින් තමයි මේ හැම දෙයක්ම පටන් ගන්නේ..ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ බලන්නනම් ඔයාලට ෆිල්ම් එක ඉවරවෙනකන්ම බලන්න වෙනවා..
එහෙනම් ඔයාලා හැමෝටම මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා

Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk)
IMDb 7.9 /10 2,826 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Undead Malayalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Bad Blood (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mimi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ninja Assassin (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vinodhaya Sitham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain (2022) Sinhala Subtitles | WEB-DL Original Quality
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood & Gold (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
News of the World (2020) With Sinhala Subtitles
6 Bullets (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published