CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1970 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Kaatrin Mozhi (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kaatrin Mozhi (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 16, 2018India122 Min.
Your rating: 0
10 2 votes
Kaatrin Mozhi (2018) | රේඩියෝ නිවේදිකාව !

“හෙලෝ”
“රාත්‍රියේ ඔබව කම්පනයට පත් කරන……”
“ඔබේ හුදකලා බව පැවසීමට…..”
“ඔබට ඉස්මතුවන පෞද්ගලික ගැටලු……..”
“මාත් එක්ක කතා කරන්න !”

ඔන්න යාලුවනෙ ඉතින් අහිතක් හිතන්න එපා. අපිට හැමදාම ක්‍රියාදාම චිත්‍රපටවලට විතරක් උපසිරැසිය ගේන්න බැහැනෙ. මගෙ 22 වෙනි උපසිරැසිය විදියට මේ වතාවේ අරගෙන ආවෙ සුපිරි ඉන්දියන් නලු සුර්යාගේ බිරිද වන Jyothika මෑතක රගපෑ සුපිරිම චිත්‍රපටයක්. Comedy, Drama ගණයට අයත් වුණත් 7.6 අගයක් ඇති ලස්සනම ලස්සන කතාවක්. google භාවිතා කරන්නන්ගෙන් 95% ක ප්‍රතිශතයක් මෙම ෆිලුමට කැමැත්ත පළ කරල තියෙනව. Jyothika, විජයලක්ෂ්මි ලෙස මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරනවා. ඇයගෙ සැමියා ලෙස Vidharth බාලූගෙ චරිතය නිරූපණය කරනවා. පැය 2 විනාඩි 28ක් පුරා දිවෙන හාස්‍ය උත්පාදක කතාව 2018 නොවැම්බර් 16 වන දින තිරගතවීම ආරම්භ වෙලා තියෙනවා.

විජයලක්ෂ්මි, බාලූ, එයාගෙ පුතා සිද්දු එක්ක විනෝදයෙන් කාලෙ ගත කරගෙන යනව. විජයලක්ෂ්මිට නිවුන්නු අක්කලා දෙන්නෙකුත් ඉන්නව, එයාගෙ වැඩේ ඉතින් ගෙදර ආවම විජලක්ෂ්මිට ඇනුම් පද කියන එකමයි මොකද විජයලක්ෂ්මි පාසලෙන් අසමත් නිසා. අක්කල නම් මදැයි තාත්තත් එයාලටම හවුල්. විජයලක්ෂ්මී ප්‍රවාහන සේවා ව්‍යාපාරයක් පටන් ගන්න අක්කලට කිව්වාමත් එයාල නෝක්කාඩුවට කතා කරන්නෙ. දවසක් විජයලක්ෂ්මි විදුලි බිල ගෙවන්න කියල ගිහිල්ල රේඩියෝ එක අහගෙන ඉද්දි නිවේදිකාව කියනව “අද ලෝක සංචාරක දිනය ” එනිසා කතා කරල යන්න කැමතිම ස්ථානය කියල තෑග්ගක් දිනා ගන්න කියල. විජයලක්ෂ්මි මේකට කතා කරල හරියට එයා ගියපු තැනක් වගේ ලස්සනට විස්තර කරනව. කොහොමහරි පහුවදාම විජයලක්ෂ්මිට ඇමතුමක් එනව එයා තරගයෙන් ජයග්‍රහණය කරල “ආහාර පිසින උදුනක් ” ජයග්‍රහණය කරල තියෙනව ඒක අරන් යන්න එන්න කියල. විජයලක්ෂ්මි ගත් කටටම කියනව ආහාර පිසින උදුනක් නම් එපා, පුලුවන් නම් TV එකක් දෙන්න කියල. නිවේදිකාව ඉක්මටම ඇමතුම විසන්ධි කරනව. මොකද තරගයක් තියල තෑග්ගක් දෙනකොට ඉල්ලන ඉල්ලන ඒව දෙන්න බැහැනෙ.

විජයලක්ෂ්මි තෑග්ග අරගන්න ගියාම දකිනව “ඔබටත් RJ කෙනෙක් වෙන්න පුලුවන්” කියන දැන්වීම. විජයලක්ෂ්මි මේකට ඉල්ලුම් පත්‍රයක් ඇහැව්වත් එතන ඉන්න පිළිගැනීමේ නිළධාරිනිය කියනව ඉල්ලුම් පත්‍ර මොකුත් නැහැ කටහඩ පටිගත කරල එවන්න කියල. විජයලක්ෂ්මිගෙ ෆෝන් එකේ පටිගත කරන්න බැහැ අදම කොහොමහරි කටහඩ පරීක්ෂණය කරන්න කියල නිළධාරිණිය එක්ක ගැටුමකුත් ඇතිකරගෙන විජයලක්ෂ්මි කොහොමහරි මැඩම් ගාවට ගිහින් කටහඩ පරීක්ෂණයක් කරනව. කොහොම හරි විජයලක්ෂ්මි මේකට තේරිල මැඩම් එයාට එන්න කියනව වැඩසටහන කරන්න. නමුත් මේකට බාලුවත් එයාගෙ අක්කල දෙන්නවත් තාත්තවත් කැමති වෙන්නෙ නැහැ. කොහොමහරි විජයලක්ෂ්මි මේ වැඩසටහනට යනව එයාගෙ ආසාව නිසාම. එතනින් එහාට විජයලක්ෂ්මි මුහුණ දෙන සිද්ධි දාමය හැමෝටම චිත්‍රපටය බලලම දැනගන්න කියල ආරාධනා කරනව..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනංජය රත්නායක (Baiscopelk)
IMDb 7.3 /10 727 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Radha Mohan
Director

Cast

Jyothika isVijayalakshmi 'Viji' Balakrishnan
Vijayalakshmi 'Viji' Balakrishnan
Vidharth is'Baalu' Balakrishnan
'Baalu' Balakrishnan
Elango Kumaravel isKumbakarai 'Kumki' Krishnamurthy
Kumbakarai 'Kumki' Krishnamurthy
M. S. Bhaskar isNeelakandan
Neelakandan
Mayilsamy isDepartmental Store Owner
Departmental Store Owner

Similar titles

Anukshanam (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Magic Camp (2020) Sinhala Subtitles
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bawaal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghani (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Irudhi Pakkam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vettai (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jungle Cruise (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goodbye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published