CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKhal Nayak (1993) | වීරයෙක් නොවෙයි මා දුශ්ටයෙක්….
බල්ලු බල්රාම්!
වයස අවුරුදු විසි ගානයි.
ඉන්දියාවටම තර්ජනයක් වුන මැරයෙක්.
දේශපාලකයින් හතර දෙනෙක් මැරුවා
මංකොල්ලයන් නමයක් සිදු කලා
චන්ද මධ්‍යස්තාන 20 ක හොර චන්ද දැම්මා
චන්ද කාලෙට කෝලාහල ඇති කරනවා
ඒත් තවම පොලීසියට බල්ලුවවත්
එයාගෙ කල්ලියවත් අල්ලගන්න බැරි උනා.
බල්ලුට ඉන්නෙ අම්ම විතරයි.
ගමේ අය නම් කියන්නෙ තාත්තව මරා ගත්තෙත්
බල්ලු කියලයි.
බල්ලුගෙ අම්මා බල්ලු ගෙදර එනකන්
අවුරුදු 6ක් තිස්සෙ බලන් ඉන්නවා.
ඒ වගේම පොලීසියෙන් බල්ලුව අල්ලගන්න
කරන්න පුලුවන් හැම දෙයක්ම කරනවා.
බලමු අන්තිමට බල්ලුට ගෙදර යන්න පුලුවන් වෙයිද කියල….
1993 අවුරුද්දෙ තිරගත වුන කල් නායක් චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ සහ නිශ්පාදනය කරන්නෙ Pardes, Taal, Yaadein, Kaanchi The Unbreakable වගේ චිත්‍රපටි අධ්‍යක්ශනයෙන් දායක වුන Subhash Ghai. තිර රචනය Kamlesh Pandey, Ram Kelkar සහ Pai. මේ චිත්‍රපටිය 93 වසරේ දෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය වගේම 90දශකයේ සිව් වැන්නට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියද වෙනවා.
රංගනයෙන් දායක වෙන්නෙ සන්ජෙ දත්, මධුරි ඩික්සිත් සමගින් ජැකී ශ්රොෆ්. ජැකී ශ්රොෆ් ගේ චරිතය සඳහා මුලින්ම අමීර් කාන් තෝරගෙන තිබුනත්, ඔහුට දුශ්ටයාගේ චරිතය කරන්නට ඕනෑ වුන නිසා සුබාශ් ගායි ඔහුව ඉවත් කරනවා.
නර්තන නිර්මානය Saroj Khan. සංගීත අධ්‍යක්ශනය Laxmikant-Pyarelal. බොහොම ජනප්‍රිය සිංදු රැසක්ම මේ චිත්‍රපටියේ තියෙනවා. ඒ අතරින් අල්කා යාග්නික් සහ ඊලා අරුන් ගායනා කරන Choli Ke Peeche Kya Hai අදටත් ජනප්‍රියයි. මේ සංගීත ඇල්බමයේ කොපි මිලියන 10ක් අලෙවි කර එම වසරේ වැඩිම ආදායම් ලැබූ සංගීත ඇල්බමය බවට පත් වෙනවා.
1994 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙලේ හොඳම ගායනය වෙනුවෙන් ඊලා අරුන් සහ අල්කා යාග්නික්ද, හොඳම නර්තන නිර්මානය වෙනුවෙන් සරෝජ් කාන් ද සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ වගේම තවත් සම්මාන රැසකට නිර්දේශ වන්නට මේ චිත්‍රපටිය සමත් වනවා.
ඉතින් 90 දශකයෙ තවත් ජනප්‍රියම චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.



