CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3853 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kung Fu Panda 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 02, 2024United States94 Min.
Your rating: 0
9.1 148 votes
Kung Fu Panda 4 (2024) | “මකර රණශූරයා නැවතත්…”

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mike Mitchell විසින්..Mike Mitchell කියන්නේ Alvin and the Chipmunks: Chipwrecked (2011), Trolls (2016) ⁣වගේ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකව⁣රයෙක්..ඒ වගේම තිර පිටපත පුරුදු විදියටම Jonathan Aibel සහ Glenn Berger ගේ වුණත් මේ පාර Kung Fu Panda 4 චිත්‍රපටයේ තිර පිටපත නිර්මාණයට Darren Lemke අලුතින් එකතු වෙලා තියනවා..නිෂ්පාදනය සුපුරුදු පරිදි DreamWorks Animation ආයතනය විසින්ම සිදුකරලා තියනවා..ඉතින් ඇමරිකන් ඩොලර් මිලියන 85ක වියදමකින් නිර්මාණය වුණ මේ චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 376.8 ක අදායමක් ලබාගන්න සමත් වෙලා තියනවා..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 6.4/10 ක අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 72%ක අගයකුත් ගූගල් පරිශීලක මනාප 84%කුත් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

එහෙනම් අපි දැන් ෆිල්ම් එකේ අපට මුණගැහෙන ප්‍රධාන චරිත වගේම ඒ චරිත වලට හඬ දායකත්වය ලබාදෙන්නේ කවුද කියලා පොඩ්ඩක් බලමු..

Po (පෝ)

Jack Black voices Po in "Kung Fu Panda 4" (Universal/DreamWorks)

Kung Fu Panda චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය වෙන පෝගේ චරිතයට සුපුරුදු පරිදිම හඬ දායකත්වය ලබාදෙන්නේ අපි කවුරුත් දන්න Jack Black විසින්….Jack Black ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ..ඔයාලා කවුරුත් දන්න Jumanji චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් ෂෙලී ඕබරෝන්ගේ චරිතය රඟදක්වන්නෙත් Jack Black විසින්..

Zhen (ෂේන්)

Awkwafina voices Zhen the Fox in "Kung Fu Panda 4" (Universal/DreamWorks)

Zhen කියන චරිතයනම් Kung Fu Panda චිත්‍රපට මාලාවේ කලින් හම්බනොවුණු අලුත් චරිතයක්..ඉතින් මේ චරිතයට හඬ දායකත්වය ලබාදෙන්නේ මෑත කාලයේ නිකුත් වුණු Jumanji: The Next Level , Shang-Chi and the Legend of the Ten Rings වගේ චිත්‍රපට වල රංඟනයෙන් දායක වුණු අපි කවුරුත් දන්න Awkwafina විසින්..

Chameleon (කැමීලියන්)

Viola Davis voices Chameleon in "Kung Fu Panda 4" (Universal/DreamWorks)

Chameleon කියන්නේ Kung Fu Panda 4 චිත්‍රපටයේ එන ප්‍රධාන ප්‍රතිවීර චරිතය..ඉතින් මේ චරිතයත් Kung Fu Panda චිත්‍රපට මලාවට අලුත් චරිතයක්..ඒ වගේම චිත්‍රපටයේදී කැමීලියන්ගේ චරිතය වෙන්නේ නපුරු මායාකාරියක් චරිතයක්.ඉතින් මේ චරිතයට හඬ දායකත්වය ලබා දෙන්නේ Viola Davis විසින්..

Mr.Ping (මිස්ටර් පිංග්)

James Hong voices Mr. Ping in "Kung Fu Panda 4" (Universal/Dreamworks)

Mr.Ping කියන්නේ පෝව හදා වඩා ගත්ත එයාගේ පාත්ත තාත්තා..ඉතින් Mr.Ping ට හඬ දායකත්වය ලබා දෙන්නේ James Hong විසින්..

Mr.Li (මිස්ටර් ලී)

Bryan Cranston voices Li in "Kung Fu Panda 4" (Universal/DreamWorks)

Mr.Li කියන්නේ පෝගේ ඇත්තම තාත්තා..ඉතින් Mr.Li ගේ චරිතයට හඬ දායකත්වය ලබා දෙන්නේ Bryan Cranston විසින්..

Master Shifu (මාස්ටර් ෂීෆු)

Dustin Hoffman voices Master Shifu in "Kung Fu Panda 4" (Universal/DreamWorks)

පෝගේ ගුරුවරයා වෙන මාස්ටර් ෂීෆුගේ චරිතයට හඬ දායකත්වය ලබා දෙන්නේ Dustin Hoffman විසින්…

ඊට අමතරව Ke Huy Quan, Lori Tan Chinn, Ronny Chieng, Ian McShane විසින් සෙසු චරිත වලට හඬදායකත්වය ලබා දීලා තියනවා..

හරි එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරිලා බලමු..

ඉතින් Kung Fu Panda 4 චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ අපේ පෝගේ ප්‍රධාන හතුරෙක් වුණු ටයි ලොන්ගේ නැවත පැමිණිමත් එක්ක..ඉතින් මේ ටයි ලොන්ග් මෙහෙම ආපහු ආව එක මුලු සාමයේ නිම්නයටම පුදුමයක්..මොකද මේ වෙද්දි ටයි ලොන්ග් පෝ අතින් පරාජයට පත්වෙලා ආත්ම රාජධානියේ තමයි ඉතින්..ඉතින් එහෙම හිටිය ටයි⁣ ලොන්ග් ආපහු ආව එක හැමෝටම පුදුමයක්..ඉතින් මේ අතර මකර රණශූරයා වුණ පෝට සිද්ධ වෙනවා මකර රණශූරයට අනුප්‍රාප්තිකයෙක් හොයාගන්න..ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි සාමයේ නිම්නයේ ඊළඟ අධ්‍යාත්මික නායකයා විදියට පෝට කුංග් ෆු කලාවේ ඉහළම තනතුරට යන්න වෙන නිසා..ඉතින් මේ වැඩේට පෝගේනම් කිසිම කැමැත්තක් නෑ..පෝට ඕන වෙන්නේ මකර රණශූරයා විදියට මේ ටයි ලොන්ගේ ප්‍රශ්නේ විසඳන්න..ඉතින් මේ නිසා පෝ මේ ප්‍රශ්නය විසඳන්න සාමයේ නිම්නයෙන් පිටත් වෙනවා..ඉතින්,

  • පෝට ටයි ලොන්ග්ව හොයාගන්න පුලුවන් වුණාද?
  • ඇත්තටම මේ ඇවිත් ඉන්නේ ටයි ලොන්ග්මද?
  • පෝ ඊළඟ මකර රණශූරයා විදියට අනුප්‍රාප්තිකයෙක් හොයාගත්තද?

මේ ප්‍රශ්න හැම එකකටම උත්තර හොයාගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk)
IMDb 6.4 /10 18,473 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jack Black isPo (voice)
Po (voice)
Awkwafina isZhen (voice)
Zhen (voice)
Bryan Cranston isLi (voice)
Li (voice)
Viola Davis isThe Chameleon (voice)
The Chameleon (voice)
Dustin Hoffman isShifu (voice)
Shifu (voice)
James Hong isMr. Ping (voice)
Mr. Ping (voice)
Ian McShane isTai Lung (voice)
Tai Lung (voice)
Ke Huy Quan isDr. Han (voice)
Dr. Han (voice)
Ronny Chieng isFish (voice)
Fish (voice)
Lori Tan Chinn isGranny Boar (voice)
Granny Boar (voice)

Similar titles

Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Premalo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chicken Run (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Covenant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jananam 1947 Pranayam Thudarunnu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boss (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Spiderwick Chronicles (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Onward (2020) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Drive (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John and the Hole (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: D’Artagnan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Sachin April 10, 2024 Reply

    කිය්‍යන්න තරම් මේකන්ම් සුපිරියක් නෙමෙ අනෙ කලින් එවා එක්ක බලන්කොට. මෙකෙ ඉන්න විලනුත් සෙට් නෑ. කලින් ඒවනම් මරූ මේක නිකන් හතරක් දෙන්න ඔනේ නිසා දාපු එකක් වගේ. මීට වැඩිය්‍ය්‍ය හොදයි දුන්නෙ නැත්තත් මේක. 🙂.මෙකෙ විලන්ටත් තමන්ගේම යලා ෆයිටින් බෑ. අනුන්ගේ බලෙන් ගේමක් ගහන්න හැදුවේ සෙට්ම නෑ ඒක.💔කලින් එවගෙ තිබ්බ ඇනිමේශන් කොලටි එකත් බැහැලද මන්දා. 💔 නිකන් වලස්මුල්ල එකෙ කොලටිය වගේ සමහර දැන්.🙂මාර ආසාවෙන් හිටියේ බලන්නම් හිතුව තරම් නැති එකට දුකයි.💔

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published