CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1984 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Leave the World Behind (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave the World Behind (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 22, 2023United States142 Min.
Your rating: 0
8.6 11 votes
Leave the World Behind (2023) | සිංහල උපසිරැසි සමඟ

ඇමන්ඩා සහ ක්ලේ තමන්ගේ පුතා සහ දුව එක්ක නිවාඩුවක් ගත කරන්න, හදිස්සියේ අරගත්ත තීරණයත් එක්ක, ටිකක් දුර බැහැර, තනිවෙච්ච නිවසක් හොයාගෙන යනවා. මුහුදු වෙරළ ආසන්නයේ තියෙන මේ නිවසට යන්න තියෙන්නේ එක පාරයි. හැමදේම හොඳින් සතුටෙන් සිද්ධවෙනවා. හැබැයි, මේ හැමදේම වෙනස් වෙන්න ගත්තේ, මුහුදු වෙරලේ පවුලම සතුටෙන් ඉන්න වෙලාවක, ලොකු තෙල් නැවක් මුහුදු වෙරළට ආපු එකෙන්. මේක ලොකු තෙල් නැවක්. මෙහෙම එකක් මුහුදු වෙරළට කඩාගෙන ආවේ කොහොමද?

මෙතනින් පස්සේ සිදුවෙන්නේ, කවුරුවත් බලාපොරොත්තු නොවුනු සිදුවීම්. සියළුම සේවාවන් බිඳවැටෙනවා. දුරකතන, ගමනාගමන, සන්නිවේදන, රූපවාහිණී ඇතුළු සියළුම දේ. මෙහෙම වුනාම, මොකද කරන්නේ? අපේ පොඩි පවුලට මොකක්ද වෙන්න යන්නේ? මේවායෙන් බේරෙන්නේ කොහොමද? ඔන්න චිත්‍රපටිය නරඹන්න හේතු.

Sam Esmail විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ Leave the World Behind (2023). ඇමරිකානු ජාතික නවකතාකරුවෙක් වෙන Rumaan Alam විසින් රචනා කරපු Leave the World Behind නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. Netflix ආයතනය තමයි මේකත් ලොව පුරා බෙදාහැරීමේ වගකීම අරගෙන තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, අපි හැමෝම දන්න Julia Roberts (ඇමන්ඩා), Mahershala Ali (G.H.), Ethan Hawke (ක්ලේ), Farrah Mackenzie (රෝස්), Myha’la (රූත්) ඇතුළු පිරිසක්.

චිත්‍රපටියේ එන මේ කතාව ජීවිතයටත් හරිම වැදගත්….

මේ කතාව මිනිහෙක් ගැන, ගඟ අයිනේ ජීවත් වෙච්ච.
එයාට රේඩියෝවෙන් ඇහෙනවා ගඟ පිටාර ගලලා, නගරය යට වෙනවා,
ඒ නිසා හැමෝම ඉවත්වෙන්න කියලා.
ඒත් මිනිහා කොහේවත් ගියේ නෑ, මොකද එයා හැමදාම යාඥා කලා.
එයා දන්නවා දෙවියෝ එයාට ආදරෙයි, එයාව බේරගන්නවා කියලා.
ඒත් ගඟ ඇත්තටම පිටාර ගැලුවා.
පාරුවකින් ආපු මිනිහෙක්, අපේ කෙනාව දැක්කා,
කිව්වා, “හේයි, එන්න. මම ඔයාව බේරගන්නම්”.
ඒත් මිනිහා එයාට කිව්වා, එයා කොහේවත් යන්නේ නෑ.
ඊටපස්සේ හෙලිකොප්ටරයක් එතනින් ආවා, ගුවන් නියමුවා ඉණිමඟක් පහලට දැම්මා,
ඒත් මිනිහා එයාට කිව්වා, එයා කොහේවත් යන්නේ නෑ කියලා.
ඊටපස්සේ, මිනිහා ගංවතුරට ගිලුණා.
එයා ‍දිව්‍යලෝකෙට ගියා, එයා ඇත්තටම දෙවියෝ එක්ක තරහෙන් හිටියේ.
එයා දෙවියන්ට කිව්වා, “මම හැමදාම යාඥා කලා.”
“මම හිතුවා ඔයා මට ආදරෙයි කියලා. ඇයි මාව ‍බේරගත්තේ නැත්තේ?”
එතකොට දෙවියෝ කිව්වා,
“මම එව්වා ඔයාට රේඩියෝ වාර්තාවක්,
හබල් බෝට්ටුවක්, හෙලිකොප්ටරයක්.
‍තව මොනවාද ඔයාට ඕනේ?”

චිත්‍රපටිය බලද්දී, අවධානය යොමු කරන්න හොඳ දෙයක් කියන්නම්. අපේ පවුල නවතින ගෙදර, උඩ තට්ටුවේ ඇඳ පිටිපස්සේ තියෙන චිත්‍රය. ඒකේ තියෙන මුහුදු රැල්ල දිහා බලන්නකෝ. ඒ වගේම, පහල තට්ටුවේ තියෙන කළු සුදු ඡායාරූපයත් ඒ වගේමයි. වෙනස දැක්කානම්, අපිට කියන්නකෝ…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිලුෂ හේමාල් අලහකෝන් (Zoomlk)
IMDb 6.5 /10 188,675 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Peter Kohn
Director

Cast

Julia Roberts isAmanda Sandford
Amanda Sandford
Mahershala Ali isG.H. Scott
G.H. Scott
Ethan Hawke isClay Sandford
Clay Sandford
Farrah Mackenzie isRose Sandford
Rose Sandford
Charlie Evans isArchie Sandford
Archie Sandford
Alexis Rae Forlenza isDanny's Daughter
Danny's Daughter

Similar titles

Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Masooda (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thallumaala (2022) Sinhala Subtitles
Lunana: A Yak in the Classroom (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Am All Girls (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rurouni Kenshin Part I: Origins (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Biggest Little Farm: The Return (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් හා ටෙලිග්‍රෑම්  ඩවුන්ලෝඩ් කරන්න
PK (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Flintstones (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sleeping Dogs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raid (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published