CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3376 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 14, 2019United States95 Min.
Your rating: 0
5.9 8 votes
Life Like (2019) | ජීවත් වන යන්ත්‍රය… (18+)

ඉතිං මේ ෆිල්ම් එක ගැන කිව්වොත් මේක IMDb අගය 5.4 ක් වගේ අගයක් ලබාගන්න සමත්වුනු Sci-fi /Drama කියන වර්ග වලට අයත් ෆිල්ම් එකක්. ඒ වුනාට ෆිල්ම් එක මැදදි ඔයාලට හිතෙයි මේක Romance වලට දැම්මනම් තමයි වඩාත් හොඳ කියලා. ඉතිං පැය 1 යි මිනිත්තු 35 පමණ ධාවන කාලයක් තියන මේ ෆිල්ම් එක ඒ මුළු කාලය පුරාවටම වෙනස් වෙනස් අමුතු සිද්ධීන් පෙළක් පෙළ ගස්වලා නිර්මාණය කරලා තියෙන විදිය, ෆිල්ම් එක බලන ඔයාලටම බලාගන්න පුළුවන් වෙයි. තව විශේෂ දෙයක් කියන්න තියනවා ඒ තමයි මේ ෆිල්ම් එක R Rated ෆිල්ම් එකක්. ඉතින් එහෙම කිවුව ගමන් දන්නෝ දනිති. නොදන්නන්ට අන්තිමට කියලා දෙන්නම්. Josh Janowicz කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ නළු නිළි පිරිස ගැන කිවුවොත් ප්‍රධාන කාන්තා චරිතය එහෙම නැත්තම් සොෆීට රංගනයෙන් දායක වෙනවා Addison Timlin කියන නිළිය. ඒ වගේම Steven Strait හෙන්රි ලෙසත්, Drew Van Acker ජේම්ස් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

ඉතිං මේකෙ කතාව ගැන කිවුවොත් සොෆී සහ ජේම්ස් කියන්නේ දුප්පත් වුනත් පොඩි ගෙදරක සතුටින් ඉන්න යුවලක්. ඉතිං එහෙම ඉන්න අතරේදී ජෙම්ස්ගේ තාත්තා මිය යනවා. කොහොමහරි තාත්තගේ ඇවෑමෙන් ජේම්ස්ට සුවිසල් මන්දිරයක් සමඟ තාත්තගේ සමාගමේ හිමිකාරීත්වයත් ලැබෙනවා. ඉතිං ජේම්ස්ට කෙසේවෙතත් සොෆීට නම් මේ ජීවිතේ එච්චර අල්ලන්නේ නෑ. ඉතිං පණ්ඩිතකමට හරි අනුකම්පා හිතිලා හරි සොෆී ඒ ගෙදර සේවකයන්ව අවුරුදු දෙකක පඩිත් දීලම රස්සාවෙන් අස් කරලා දාලා ගෙදර බර තනියම කරට ගන්නවා. වැඩේ හිතපු තරම් ලේසි නැති හින්දා මේ දෙන්නගෙම එකඟතාවය ඇතිව ජේම්ස් ජීවමාන රොබෝ කෙනෙක් මිලදී ගන්නවා. ජීවමාන කියන්නේ එසේ මෙසේ එකක් නෙවෙයි.. සොෆී ගෑණු රොබෝ කෙනෙක් ගන්න එක පවා ප්‍රතික්ෂේප කරනවා ඒ රොබෝ එයාට වඩා ලස්සනට පේන නිසා. ඒකෙන්ම තේරෙනවනේ කොහොම ඇතිද කියලා. කොහොමහරි මේ දෙන්නා පිරිමි රොබෝ කෙනෙක් ගෙදර ගේනවා. ඒ තමයි හෙන්රි. ගෙනාපු දවස් වලම හොඳට හිටියත් ටික කාලයක් යද්දී මෙයාගේ හැසිරීම් රටාව වෙනස් වෙනවා.. අපේ බාසාවෙන්ම කිවුවොත් ට්‍රැක් පනිනවා. ඉතින් ඔහොම ගිහින් අලි කෙලියක් වෙලා අන්තිමට මේ රොබෝ ගැන හිතපුවත් නැති දෙයක් හෙළි වෙනවා. ඉතිං ඒ එළිවෙන්නේ මොකක්ද, වෙන්නෙ මොනාද කියලා බලන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.

දැන් මම R Rated කතාවට බහින්නම්, R කිවුවේ Restricted, ඒ කිවුවේ සීමා කර ඇත. එහෙම කරලා තියෙන්නේ ඒ චිත්‍රපටියේ තියෙන අන්තර්ගතය හෝ වාග්මාලාව පොඩි ළමයින්ට නුසුදුසු නිසා. එතකොට R එකේ සීමාව මොකක්ද? R Rated කියලා තියෙන ෆිල්ම් බලන්න කියලා තියෙන්නේ 17 න් පහළ අයට දෙමවුපියෙක් හෝ වැඩිහියෙක් එක්ක. එතකොට අපේ ෆිල්ම් එකත් R Rated එකක්නේ. ඒකත් දෙමවුපියෙක් එක්ක හරි වැඩිහිටියෙක් එක්ක හරි බලන්න පුළුවන්ද? අනේ මන්දා ඒකනම්. ගෙදර ඇර වෙන කෑමබීම, නවාතැන් එහෙම ලැබෙන තැනක් තියනවා නම් බැලුවට කමක් නෑ.😂 මං වගේ ගෙදරින්ම යැපෙන කෙනෙක් නම්, දිගටම ගෙදර ඉන්න ඕන නම්, මම කියන්නේ බලන්න එපා කියලා. කොහොමත් ලංකාවට R Rated කියන එකේ තේරුම එච්චර ගැළපෙන්නේ නෑ. ඒ හින්දා මේක දහඅටට වැඩි අය විතරක්ම බලන්න කියලා මම කියනවා.

Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගීත් මිහිර සත්සර (Baiscopelk)
IMDb 5.4 /10 3,512 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Kid Who Would Be King (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My True Fairytale (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Jazzman’s Blues (2022) Sinhala Subtitles |18+
Birds of Prey (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Widow (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max Steel (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Greta (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Usual Suspects (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fallen (1998)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published