CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4737 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි | සිංහල උපසිරැසි සම

Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි | සිංහල උපසිරැසි සම

Mar. 10, 2017India137 Min.
Your rating: 0
9.5 2 votes

(Maanagaram (2017) Sinhala Sub , Maanagaram (2017) Sinhala Subtitle , Maanagaram (2017) Sinhala Subtitles)

IMDB මීටරේ 8.2 ක අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නෙ 2017 මාර්තු මාසෙ. ටිකක් විතර පරණ නිසා සමහරවිට ඔයාල බලලත් ඇති. මේ චිත්‍රපටය Lokesh Kanagaraj අධ්‍යක්ෂකවරයාගේ දෙවෙනි එක, තිර රචනයත් එයාම තමයි කරල තියෙන්නේ. ඉන්දියානු රු. මිලියන 50ක බරපැනක් දරල තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරල තියෙන්නෙ. සංගීත අධ්‍යක්ෂණය Javed Riaz ගෙන් Lokesh Kanagaraj ගෙ පලවෙනි ෆිල්ම් එකෙත් (Aviyal – මේක අධ්‍යක්ෂකවරු 6 දෙනෙක් එකතු වෙලා කරපු එකක්) සංගීත අධ්‍යක්ෂණය මෙයා තමයි කරල තියෙන්නේ. රංගනයෙන් දායක වෙන්නේ Sri, Sundeep Kishan, Regina Cassandra යන අය, හැබැයි ෆිල්ම් එකේ කොහෙවත් මෙයාලගෙ නමක්නං කියවෙන්නෙ නෑ. නම් නොකියා කතාව කියන්න පොඩ්ඩක් අමාරු නිසා ඇත්ත නම් දාලා කතාව ටිකක් කියන්නං.

තිරුච්චි සිට චෙන්නායි දක්වා රැකියාවක් සොයා පැමිණෙන උපාධිධාරී තරුණයෙක් (Sri), චෙන්නායි නගරයේ රස්තියාදු ගසමින් සිටින තවත් දඩබ්බර තරුණයෙක් (Sundeep Kishan), එහිම පුද්ගලික සමාගමක මානව සම්පත් කළමණාකාරිනියක් ලෙස සේවය කරන සුන්දර තරුණියක් (Regina Cassandra), රියදුරු රැකියාවක් සොයාගෙන චෙන්නායි පැමිණෙන මැදි වියේ පුද්ගලයෙක්, ගමනාගමන සේවයක් පවත්වාගෙන යන මැරයෙක් (P.K.P), මේ තමයි කතාවෙ ප්‍රධාන වශයෙන් ඉන්න කට්ටිය.

ෆිල්ම් එකේ තියෙන්නේ දවස් 2ක් තුළ එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැතිව සිද්ධවෙන සිද්ධීන් සමූහයක් අවසානයේ එක තැනකින් අවසන් වෙන කතාවක්. තිරුච්චි ඉදල රස්සාවක් හොයාගෙන එන තරුණයට චෙන්නායි වල පුද්ගලික සමාගමක රස්සාවක් හම්බෙනවා, රස්සාවට බදවගන්නෙ කලින් කියපු HR මැනේජර් (Regina). හැබැයි එදාම රෑම මැරයො ටිකක් එයාට ගහල එයාගෙ අධ්‍යාපන සහතික ටික තියෙන බෑග් එක අරන් යනවා..ඒකට හේතුව වෙන්නේ නම් හැබැයි Sundeep. සහතික ටික පහුවදා ඔෆිස් එකට බාරදෙන්න තියෙන නිසා Sri ට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ අතරෙදි Sundeep දාගන්න අවුලක් නිසා එයාට නගරය අතෑරල යන්න වෙන තත්වයකුත් ඇති වෙනවා. වැරදීමකින් මැරයො ටිකක් P.K.P ගෙ දරුවවත් පැහැරගන්නවා. රියදුරු රස්සාවක් හොයාගෙන එන කෙනාට පදවන්න ලැබෙන්නෙත් P.K.P ට අයත් වාහනයක්..දරුවව පැහැරගන්න හින්ද මේ හැමෝටම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කට්ටිය මේ කතාවට ප්‍රවේශ වෙන්නේ….ඔය අතරෙ තවත් ලස්සන සිදුවිම් කීපයක් වෙනවා. මිට වැඩියනං කියන්න තේරෙන්නෙත් නෑ. ඒ නිසා මේ හැමෝම අවසානෙදි එක තැනකට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල ඔයාල ෆිල්ම් එකෙන්ම බලාගන්න.

 

Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි | සිංහල උපසිරැසි සම
Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි | සිංහල උපසිරැසි සම
Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි | සිංහල උපසිරැසි සම
Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි | සිංහල උපසිරැසි සම
Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි | සිංහල උපසිරැසි සම
Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි | සිංහල උපසිරැසි සම
Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි | සිංහල උපසිරැසි සම
Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි | සිංහල උපසිරැසි සම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ආරියරත්න (Baiscopelk) (N/A)
IMDb 8.1 /10 5,950 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Kung Fu Panda 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dark Tower (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Retro (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uncharted (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Red Notice (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Parasite (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outside (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Zone (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Cover (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pain & Gain (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Imaginary (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published