CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1800 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Marrowbone (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Marrowbone (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 27, 2017Spain111 Min.
Your rating: 0
8.1 14 votes
Marrowbone (2017) | දෙලොවක් අතර ජීවිතය…

2017 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා ටොරන්ටෝ සිනමා උළෙලේ දී මුලින්ම ප්‍රදර්ශය වුන මේ සලරුව 2017 වසරේ ඔක්තෝබර් 11 වැනිදා තමයි ප්‍රංශයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වෙන්නෙ. ඒකත් සීමිත ප්‍රදර්ශනය කිරීමක් හැටියට සීමිත සිනමා ශාලා ගණනක. ඒ සිනමා ශාලා 7 ක දින 14 ක කාලයක් පුරාවට. මේ කාලය පුරාවට මේ අපූරු සිනමා නිර්මාණය ඩොලර් මිලියන 11.2 ක මුදලක් උපයා ගන්න සමත් වෙලා තියනව, ලේසි නැහැ නෙව සිනමා ශාලා 7 කින් මෙහෙම ගණනක් උපාය ගන්න එක. මින් පෙර The Orphanage (2007), The Impossible (2012), Palm Trees in the Snow (2015) වැනි ප්‍රසිද්ධ නිර්මාණ වෙනුවෙන් පිටපත් රචනය කල Sergio G. Sánchez ගේ කුළුදුල් අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙහි පිටපතත් ඔහුගේමයි. තිරයේ දකින මුහුණු වෙන්නෙ George MacKay (Captain Fantastic , Pride), Anya Taylor-Joy (Morgan, Split), Charlie Heaton (Stranger Things ටෙලි කතා මාලාව), Mia Goth (Everest, Nymphomaniac: Vol. II), Matthew Stagg වගේ නවක නමුත් දක්ෂ නළු නිලි පිරිසක්.

IMDB මීටරයේ 6.6 ක අගයක් ලබාගෙන ඇති මේ නිර්මාණයට රෝටන් ටෝමාටෝ 43% ක අගයකුත් ලබාගෙන තිබෙනවා. පැය 1 කුත් මිනිත්තු 50 පුරා දිව යන මේ නිර්මාණය Drama, Horror, Thriller යන කාණ්ඩයන් තමයි නියෝජනය කරන්නේ.

කතාව මෙහෙමයි, ජැක්, බිලී, ජේන්, සෑම් කියන්නෙ එක පවුලක සහෝදර සහෝදරියන්. මොවුන් එංගලන්තයේ ඉදල ඇමරිකාව බලා රහසේ පැන එන්නට භයානක හේතුවක් තියනව. මොවුන් මේ එන්නෙ තමුන්ගේ මවගේ පිය උරුමයෙන් ලද නිවහනට. අතීතය අමතක කිරීමේ අරමුණෙන් ඇමරිකාව බලා පැමිණි මේ පවුලට බොහොම සතුටු දායක ගිම්හානයක් තමයි වෙරළ ආසන්න මේ පැරණි නිවහනේ ගත කරන්නට ලැබෙන්නෙ. ඔවුන් ඇලී නම් තරුණියක් සමඟත් මිතුරු වෙනව. ඉතින් මේ සුන්දර ජිවිතයට කළු වලාකුලක් හමා එන්නේ ගමනේ වෙහෙසත් එකක් මව රෝගාතුරව මියයාමත් එකක්. කිසිදු දරුවෙක් තවමත් වයස අවුරුදු 21 ඉක්මවා ගිහින් නැහැ, ඉතින්බ ලධාරීන්ගේ ඇස ගැටුනොත් මොවුන් බෙදා වෙන් කිරීම සහතිකයි, ඉතින් මරණ මංචකයේ ඉන්න අම්ම මොවුන්ගෙන් පොරොන්දුවක් ගන්නව හැමදාම එකට ඉන්න ලෙස, ඒ වෙනුවෙන් වැඩිමහලු පුතා ජැක් වාසය අවුරුදු 21 සපිරෙන්න ඔන්න මෙන්න තියන එකේ එතෙක් සැගවිලා ඉන්නා ලෙස. ඉතින් පිටත ලෝකය එකක් තියන සියලුම සම්බන්ධකම් අත්හැර දමන මේ දරුවන් මේ විශාල වතුයායේ නිවසට වී සැගවී කාලය ගත කරනව…. නමුත් ඔවුන්ගේ ජීවිතය පෙරමෙන් සාමකාමී එකක් නම් වෙන්නේ නැහැ. ඒ අට්ටාලයේ සිටින හොල්මනක් නිසාවෙන්…. ඔවුනට සිදු වෙනව අට්ටාලය මුද්‍රා තියන්න, ගෙදර සියලුම කණ්නාඩි ආවරණය කරන්නට (මේ කරණය බොහොම වැදගත්)… ඒ හොල්මන එක තැනක කොටුකර තැබීමට…

නමුත් ඔවුන්ගේ කරදර එපමණක් නෙමෙයි… මවගේ මියයාම එක්ක ඔවුන් හැරදා පැමිණි රහසක් ඔවුන් පසුපස නැවතත් පැමිණෙනවා. ඒ වගේම ඔවුනට සිදු වෙනවා මවගේ මරණය ජැක්ගේ වයස සම්පුර්ණ වනතෙක් රහසක් හැටියට තබා ගැනීමට, මේකට නීතිඥයෙක් බොහොම අකුල් හෙලන බවත් ඔබට පෙනෙයි, ඒ ඔහුට වෙනත් යටි අරමුණක් ඇති නිසාවෙන්… මේ අතර ඇලී මෝස් පණිවුඩයක තරම් දුරකට ඈත් වෙනව පවුලේ දරුවන්ගෙන්… පිටතට යාමට හැක්කේ ජැක් හට පමණයි… රහස් ගොඩක් බිත්ති හතරක සිර කරගෙන ගෙවන මේ ජීවිතය ලෙහෙසි එකක් නම් නෙමෙයි, මේ රහස් සියල්ල ඔබට දැකගත හැකි වේවි අපුරුවට… ඒ වගේමයි මෙහි අවසානය බොහොම නොසිතුවක් වනවාට කිසිම සැකයක් නැහැ.

නමුත් ඒ නොසිතූ අවසානය බොහොම ලස්සන එකක් වෙන්නෙ මේ නිර්මාණය බොහොම භයානක සිනමා නිර්මාණ යොදාගන්නා Jamp Scares වැනි බාල ක්‍රම භාවිතා නොකර කතාවේ ගුප්ත බව හා කතාවේ ගුණාත්මක බව තුල කැටි කරගත් රහස් තුලින් ඔබගේ හිතට ඇතුල් වීමට වෙර දරන නිසාවෙන්. අනික මෙහි සංගීතය භයානක චිත්‍රපටයක් වෙනුවෙන් නිර්මාණය කල එකක් යැයි ඔබ හිතන එකක් නැහැ ඒ බොහොම වෙලාවට ඒ සංගීතය ඩිස්නි සමාගමේ ලස්සන ළමා කතාවක වගෙයි, ඒකටත් හේතුවක් තියන බව අමතක කරන්න එපා… ඒ වගේම කලින් මතක් කළා වගේ කණ්නාඩි ආවරණය, පෝස්ටරයේ බිදුණු කණ්නාඩියක් යොදා ගැනීම මේ සියල්ලේම සැගවුන අරමුණු තිබෙන බව අවසාන වශයෙන් ඔබට කියන්නම්. ඉඩක් තියේ නම් මේ නිර්මාණය ඉඩක් දෙන්න බොහොම ලස්සන අත්දැකීමක් වේවි… හිතට වදින ලස්සන කතාවක්…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමීර කරුණාරත්න (Baiscopelk)
IMDb 6.7 /10 39,633 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

George MacKay isJack Marrowbone
Jack Marrowbone
Charlie Heaton isBilly Marrowbone
Billy Marrowbone
Mia Goth isJane Marrowbone
Jane Marrowbone
Matthew Stagg isSam Marrowbone
Sam Marrowbone
Nicola Harrison isRose Marrowbone
Rose Marrowbone
Kyle Soller isTom Porter
Tom Porter
Tom Fisher isSimon Fairbairn
Simon Fairbairn

Similar titles

Big Stan (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightbooks (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hannibal (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Proposal (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Name Is Vendetta (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Me Before You (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mickey 17 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skyscraper (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anatomy of a Fall (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published