CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2450 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Mathu Vadalara (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mathu Vadalara (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 25, 2019India130 Min.
Your rating: 0
9.3 3 votes
Mathu Vadalara (2019) | මත් වෙන්නෙපා…

අලුත් අධ්‍යන්ෂක වරයෙක්. අලුත් මූණු ටිකක්. වෙනස්ම කතාවක්. පට්ට කතාවක්. සුපිරිම රඟපෑමක්. සුපිරිම මියුසික් ටිකක්. සුපිරිම කැමරාකරණයක්. අන්තිම වෙනකන් ඔලුව විකාර කරගෙන බලන්න පුලුවන් කතාවක්. මේ මම ගෙනාවේ එහෙම එකක්. 2019 අවුරුද්දේ සාර්තකව තිරගත වුන Mathu Vadalara චිත්‍රපටිය සාමාන්‍යයෙන් එන තෙලුඟු චිත්‍රපටි වල වඩා 100%ක්ම වෙනස්. ගොඩක් අය තෙලුඟු බලනවා. මම නම් වැඩිය නෑ. තෝරගත්ත ටිකක් විතරයි බලන්නේ. මේකත් එහෙම එකක්. IMBD අගය 8.4 ක් වගේ ලේසියෙන් තෙලුඟු එකකට නොලැබෙන අගයක් ලැබිලා තියෙනවා. ගූගල් රෙටින් 97%ක්. ඉතින් අලුත් අධ්‍යක්ෂක කෙනෙක්ගෙ නිර්මාණයකට මෙචච්චර හොඳ රෙටින් කියන්නේ කතාව ගැන කියන්න දෙයක් නෑනෙ.

කතාව ගැන ‍‍කියන එක නම් තේරුමක් නෑ. මොකද මේක මුල ඉඳන්ම හොඳට රස විඳින්න පුලුවන්. ටික‍ වෙලාවක් යද්දී මොනවා වෙනවද කියලා හිතාගන්න බැරි වෙයි. ප්‍රධාන චරිතේ බාබු. ඩිලිවරි බෝයි කෙනෙක්. එයා යාලුවෝ දෙන්නෙක් එක්ක කාමරයක් අරගෙන ‍ටවුන් එනේ ඉන්නේ. මෙයා ඉතිං කුණු පඩියකට වැඩ කරන්නේ. පඩිය කීයද කියලා ලියන්නත් ලැජ්ජයි. මෙයාට මේක එපා වෙලා ජොබ් එක දාලා යන්න හදද්දී මෙයා එක්ක ඉන්න කල්යාණ මිත්‍රයා පොඩි ක්‍රමයක් කියලා දෙනවා සල්ලි ‍ටිකක් හොයාගන්න. ඒකත් මොකක්ද කියලා බලන්න. මේ ක්‍රමේ අත්හදා බලන්න ගිහින් තමයි වැඩේ වණ වෙන්නේ. පට්ටම කතාවක් එතනින් පටන් ගන්නවා. ඉවර වෙනකන් අපිව අවුල් ජාලයකට ගෙනියනවා හිතාගන්න බැරි වෙන්න.

Drama/Mystery ගොඩට වැටෙන මේ කතාව බොරුව, හොරකම, මත්ද්‍රව්‍ය ජවාරම, මිනීමැරුම් වගේ ලොකු ලොකු දේවල් ටිකක් ‍එක්ක තමයි ඇදීගෙන යන්නේ. පට්ටම විහිලු කේස් ටිකක් ‍එක්ක ඒවට හරියන මියුසික් ටිකකුත් පැත්තකින් දෙනවා. පෞද්ගලිකව මට නම් “හූවක්” දෙන මියුසික් එකක් තියෙනවා ඒක ඇල්ලුවා ඇඟට. ඔයාලත් බලන්න. විකාර සිංදු මොකුත්ම නෑ. කතාවයි ත්‍රිලර් එකයි විතරයි. ඒ වගේම මේකේ සාමාන්‍ය තෙලිඟු කතා වලට රිදෙන්න ‍පාරක් දෙනවා. ඒකත් බලන්නකො.

Mathu Vadalara (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mathu Vadalara (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රංග ප්‍රසන්න (Baiscopelk)
IMDb 8.2 /10 4,252 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ritesh Rana
Director

Cast

Similar titles

Vicky Vidya Ka Woh Wala Video (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
18 Pages (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superboys of Malegaon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Roundup: No Way Out (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Absolution (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Silent Hour (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Useless Humans (2020) Sinhala Subtitles
High Quality – Valimai (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Professor (2018) Sinhala Subtitles | “මහාචාර්යවරයා” | සිංහල උපසිරැසි සමඟ
Garudan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Major (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published