CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Mean Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageMean Girls (2024) | නපුරු කෙල්ලෝ නැවත ඇවිත්
මේක තමයි Mean Girls අලුත් චිත්‍රපටය. මේක ඇවිල්ලා Mean Girls 2004 චිත්‍රපටයේ Remake එකක්. මේක Musical Comedy film එකක්. මේකට පාදක කරගෙන තියෙන්නේ Mean Girls 2004 film එක සහා Mean Girls Broadway Musical එකයි. පරණ චිත්‍රපටය හදලා අවුරුදු 20 කට පස්සේ තමයි මේ Remake එක ආවේ. Mean Girls 2004 චිත්‍රපටයටත් මම මීට පෙර සිංහල උපසිරැසි කරලා තියනවා. බලපු නැති කට්ටිය ගිහින් ඒකත් අනිවා බලන්න කියලා ආරාධනා කරනවා.
ඉතින් මේ අලුත් චිත්‍රපටය ගැන කතා කරනවා නම්, මේක චිත්‍රපට ශාලා සඳහා නිකුත් කලේ 2024 ජනවාරි 8 වනදා Paramount pictures විසිනුයි. චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් නිකුත් කලේ 2024 පෙබරවාරි 20 දිනයි. ඉතින් ඔන්න මම උණු උණුවෙම සබ් එක අරන් ආවා.
ඇමරිකානු ඩොලර් මිලියන 36 ක වියදමකින් නිපදවන ලද මෙය දැනට ඇමරිකානු ඩොලර් මිලියන 102 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගෙන තියනවා. Comedy, Musical යන ශානර වලට අයත් මෙය දැනට IMDB මීටරය 6.1 ක අගයකුත් කුණු තක්කලි මීටරේ දැනට 70% ක් හා 62% ක Audience score එකකුත් අරගන්න සමත් වෙලා තියනවා. මෙහි තිර රචනය කරලා තියෙන්නේ පරණ චිත්‍රපටයේ තිර රචක නෝනාම තමයි. නිෂ්පාදනයත් කලින් එකේ කෙනාම තමයි. නමුත් අධ්‍යක්ෂවරු නම් වෙනස්. මේකෙ තිර රචනය කරලා තියෙන්නේ “මිස් නෝබරි” යන චරිතයෙන් අපිට මෙහි හම්බෙන Tina Fey නෝනා. පරණ එකෙත් මිස් නෝබරි ලෙස රඟපාන්නෙත් මෙයාම තමයි. ඉතින් කලින් චිත්‍රපටයේ විදුහල්පති ලෙස ඉන්න “මිස්ටර් ඩුවාල්” (Tim Meadows) මේකෙදිත් හොද ආතල් එකක් දෙනවා. සෙසු ප්‍රධාන චරිත නම් පරණ එකේම අය නෙවෙයි ඉන්නේ. ඒත් ප්‍රසිද්ධ සුරූපී නිලියෝ සහ ගායිකාවෝ ටිකක් තමයි මේපාර මේකෙ රඟපාන්නේ.
ඉතින් ලස්සන කෙලි පැටික්කියෝ සෙට් එකක් ඉන්නවා මේකත් සුපුරුදු පරිදි ම. මේක Remake එකක් නිසා පරණ කතාවේ සුලු වෙනස් කම් ටිකක් ඇතුව තමයි අලුත් එක හදලා තියෙන්නෙ. අද කාලේ Teenage වයිබ් එකට සෙට් වෙන විදියට වෙනස්කම් ගොඩක් මේකට එකතු කරලා තියනවා. කැපී පේන ප්‍රධාන දේ තමයි කලින් එකේ නොතිබූ ලෙස සංගීතමය පැත්තට මේ චිත්‍රපටය බරයි. කොටින්ම කිව්වොත් මේක Musical film එකක්. මේක හදන්න පාදක කරගෙන තියෙන්නේ Mean Girls Broadway Musical එකයි. මේක ඇවිල්ලා සංගීතමය චිත්‍රපටයක්. ඒ නිසා මේක ලස්සන සිංදු සෙට් එකක් එහෙම තියනවා. තවත් විෂේශ දෙයක් තමයි Mean Girls 2004 චිත්‍රපටයේ කේඩි යන ප්‍රධාන චරිතය රඟපාපු සුරෑපී නිලි Lindsay lohan, මෙම අලුත් චිත්‍රපටයට cameo එකක් ලෙස එකතු වෙනවා. චිත්‍රපටයේ අවසාන හරියේ තියන ගණිත තරඟය මෙහෙයවන්නේ එයා තමයි.
ඉතින් කතාව ගැන කියනවානම් කෙල්ලන්ගේ තියන දුෂ්ටකම් ගැන තමයි කියවෙන්නෙ. කේඩි කියන්නේ කෙන්යාවේ ඉදලා අලුතෙන් මේ හයි ස්කූල් එකට එන ලස්සන කෙල්ලෙක්. ඉතින් මේ කෙල්ල කලින් ඉස්කෝලෙකට ගිහිනුත් නෑ. ගෙදර ඉදන් තමයි එයා ඉගෙනගෙන තියෙන්නෙ (Home schooling). ඉතින් අලුතෙන් High school එකට එන මේ කේඩිට මූණ දෙන්න වෙන ආතල් සිද්ධිය දාමයක් වටා තමයි මේ චිත්‍රපටය ගෙතෙන්නේ.
High school වල සිද්ද වෙන ආතල් රැසක් මේ චිත්‍රපටයෙන් පෙන්නනවා. මේක musical පැත්තට බර Remake එකක් නිසාදෝ මන්දා පරණ එකේ තරම්ම OG vibe එකක් නැද්දෝ කියලා මට පෞද්ගලිකව හිතෙනවා. ඒත් මේකෙත් හොද ආතල් ටිකක් තියනවා අද කාලෙට ගැලපෙන්න. මේක Teenage film එකක් නිසා කතා කරන වචන එහෙම ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද.. ඒ නිසා ගෙදර අය එක්ක පවුලේ සැම එකට සිට බලන්නෙ නැතුව හිටියොත් තමා හොද. කම්මැලි නැතුව ආතල් එකේ බලන්න පුළුවන් ලස්සන සලරුවක් මේක. පරණ Film දෙක බලපු අය දන්නවා ඇතිනේ මේ Mean Girls වල වයිබ් එක කොහොමද කියලා. ඔන්න ඉතින් අද කාලෙට ගැලපෙන්න පරණ වයිබ් එක අලුත් කරන්න මේක හදපු අය උත්සාහ කරලා තියනවා. ඉතින් හැමෝටම මේ ලස්සන සලරුව බලලා රසවිඳින්න කියලා ආරාධනා කරනවා. Mean Girls 2004 චිත්‍රපටයත් බලන්න කියලා ආරාධනා කරනවා. මොකද ඒක නම් පට්ට.
- Mean Girls (2004)
- Mean Girls (2024)











